එකෙකු මොර දෙයි අනික වැළපෙයි දෙස් දෙවෝලයක් කුස්සියෙන් එයි
සාලේ මැද යුද්දයක් යනකොට බුරු ඇද මත මම වැටෙයි
කන්න නැ බෝල බොන්න නැ බෝල ගැනිගෙන් සංදේශයක් එයි
පැන ඉවරයි පොතුත් ඉවරයි ලොක්කාගෙන් අඩියාව එයි
ඊයේ රෑටත් රොටි විතරයි බඩගින්නේ මට ඉන්න බැ
කුකුල් කකුලක් මාළු පෙත්තක් දැකපු කාලයක් මතක නැ
ඇද රටවත් කන්න නොදුන්නොත් හෙට ඉස්කෝලේ යන්නේ නැ
එකෙක් මොර දෙයි මක් කොරන්නද මගේ අතේ සත පහක් නැ
ලිප්ටික් ඉවරයි kiyuteks ඉවරයි කොන්ඩේ ඩයි කරන්නත් ඕනෑ
ලොකුවට පේන්න ලොකු මුණක් ඇති පෝං එකක් අරගෙන ඕනෑ
පයින් යන්න බැ කකුල් රිදෙනවා ට්රිවිල් hire එකත් ඕනෑ
කෙල්ලගේ සුකුරුත්තන් ටික ගේන්න මායා බලයක් මට ඕනෑ
අයියා ගැහුවා කනින් ඇද්දා පොඩි එක චුරු චුරු ගායි
සල්ලි දීපිය පොලිය එක්කම එකෙක් දොරකොඩ මොර ගායි
සිනි ඉවරයි පොලුත් ඉවරයි ගැනිගෙන් බර බරේ එයි
පොඩි එකී හොටු පෙරන් ඇවිදින් සරම මත මගේ චු දමයි
බදින කොටනම් කිව්වේ කොහොමද අම්මපා මේ ගැනිගේ
හොම්බ මත හැට හුට හමාරක් පතබාන්නට මට සිතේ
ළමයි sat එකේ කරච්චලය මට දැන්නම් හොදටම ඇති වගේ
මක් කොරන්නද මුට බැනල වරද තනිකර මගේ අතේ
වැස්ස දවසට සිත දවසට රාග සිතුවිලි ඇවිස්සෙ
මේක හිතුනම හින් දාඩිය කන් දෙපැත්තෙන් පෙරන්නේ
ඊයේ රෑටත් හිටු කියල වැස්සක් වැටුණු බව මතක් වේ
තවත් වසරකින් තවත් පැටියෙක් ගේ අස්සේ හු තියන්නේ






මක් කොරන්නද මුට බැනල වරද තනිකර මගේ අතේ
වැස්ස දවසට සිත දවසට රාග සිතුවිලි ඇවිස්සෙ
මේක හිතුනම හින් දාඩිය කන් දෙපැත්තෙන් පෙරන්නේ
ඊයේ රෑටත් හිටු කියල වැස්සක් වැටුණු බව මතක් වේ
තවත් වසරකින් තවත් පැටියෙක් ගේ අස්සේ හු තියන්නේ






Last edited:



