අනේ මන්දා අයියේ සමහර උන්ට කොච්චර කියලා දුන්නත් ප්‍රෝග්‍රැමිං බෑනෙහ්? මට තිත්ත වෙලා තියෙන්නෙ මේ ටිකේ අපේ නෑදෑ වෙන ගවර්මන්ට් කැම්පස් එකක සෙකන්ඩ් ඉයර් එකේ කෙල්ලෙක්ට ජාවා ප්‍රෝග්‍රැමිං කියලා දෙන්න ගිහින්.කියල දුන්නම තේරුම් ගන්නවා හැබැයි තනියම හිතලා ගහන්න දුන්නම * පැටන් එකක්වත් පොඩ්ඩක් වෙනස් කරලා දුන්නම ගහගන්න බෑ.හැබැයි ෆස්ට් ඉයර් එකේ ප්‍රෝග්‍රැමිං සබ්ජෙක්ට් හොදට පාස්.කොහොම පාස් උනාද කියලා දෙයියො තමයි දන්නෙ.
සමහරවිට මම කියලා දෙන විදිහ අවුල්ද දන්නෙත් නෑ.මට ඔය උගන්නන එක වැඩිය සෙට් වැඩකුත් නෙවෙයි.අනික මේකි ප්‍රෝග්‍රැමිං වල තියරි ඔක්කොමත් දන්නවා.ලූප් , ඇරේ ඔක්කොම හැබැයි ප්‍රැක්ටිකල් කෝඩ් එකක් ගහන්න දුන්නම බෑ? මම යූටියුබ් ජාවා ටියුටෝරියල් එකක් සෙට් කරලා දීලා ශේප් වෙන්න බැලුවා ඒත් වැඩක් නෑ ඒ හැම එකකම ඔය බේසික් තියරි ටිකයි එක්සාම්පල් ටිකයිනෙ කරන්නෙ.ඒවා මේකි කටපාඩමෙන් කියන්නම දන්නවා. එහෙම ප්‍රැක්ටිකල් කෝඩ් කරන්න කියලා දෙන්න විදිහක් තියනවද බ්‍රෝ ?මට එහෙම කරන විදිහ කියලා දෙන්න තේරෙන්නෑ. මම මොකක් හරි ප්‍රශ්නයක් අරං ඒක මම කෝඩ් කරන හැටි පෙන්නනවා විස්තර කරලා එතනින් එහාට ඒකිට ප්‍රැක්ටිකල් හිතන විදිහ කියලා දෙන්න විදිහක් මම නං දන්නෑ

මේකෙ ප්‍රෝග්‍රැමිං කාපර් කෙනෙක් එහෙම ප්‍රැක්ටිකල් හිතලා කෝඩ් කරන්න වෙන එකෙක්ට කියලා දෙන්න විදිහක් දන්නවනං කියහල්ලකො ලොකු උදව්වක්