More Corona virus cases reported in Sri Lanka

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    News 1st
    @NewsfirstSL
    ·
    23s
    Update: කොරෝනා වෛසරය ආසාදන වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හෙනයා;25212457 said:
    News 1st
    @NewsfirstSL
    ·
    23s
    Update: කොරෝනා වෛසරය ආසාදන වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්


    :sorry::sorry::sorry::sorry:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසයට වැලදී සිටි බවට අද දිනයේදී හඳුනාගනු ලැබූ 44 හැවිරිදි පුද්ගලයා ඊට පෙර එම වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ පුද්ගලයා සමග දඹුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක එකට නවාතැන් ගෙන සිට ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.



    සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ දෙවන රෝගියාට එම වෛරසය පළමුව වාර්තාවූ පුද්ගලයාගෙන් වැළදෙන්නට ඇති බවට විශ්වාස කරන බවයි.
    කොරෝනා වෛරසයට වැලදී ඇති බවට හඳුනාගත් දෙවන රෝගීයා ද සංචාරක මගපෙන්වන්නෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.
    මේ වන විට එම පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින් සහ ඔහු ආගිය ස්ථාන සම්බන්ධයෙන් විස්තර ලබා ගනිමින් සිටින බවටද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.


    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් නිරන්තරයෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට ජනතාව පෙළඹිය යුතු බවටද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    අවුලක් නෑ ඇල්කහෝල් වලට වයිරස් එක මැරෙනවලුනේ පාටි දාන ඒකත් quarantine එකේම කොටසක් :yes::cool::D

    බොන ඇල්කොහොල් වල මැරෙන් නෑ බන්. අර විශබීජ නාශක ඇල්කොහොල් වලට මැරෙන්නෙ :sorry:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වර්තමානයේ දී ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වී ඇති කොරෝනා වෛරසය, මුදල් නෝට්ටු ස්පර්ශ කිරීම මගින් පැතිරී යාමේ හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    මේ පිළිබඳව අනාවරණය කරමින්, අපිරිසිදු මුදල් නෝට්ටු හරහා කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූ බව The Telegraph පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටී.

    “මුදල් නෝට්ටු යනු නිරන්තරයෙන් අතින් අත හුවමාරු වන දෙයක්. එය සෑම වර්ගයකම බැක්ටීරියා හා වෛරසවලට නිරාවණය වෙනවා. මුදල් නෝට්ටු ස්පර්ශ කිරීමෙන් පසු තම මුහුණ ඇල්ලීමෙන් වළකින ලෙස අප ජනතාවට කියනවා“, යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු The Telegraph වෙත පවසා තිබේ.

    මේ අතර අද (11) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති “2020 - ඩිජිටල් ගනුදෙනු වර්ෂය“ ලෙස නම් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

    “කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ වර්තමාන ගෝලීය පසුබිම තුළ මුදල් නෝට්ටු හරහා වෛරසය පැතිරී යාමේ හැකියාවක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන තිබෙනවා. මෙහිදී ඩිජිටල් ගනුදෙනු ක්‍රම භාවිත කිරීම මගින් මුදල් නෝට්ටු භාවිතය අවම කළ හැකියි“, යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පැවසීය.

    මේ අතර දකුණූ කොරියානු මහ බැංකුව පවසන්නේ, දේශීය බැංකුවලින් තමන් වෙත ලැබෙන සියලූම මුදල් නෝට්ටු, දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා රඳවා තබා ගනු ලබන බවයි. වෛරස දින 9 ක් තුළ දී විනාශ වී යන බැවින් එසේ සිදුකරන බව දකුණු කොරියානු මහ බැංකුව පවසයි. මෙහිදී මුදල් නෝට්ටු තත්ත්පර 2 ත් 3ත් අතර කාලයක් සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයක තබා පසුව ඒවා සෙල්සියස් අංශක 42 ක උෂ්ණත්වයක ගබඩා කිරීමෙන් අනතුරුව ඇසුරුම් කරන බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් සඳහා රටට ඇතුලත් කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා.
    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා මෙම පියවර ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටියේ.
    දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත අවසන් ගුවන් යානය හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
    කෙසේ වුවත් මෙම තහනම අද සිට ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හෙට සිට සති දෙකක කාලයක් සඳහා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වසා තැබීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉදිරි සති දෙකක කාලයක් තුලදී කණ්ඩායම් වශයෙන් ඒකරාශිවිමෙන් වළකින්නැයි මහජනතාව ගෙන් රජය අද ඉල්ලීමක් සිදුකරනු ලැබුවා. ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව සඳහන් කර සිටියා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශය‍ට පත් කරමින් කල අවධාරනය සැලකිල්ලට ගනිමින් එම තත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.
    මෙම තීරණය ගණු ලැබූයේ ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය ලබා දීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ප්‍රජාවගේ දේශිය හා විදේශිය සංචරන තත්වයන් සීමා කිරීම සිදු කල යුතු බැවිනි.



    කොරෝනා වෛරසය ව්‍යාප්ත ව ඇති ඇතැම් රටවල් විසින් එම රටවල් වලට ඇතුළු වීම සීමා කිරීමට ගෙන ඇති තීරණය‍ට සහයෝගය දීමක් වශයෙන්ද මෙම තීරණ වලට එළැඹුණු බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කලේ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මහ මැතිවරණය පැවැත්වීමට නම් සියලු පුරවැසියන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව සිටිය යුතු බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා.



    කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ල ගනිමින් අප්‍රේල් මස 25 වැනිදා දක්වා මහජනතාව රැස්වන රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇති බව දන්වා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (13) පැවසීය.


    ජනතාව කෙරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇති බවයි සභාපතිවරයා සඳහන් කර සිටියා. රජයෙන් ලබාදෙන වෛද්‍ය උපදෙස් අනුව මෙහිදී ක්‍රියා කිරීම වැදගත් බවයි ඔහු කියා සිටියේ.
    කොරෝනා වෛරසය මැඩලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන් යන වැඩපිළිවෙලට සහය පළකිරීමක් වශයෙන් ඉදිරි සති දෙකක කාලයක් යන තුරු මැතිවරණ ප්‍රචාරක රැළි නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ මේ වන විටත් කැමැත්ත පළකර ඇති බවත් අනෙක් දේශපාලන පක්ෂ සමග ද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරනා බවයි මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.


    ඇතැම් ජනමාධ්‍යවල හැසිරීම සම්බන්දෙයන් හා රජයේ නිලධාරින් දේශපාලන කටයුතු වලට සම්බන්ධවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුනත් රජයේ වාහන භාවිතා කිරීම මේ වන විට සම්පුර්ණයෙන්ම අඩුවී ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.