Motorcycle Carburetor Tuning.......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපේ බයික් පදින සැට් එකට වැදගත් වෙයි කියල හිතන දෙයක් ගැන තමයි මේ ත්‍රෙඩය.:cool: single cylinder Motorcycle තමයි මේ ක්‍රමය ගොක් අදාල වෙන්නෙ.:yes:

    පේ යාලුවන්ගෙ බයික් වලත් මේ වගේ කේස් තියෙනවද???:confused:


    • ඉන්ධන පිරිමැස්ම අඩුවීම.
    • ඉහ rpm (මිනිත්තුවට වට) අගයයන් වලට engine එ රේස් කරන විට කළු දුම දැමීම.
    • උදේට start කිරීම අපහසු වීම.
    • pickup කරන කොට engine එ මිස් කරන ගතියක් තිබී.
    • pickup එක අඩු වීම.
    • දුම් පරීක්ෂණය ෆේල් වීම.
    • Engine එoverheat වීම.

    බොහෝවිට carburetor එක tune කිරීමෙන් මේ වගේ ගැටළු විසඳා ගන්න පුළුවන්.:yes:

    මුලින්ම මේ දේත් කියන්න ඕනේ. ඔය මුලින් කියපු එකම අවුලක්වත් බයික් එකේ නැත්තම් මේ වැඩේ අත්හදා බලන්න යන්න එපා.:no:කියන්නෙ carburetor එකට අතවත් තියන්න යන්න එපා. service එකේදිත් අනිවා කියන්න,
    carburetor එකේ කිසිම වෙනසක් කරන්න එපා කියලා. අගේට tune වෙලා තියෙන carburetor එකේ ඇණ කරකවලා කෙලවගෙන මට කුණු හබ්බෙන් බනින්න ලෑස්ති වෙන්න එපා ඕං.:rolleyes:

    carburetor එකකින් කරන්නෙ සිලින්ඩරය තුල දහනයට ඉන්ධන-වායු මිශ්‍රණයක් හදන එකයි. ඒ කියන්නෙ carburetor එක ඇතුලෙදි වෙන්නෙ ඉන්ධන වාතය සමඟ මිශ්‍ර කරන එක. ඒ නිසා කස්ටියට තේරෙනවා ඇති එන්ජිමේ නිවැරදි ක්‍රියාකාරිත්වය සඳහා carburetor එකේ නිවැරදි ක්‍රියාකාරිත්වය කොච්චර වැදගත් ද කියලා.:)

    carburetor tune කරන්න කලින් carburetor එකේ settings වෙනස් කරන screws අදුර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් single cylinder motorcycle වල එන carburetor එකක settings වෙනස් කරන්න පුලුවන් screws එන්නෙ දෙකයි. එකක් තමයි idle adjust screw එක, අනෙක තමයි mixture screw එක. idle adjust screw එකෙන් කරන්නෙ එන්ජිම නෝමල් රන් වෙන වේගය (accelerator එක අත ඇරලා තියෙනකොට එන්ජිම රන් වෙන වේගය) වෙනස් කරන එක. තමන්ට අවශ්‍ය ගා ඒක තියාගන්න පුළුවන්.:yes: ඒ ඇරෙන්න එන්ජිමේ ඉන්ධන පිරිමැස්මේ වෙනසක්, pickup එකේ වෙනසක්, මේ ඇණය කැරකුවාම වෙන්නෙ නෑ. එතකොට mixture screw තමයි සිලින්ඩරයට යන fuel-air mixture එක ගැන වග කියන්නේ. මේ දෙක ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්.:cool:

    මේ දෙකම සාමාන්‍යයෙන් රන් පාටයි.
    carburetor එකට පිටින් සම්බන් වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ගලවලා අතට ගන්නත් පුළුවන්(වන්යන් පා). screw දෙක carburetor එකෙන් එකම පැත්තේ හෝ දෙපැත්තේ උත් තියෙන් පුළුවන්. රූයේ තියෙන carburetor කේ screws දෙ තියෙන්නෙ දෙපැත්තෙ,:yes:

    dsc00278r.jpg


    සමහර
    carburetor වල idle screw එක, අතින් ලේසියෙන්ම කරකවන්න පුළුවන් විදිහට එන්නේ. හැබැයි සමහර ඒවට නම් flat screw driver එකක් ඕනේ වෙනවා.:dull: රූප බලන්න

    dsc00276by.jpg


    dsc00235wh.jpg


    ඒ වගේම බොහෝ
    carburetor වල mixture screw එක carburetor එකට හයි වෙලා තියෙන්නෙ ඇදේට(උඩ රූප බලන්න). ඒ වගේම mixture screw එක පිහිටලා තියෙන්නෙ carburetor එකේ කෙලවරකට වෙන්න(මැද නෙමේ). සමාන්‍යයෙන් idle screw එක තියෙන්නෙ accelerator cable එක හයි වෙලා තියෙන තැනත් එක්ක සිරස්ව පහළින්. ඒත් සමහර carburetor වල idle screw එක කෙලින්ම carburetor එකට සම්බන්ද නොවී පල්ලෙහා රූපෙ විදිහටත් හයි වෙලා තියෙන්පුළුවන්.:oo:

    pulsar180carburetor.jpg


    මේ විස්තර අනුව මේ screw දෙක හොයාගන්න පුලුවන් වේවි කියල හිතනවා. ප්‍රශ්න තිබුනොත් අහන්න.:)

    mixture screw වර්ග දෙකක් තියෙනවා, air screw සහ fuel screw කියලා. carburetor එකේ තියෙන්නෙ air screw එකක්ද fuel screw එකක්ද කියල හරියටම දැනගන්න වෙනවා(බොහෝ වෙලා
    air screw එන්නෙ 2 stroke engine ල carburetor ල) . ඒක ලේසියි:cool:. screw එක carburetor එකයි engine එකයි මැද්දට වෙන්න තියෙනවා නම් ඒක fuel screw එකක්. screw එක air cleaner එක පැත්තට වෙන්න පිහිටල තියෙනවා නම් ඒ කියන්නෙ engine-carburetor-mixture screw විදිහට තියෙනවා නම් ඒක air screw එකක්.(පහත රූප දෙක බලන්න)

    2009bajajpulsar220carbe.jpg


    poshpc20airscrew2a1024l.jpg


    දැන් මේ air screw සහ fuel screw දෙකේ වෙනස පැහැදිලි කරගන්න කලින් lean mixture rich mixture කියන දෙක ගැනත් දැනගමු.
    carburetor එක හරහා engine එක තුලට ඇතුළු වන ඉන්ධන-වායු මිශ්‍රනයේ ඉන්ධන ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමට වඩා වැඩිනම්, ඒ කියන්න petrol ගොඩක් මිශ්‍ර වෙලා තියෙනව නම් ඒක rich mixture එකක්. ඒකෙම අනික් පැත්ත එනම් petrol ප්‍රතිශතය අඩු නම් ඒක lean mixture එකක්.දැන් air screw fuel screw දෙකේ වෙනස ගැන බලමු. මුලින් කිව්ව වගේ මේ screw දෙකෙන්ම කරන්නේ ඉන්ධන-වායු අනුපාතය වෙනස් කරන එක. fuel screw එකක් දක්ෂිණාවර්තව(clockwise) කරකැවීමෙන් mixture එක lean වෙනවා. වාමාවර්තව කරකැවීමෙන් mixture එක rich වෙනවා.(ආයේ ඕක කියන්න දෙයක්ද නෙහ්:rofl:). ඊට විරුද්ධ විදිහට තමයි air screwකක් ක්‍රියාකරන්නේ. ඒ කියන්නෙ air screw එකක් දක්ෂිණාවර්තව(clockwise) කරකැව්වොත් mixture එක rich වෙනවා. කස්ටියට දැන් වැඩේ පැහැදිලි ඇති. කොහොමත් මේ air screw, fuel screw ගැන වදවෙන්න ඕනේ වෙන්නෙ නෑ, හේතුව තමයි බොහෝ carburetor වල(විශේයෙන් ඉන්දියන් motorcycle වල) එන්නෙ fuel screw එකක්. අහ් අමතක වුනා idle screw එක ගැන කියන්න බැරිවුනානේ:D, idle screw එක clockwise කැරකුවොත් එන්ජිම රේස් වෙනවා, anticlockwise කැරකුවොත් ....... (කියන්න දෙයක් නෑනේ:P). හරි මුලින් කියන්න ඕනේ දේවල් ඔක්කොම හරි. දැන් ඉතින් flat screw driver එකක් අරන් වැඩේට බහින්නයි තියෙන්නේ.:cool:

    මුලින්ම
    carburetor එකේ දැනට තියෙන settings ලියාගන්න ඕනේ. ඒක පසුවට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. flat screw driver එක අරන් mixture screw එ clockwise කරකවන්න(engine එක නවත්තල තියෙන්න ඕනේ). කරකවන වට ගාන හරියටම ගනන් කරන්න. අවසානයේදී screw එක තද වෙනකොටම කරකවන එක නවත්තන්න(ගොඩක් හිර වෙනකන් කරවන්න එපා:no:). දැන් කරකවපු වට ගාන හරියටම කොළේක ලියා ගන්න(උදා - වට 2යි 1/4 යි). දැන් ඒ ලියා ගත්ත වට ග anticlockwise කරකවලා ආපහු තිබුන විදිහටම හදා ගන්න. ඒ විදිහටම idle screw එකත් කරකවලා වට ගාන ලියාගෙන ආපහු තිබුන විදිහටම හදා ගන්න. මෙහෙම කරන්නෙ carburetor එක ටියුන් කොරන්න ගිහිල්ල තියෙන රෙද්දත් නැතිකරගත්තොත්(හරියට කරොත් එහෙම වෙන්නෙ නෑ) ආපහු තිබුන විදිහටම carburetor එක හදාගන්න ඕනෙ නිසයි:D.

    carburetor tune කරන්න කලින් engine එක ක්‍රියාකාරී උෂ්ණත්වයට රත් වෙලා තියෙන්න ඕනේ. ඒකට විනාඩි 15 ක් වි කොහෙ හරි වටයක් ගහලා එන්නයි තියෙන්නේ:D. ඊට පස්සෙ බාහිර ශබ්ද අඩු ඒ වගේම හොඳට සුළං හමන, වාතාශ්‍රය තියෙන තැනක බයික් එක center stand එක ගහලා නවත්තන්න. දැන් එන්ජිම start කරලා idle screw එක ටිකක් clockwise කරකවලා එන්ජිම ටිකක් රේස් වෙලා තියෙන විදිහට හදාගන්න(ගොඩක් රේස් වෙන විදිහට හදන්න එපා, 40 kmph වේගෙන් යද්දි රේස් වෙලා තියෙන ගාන ඇති). tachometer එකක් තියෙනවා නම් 3000rpm විතර රේස් වෙන්න හදාගන්න. දැන් mixture එක lean කරන්න ඕනේ, ඒකට fuel screw එක හිමීට clockwise කරකවන්න. එන්ජිමේ වේගය ටික ටික අඩුවෙනවා වගේ දැනේවි, දිගටම කරකවන්න. එන්ජි නතර නොවෙන විදිහට කරකවන්න පුළුවන් උපරිමේටම කරකවන්න. සමහර විට screw එක වෙන් කරකවන්න පුළුවන් වේවි(screw එක හිරන්න එපා:no:) , සමහර විට බැරිවේවි(ඊට වඩා කැරකුවොත් එන්ජිම නවතින නිසා). අනිවාර්යයෙන්ම එන්ජිම නතර නොවෙන්න වග බලා ගන්න. එන්ජිනතර වුනොත් ආපුහු මුල ඉඳන් වැඩේ පටන් ගන්න. ඒ කියන්න ඇණ දෙක මුලින් තිබුනු තැනටම කරකවලා එන්ජිම ස්ටාට් කරලා වැඩේ මුල සිට පටන්ගන්න.

    දැන් එන්ජිම අමාරුවෙන් අමාරුවෙන් දුවනවා වගේ පෙනේවි.:D ඒකට හේතුව තමයි දැන් lean කරන්න පුළුවන් උපරිමේටම mixture එ lean කරල තිබී. ඊළඟට fuel screw එක, mixture එ rich වෙන දිශාවට(anticlockwise) කරකවන්න පටන් ගන්න. හිමීට කරකවන්න. ද්දි ට 1/8 න් 1/8 රකවන්, එකොටසක් ත්කීයක් ලන් ඉන්න, එකොතමයි එන්ජිමේ වේයේ වෙනසක් නිරීක්රන්පුළුවන්. ටික ටික එන්ජිම රේස් වෙනවා වගේ දැනේවි. තවදුරටත් කරකවද්දි එන්ජිම එක් උපරිමේකට රේස් වෙලා එක් තැනකදි ආපහු slow වෙන්න පටන් ගන්නව වගේ දැනේවි. මෙන්න මේ point එක හරියටම අදුරගන්න ඕනේ. එතනින් එහාට ඇණේ කැරකුවොත් වෙන්නෙ mixture එක rich වෙන එක. ඒ නිසා එතනින් එහාට කරකවන එක නවත්තලා ආපස්සට, ඒ කියන්නෙ lean වෙන දිශාවට(clockwise) කරකවලා අර උපරිම වේගෙන් එන්ජින් එක කරකැවෙන, mixture එක lean වීමට හා rich වීමට පටන් ගන්න ස්ථාන දෙක අතර මැද්දට වෙන්න ඇණේ හදාගන්න.මතක තියාගන්න උපරිම වේගෙන් එන්ජින් එක run වෙන තැනේදි තමයිණේ කරකවන එක නතර කරන්න ඕනේ.
    පහල රූපය බැලුවොත් වැඩේ පැහැදිලි කරගන්න පුළුවන් වේවි.

    15090542.png


    ( fuel screw එක තද වෙනකන් කරකවලා, එතැන් සිට වාමාවර්තව(anticlockwise) සම්පූර්ණ වට 2ක් 3ක් කරකවද්දි තමයි සාමාන්‍යයෙන් optimal mixture එකට tune වෙන්නේ, carb එකෙන් carb එකට ඒක වෙනස් වෙනවා, සමහර විට ඊට වඩා අඩු වට ගානකදි tune වෙන්නත් පුළුවන්, මං මේක කිව්වෙ වැඩේ ලේසි වෙන්න;))

    දැන් එන්ජිම එකම ආකාරයකට දුවනවා වගේ දැනේවි. ඒ කියන්නෙ හරියටම tune වෙලා තියෙන්නේ. ඊළඟට idle screw එක anticlockwise කරකවලා සාමාන්‍යයෙන් එන්ජිම run වෙන වේගෙට හදාගන්න. fuel screw එකට අතවත් තියන්න එපා. :no:

    වැඩේ අහවරයි.:cool: දැන් එන්ජිම නවත්තලා, accelerator අල්ලන්නෙ නැතුව kick pedal එක ගහලා එකපාරින්ම engine එක start කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමහරවිට ටිකක් පරණ බයික් එකක් නම් මෙහෙම එකපාරම start වෙන්නෙ නැතිවෙයි.(carburetor හොඳට tune වෙලා තිබුනත්). බයික් එක ටිකක් පැදලා බලන්න. මිස් කරන්නෙ නැතුව හොදට pickup වෙනව නම්, රේස් වෙද්දි කළු දුම දාන්නෙ නැත්තම් වැඩේ ගොඩ දාල වගේ.:cool:

    අහ් තව එක දෙයක් කියන්න ඕනේ, petrol වැඩකරන්න කියල mixture එක lean කරල දුවන්න නම් එපා මචන්ලා:no::angry:. engine එක ඉවරයි. එන්ජිම overheat වෙන නිසා head gasket එකට කෙලවෙන්න පුළුවන්. තව valve වලට crankshaft, Connecting rod වලට කෙලවෙන්නත් පුළුවන්.:dull:

    ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දන්න විදිහට උත්තර දෙන්නම්. :)

    --------------------------------------------------------------------------------------------------------------------------------------


    :) ඉතින් යාලුවනේ ත්‍රෙඩ් එක ගැන ඔයගොල්ලන්ගෙ අදහස් ගොඩක් වටිනව ඉතින් :)
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අති සුපිරි පැහැදිලි කිරීමක් සහෝදරයා....ඉදිරියට තවත් මෙවැනි දැනුම අපට බෙදා දෙන්න...ජය වේවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    බයික් ඇන්ජිමක් Too lean mixture ද කියල හොයාගන්නේ කෙසේද ?
    බයික් එන්ජිමක් රත්වන උෂ්ණත්ව පරාසය කියක් විතරද ? (එන්ජින් හෙඩ් එකේ භාහිර උෂ්ණත්වය)


     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    machan mage thiyenne discover 135 ekak
    eke udeta start karanna chalk eka adinna ona
    ita passe awulak na. thawa silencer eken explode sound ekak enawa.
    mona wage awulak kiyalada ubata hithenne??