දැන් මේ air screw සහ fuel screw දෙකේ වෙනස පැහැදිලි කරගන්න කලින් lean mixture සහ rich mixture කියන දෙක ගැනත් දැනගමු. carburetor එක හරහා engine එක තුලට ඇතුළු වන ඉන්ධන-වායු මිශ්‍රනයේ ඉන්ධන ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමට වඩා වැඩිනම්, ඒ කියන්න petrol ගොඩක් මිශ්‍ර වෙලා තියෙනව නම් ඒක rich mixture එකක්. ඒකෙම අනික් පැත්ත එනම් petrol ප්‍රතිශතය අඩු නම් ඒක lean mixture එකක්.දැන් air screw සහ fuel screw දෙකේ වෙනස ගැන බලමු. මුලින් කිව්ව වගේ මේ screw දෙකෙන්ම කරන්නේ ඉන්ධන-වායු අනුපාතය වෙනස් කරන එක. fuel screw එකක් දක්ෂිණාවර්තව(clockwise) කරකැවීමෙන් mixture එක lean වෙනවා. වාමාවර්තව කරකැවීමෙන් mixture එක rich වෙනවා.(ආයේ ඕක කියන්න දෙයක්ද නෙහ්). ඊට විරුද්ධ විදිහට තමයි air screw එකක් ක්‍රියාකරන්නේ. ඒ කියන්නෙ air screw එකක් දක්ෂිණාවර්තව(clockwise) කරකැව්වොත් mixture එක rich වෙනවා. කස්ටියට දැන් වැඩේ පැහැදිලි ඇති. කොහොමත් මේ air screw, fuel screw ගැන වදවෙන්න ඕනේ වෙන්නෙ නෑ, හේතුව තමයි බොහෝ carburetor වල(විශේෂයෙන් ඉන්දියන් motorcycle වල) එන්නෙ fuel screw එකක්. අහ් අමතක වුනා idle screw එක ගැන කියන්න බැරිවුනානේ, idle screw එක clockwise කැරකුවොත් එන්ජිම රේස් වෙනවා, anticlockwise කැරකුවොත් ....... (කියන්න දෙයක් නෑනේ). හරි මුලින් කියන්න ඕනේ දේවල් ඔක්කොම හරි. දැන් ඉතින් flat screw driver එකක් අරන් වැඩේට බහින්නයි තියෙන්නේ.