MRM-මහින්ද_රනිල්_මෛත්‍රී

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    MRM-මහින්ද_රනිල්_මෛත්‍රී

    මහින්ද_රනිල්_මෛත්‍රී

    බැදුම්කර කොමිශන් වාර්තාව පසුගිය සති කිහිපය තුල කතා බහට ලක්විය.අලුත්ම වාර්තාව මහින්දට ප්‍රජා අයිතිය පමනක් නොව ජීවිතේ පවතින තෙක් සම්බාධක පැනවීම නිර්දේශ කරමින් නිකුත් කල බරපතල කොමිශන් සභා වර්තාවයි.අද රජයේ මාධ්ය මෙය මීලග සතියේ ප්‍රධාන පුවත කරන්නට ගාන්නා අනවරත උත්සාහය පේන්න තිබීම ඔවුන්ගේ උපාය පිටට පෙන්නීමක්.

    පක්ශක්ග්‍රාහි නොවන මනා විචාර බුද්ධියක් ඇත්තෙක් මහින්ද,බැසිල් ගෝටා නාමල් ඇතුලු එම පවුලේ බොහෝ දෙනාගේ අතීත ක්‍රියාකාරකම් හා එකග නොවනු ඇත.ඔවුන් ගතකල අතිශය අහිතකර අත්තනෝමතික පාලනය හා නාමල් බැසිල් ලාගේ සෙල්ලම් මිනිසුන්ට වහ කදුරු මෙනි.පාරවල් වසා මිනිසුන්ට පීඩාකොට කල නයීට් රේස් කෙලි,ජේම්ස් පැකර් ආදි නොම්බර එකේ සූදු අන්තුවන් මෙහෙ ගෙන්වා රට සූදු පිටියක් කිරිමට ගත් උත්සාහයන් අදටත් අමතක නැත.

    රනිල්ගේ ක්‍රියා මීට ඉදුරා වෙනස්ය.බටලන්දේ සිට රට චීනට විකිනීම,මහබැංකුව සිංගප්පූරුකරුවෙක් ගෙන්වා මන්කොල්ල කැව්වීම එකි මෙකී දැ බොහෝය.

    මෛත්‍රියනු කිසිම ජන පදනමක් නැති මහින්ද-රනිල් දෙමර අතර හිරවුනු මිනිසෙකි.රටේ උතුරත් නැගෙනහිරත් ඇස් පනාපිට මෙරටින් වෙන්වීයන්නටදී බලාහිදිමින් සංහිදියා ගීතය ඔහු ගයයි.ඔහු යමක් දකින්නේ පත්තරයෙන් පමනි.වෙන රටවල ජනපතිවරුන්ට අගමැති ඇමතිවරු යටහත්වන අතර මෙරට ජනපති අගමැතිට මැතිඇමතිලට යටය.ජනපති යම් යම් දේ කිර්‍රිමට ඉඩදෙන ලෙස වැද වැටෙන්නේ අගමැතිගේ දෙපා මුලය.ඒ මෙරට ජනපතිගේ පෞශයේ තරමයි. විල්පත්තුවේ අක්කර සීයක් කැපුවත් එය නොපෙනන නොඇසෙන ඇත්තෝ මේ වෙති.උතුරේ නැගෙනහිරේ හෙල්මට් නීති නැත.එහේ මිනිහෙක් පොලිස් නිලදරියෙකුට බැන්නොත් හෝ අල්ලාගෙන ගැසුවොත් නිලදාරියා සිනාසි වැද සමාවගෙන පසු බැසිය යුතුය.දකුනේනම් බයික් එකක් නතර නොකලත් සිංහලයන්ට වෙඩි පිට වෙඩි තබති.වචනයක් වැරදූනත් පොලෝසියට කුදාගෙන ගොස් නෙලති.මේ රටේ පලාත් අනුව නීති වෙනස් වන්නේ එහෙමය.

    ජවිපෙ වෙනම ක්‍රීඩාවක් කරනු පෙනේ.ජවිපෙ කලින් රජය වැඩියෙනුත් මේ රජය ඉතා අඩුවෙනුත් විවේචනය කරයි.රටක් ජාතියක් ගැන ඔවුන්ට අදහසක් නැත.උතුරක් නැගෙනහිරක් ඉතිහාසයක් නැතිව ගියාට කම් නැත.සිංහලජාතිවාදය එපාලු අනික් ජාතිවාද අවුලක් නැතිලු.

    මේ සියල්ල බලනකල මේ රටට හරියන කිසිම දේශපාලන පක්ශයක් හෝ නාකයයෙක් හෝ දෙවන පෙල නායකයන් හෝ පේනතෙක් මානෙක නැත.වඩාත් අනතුරට ලක්වීඇත්තේ මේනිසා සිංහලයන්ය.වාසිය සැමවිටම ජාතිවාදි ආගම්වාදි අන්තවාදින්ටය.වැරදික්‍රියාවක් න් නිසා සිංහලයෙක් වෙනත් ජාතිකයෙකුට පහසක් ගැසුවොත් ඒ පට්ට පාතිවාදියෙකි.එහි අනික් පැත්ත එනම් වෙනත් ජාතිකයෙකු සිංහලයකුට ගැසුවොත් එවිට කෙසේවත් ප්‍රතික්‍රියාවක් නොදැක්විය යුතුය,ඒ නම් සංහිදියාවලු.

    බැදුම්කර කොමිසම් වාර්තාවේ මහෙන්ද්‍රන් ගෙන්වා මන්කොල්ල කැවු රනිල් හෝ බදුම්කර බිඩ් කිරීමට අඩු ලංසු නියම කල රවීට කිසිම දඩුවම් නිර්දේශයක් නැතිලු.ඔවුන්ගේ නම්ද නැතිලු.නමුත් බරපතල කොමිශමේ වාර්තා වේ මහින්දට අලුති නීති පනවා දඩුවම් කිර්‍රිමටත් ජීවිතාන්තය තෙක් දේශපාලනය තහනම් කිර්‍රිමටත් නිර්දේශ එක්කම වාර්තාව පිටකොරලලු.මොකක්ද්දෝ අමුත්තක් වාර්තා දෙකේ සාධාරනබවේ පේනවා.මේ දේශපාලකයන් සිතන්නේ ජනතාව ඔවුන්ගේ සෙල්ලම් බඩු බවත් අමන මරි මෝඩයක් බවත්ය.තමන් එසේ මෝඩයන් නොවන බව පෙන්වීමේ ඔප්පුකිර්‍රිමේ භාරය ඇත්තේ මහජනයාටය.

    Source : vipulblog