දැන් බලාගෙන යද්දී මං මොබයිල් ෆොන් පාවිච්චි කරන්න පටන් අරන් අවුරුදු විස්සක් විතර ගතවෙලා. නිකම් ඉන්න ගමන් හොයල බැලුවා මොනවද පාවිච්චි කලේ කියල. හොද හොද මතයන් එක්ක මේවා තමයි මම පාව්ච්චි කරපු මොබයිල් ෆෝන්
Ericsson T-28
කාල පරාසය 2000-2001
මුලින්ම ලැබුනු ෆෝන් එක. බැටරි ලයිෆ් අන්තිමයි. පැය 4-5 න් ආයෙ ආයේ චාර්ජ් කලා වගේ මතකයි. පාවිච්චි කරපු එකක් ගත්තෙ. ඒ නිසා බැටරි ගොඩක් සවුත්තු වෙලා තියෙන්න ඇත්තෙ. මගේ වැඩත් එක්ක වැඩි කාලයක් පාවිච්චි කලේ නෑ. මේ තරම් පොඩි තිරයක වැඩකරපු හැටි හිතාගන්නත් බෑ.
Alcatel One Touch 302
කාල පරාසය 2001-2002
තිබුණු ෆෝන් වලින් චොරම එක. මේකත් පාවිච්චි කරපු එකක් ගත්තෙ. මෙනූ එක හද්ද චොර. හිටි ගමන් ෆෝන් එක ඕෆ් වෙනවා. නෝමල් රීචාජබල් බැටරි කපල් කරල හදපු බැටරි පැක් එකක් තිබුනෙ. Alcatel එපා කරපු මොඩල් එකක් මේක. සුපුරුදු පරිදි මගේ වැඩ වලට නොගැලපෙන නිසා ඉක්මනින්ම අයින් කරල දැම්මා
Nokia 3310
කාල පරාසය 2002-2004
Perfect Phone කියන title එක දෙන්න පුලුවන් ෆෝන් එකක්. SMS ඇස් පියන් අකුරු කොටන්න පුලුවන් ඒ දවස් වල මේකෙ. ඇත්තටම කීපෑඩ් නැති වෙනකල් type කරල තිබ්බෙ. බැටරි ලයිෆ්, කවරේජ්, හැම අතින්ම සෑහෙන්න හොදයි. කොයිතරම් බිම වැටිල පලු වෙලා ගියත් යකා වගේ වැඩ. පොඩි අවුලක් තිබ්බෙ power on / off button එක ෆෝන් එක උඩතිබ්බේ. අනික ඒක රබර් වගේ. හරි අමාරුයි press කරන්න.
Nokia 3410
කාල පරාසය 2004
නොසෑහෙන්න වැඩගත්තු තවත් යකෙක්. Nokia 3310 එකේම වැඩි දියුණු වර්ෂන් එකක්. ලොකු වෙනස්කමක් නම් තිබුනෙ නෑ නමුත් කීපෑඩ් එක බොහොම ඉක්මනට ගෙවිල ගියා. වැඩි කාලයක් පාවිච්චි කලේ නෑ.
Nokia1100
කාල පරාසය 2004-2005
දන්න තරමින් වැඩියෙන්ම විකුණුනු Nokia model එක. මේකෙ තිබුනු flash light එක ගොඩක් අයට සෑහෙන වටිනාකමක් වුනා. කලින් Nokia models වගේම සුපිරි වැඩකරුවෙක් තමයි මේක.
Nokia 3230
කාල පරාසය 2005-2007
Nokia Symbian OS එක්ක ආපු මම ගත්තු පලවෙනි S60 smart phone එක තමයි මේක. Photo, Music, Color Display, Joystick, MP3 ringtones, Symbian Games apps එක්ක මේක පට්ට upgrade එකක් වුනා මට. ඒත් internal memory 6mb කියල මතක් වෙනකොට ඔලුව කැරකෙන්න ගන්නව දැන්නම්. සෑහෙන්න වැඩගත්තු හොද experience එකක් දීපු ෆෝන් එකක් මේක.
Sony Walkman W810i
කාල පරාසය 2007-2009
සෑහෙන්න කාලයක් පාවිච්චි කරපු සෑහෙන්න හොද device එකක්. ප්‍රමාණයෙන් තරමක් පොඩියි. නමුත් දුර ගමන් යද්දී සින්දුවක් අහන් යන්න සහ බැටරිය පැත්තෙන් සෑහෙන්න හොදයි. Picture quality, Audio quality සුපිරියි. හැබැයි මේක විකුණන කල්ම මේකත් එක්ක ආපු හෙඩ්සෙට් එක පාවිච්චි කරන්න බැරි වුනා
Nokia N900
කාල පරාසය 2009-2011
රිලීස් එකත් එක්කම ගත්තු (පිටරටකදී) වෙනස්ම OS එකක් තියන PDA type මුල්ම device එක මම ගත්තු. මේකෙන් ගොඩක් testing, experiment ඒ දවස් වල කලා. 2009 දී 32GB මෙමරි තිබ්බ භාණ්ඩයක් මේක. Maemo 5 කියන Linux based OS එකක් මේකේ තිබුනෙ. හොදම දේ තමයි physical keyboard එක. නමුත් button press වෙද්දී යම් යම් ගැටලු තිබ්බා. කාලයත් එක්ක ආපු ආර්ථික ගැටලු නිසා මේක ගොඩක් අඩු මුදලකට 2011දී විකුණල දැම්මා.
Sony Ericsson ELM J10
කාල පරාසය 2011-2012
පාවිච්චියට පහසුවෙයි කියල හිතාගෙන ගත්තු තවත් ෆෝන් එකක්. Wifi, camera quality, splash proof, battery features නිසා ගත්තත් screen issue එකක් නිසා ගොඩක් ඉක්මනට විකුණන්න සිද්ද වුනා. Special දෙයක් විදියට මේකේ walking tracker එකක් තිබ්බ.
Samsung Galaxy SII Korean
කාල පරාසය 2012
Samsung Galaxy උණ හැදුනු කාලේ ගත්තු එකක්. මේක Korean version එකක්. TV antenna පවා තියෙනවා. Photo quality තවමත් සෑහෙන්න හොදයි. Docking / charging station එකක් එක්ක spare battery එකකුත් ආවා. තවමත් working condition තියනව. WIFI display එකක්, torrent down-loader එකක් විදියට පාවිච්චි කරනව.
Post එකට attachment 10 ට වඩා දාන්න බැහැ. ඉතිරිය තවත් post එකක් දාන්නම