හොදම දේ......
ඔය ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා කොල්ලනි උවමනාවක් ම නැත්තන්.....
මම උබලට කතාවක් කියන්නම් මිට අවුරුදු 12-15කට කලින් වුනු....
මට ලංකාවේ ප්‍රමුඛතම විදේශීය බැංකුවකින් ණයවර පතක් (ක්‍රෙඩිට් කාඩ් එකක්) ඔෆර් කළා ක්‍රෙඩිට් ලිමිට් එක වන් මිලියන්. මම ඔය මුල්‍ය කතන්දර එපමණ දන්නේ නෑ ඒ කාලේ. මගේ හොදම යාලුවෙක්, කොළ බොක්කක් කියන්න පුළුවන් මට්ටමේ එකෙක් ඔය බැංකුවේ ටිකක් උඩ පුටුවක උන්න ඒ කාලේ. උඋට කතා කරලා ඇහුව මචන් මෙහෙම එකක් තියනවා මට උබ මොකද කියන්නේ ගන්නද එපාද කියලා. මූ ගත කටට ම කියපි මචන් කිබුල උබට හිගන්නෙක් වෙන්න ඕන නම් අපේ කාඩ් එක ගනින් කියලා. මට ෆුල් අන්දොස්. මම ඇහුව උබ මොකද එහෙම කියන්නේ කියලා. ඌ කිව්වා මචන් උබ අතේ තියන සල්ලි වලින් ගනුදෙනු කරනකොට උබට තේරෙනවා අතේ සල්ලි නැති වෙනකොට, කාඩ් එක ගහල ගනු දෙනු කරනකොට උබට ලොවෙත් එහෙම ෆිලින්ග් එකක් එන්නේ නෑ, අනික ඕන එකයි එපා එකයි හැම මගුලම ගන්නවා කාඩ් තියන උන් අන්තිමට බැංකුවට නය කාරයෝ වෙලා උකෝ ගෙනයි නතර වෙන්නේ කියලා. අනික ක්‍රෙඩිට් කාඩ් ගෙව්වේ නැති උනාම උබව බල්ලට දාල කාඩ් සෙන්ටර් එකී උන් කතා කරන්නේ, පොලිය 28%ක් වදිනවා කාඩ් වලට, නික උකොඕ ගන්නේ නැතුව හිටපන් කියලා.....
ඌ දන්නා එකා නිසා මම ගත්තේ නෑ....
තාම මම ක්‍රෙඩිට් කාඩ් නම් පාවිච්චි කරන්නේ නෑ.....
මගේ මුල්‍ය විනය ඒ නිසා ඉතාම හොදයි.....
පාලනය කරන්න බැරි නම් ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා.....
කෙලවිලා නතර වෙන්නේ.....