thama usawiyata giye na bn, usawi dawasa me maase anthima tiyenne.
------ Post added on Oct 20, 2024 at 12:18 PM
රිය අනතුරක් වුණහම අදාළ සැකකාරයාව අත්අඩංගුවට අරගෙන පැය 24ක් ඇතුලත උසාවි දාන්න ඕනේ මචං. උසාවි ගේන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් (රෝහල් ගත වෙලා නම්) නඩුව දාලා කරුණු උසාවියට කිව්වහම විනිසුරුතුමා රෝහලට ගිහින් සැකකාරයාව නිරීක්ෂණය කරලා එක්කෝ ඇප දෙනවා, නැත්නම් රිමාන්ඩ් කරනවා.
ඇප දෙන එක, රිමාන්ඩ් කරන එක තීරණය වෙන්නේ පොලීසිය, අගතියට පත් පාර්ශවය, සැකකාර පාර්ශවය කියන කරුණු අනුව මචං. ඇප දුන්නහම ආපහු කරුණු කියලා වැඩක් නැහැ. උසාවි දාන පළවෙනි දවසෙම ඒවා කියන්න ඕනේ. ඇප දුන්නට පස්සේ පොලීසිය සැකකාරයාට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කරන්න ඕනේ. ඒකට නඩු වාර කිහිපයක් යනවා මචං. ඊට පස්සේ නඩුව විභාගයට යනවා. විභාගයේදී සාක්ෂි කැඳවලා තීන්දුවක් දෙනවා. මේකට ටික කාලයක් යනවා.
පොලීසිය උඹලට කියන්නේ නැතුව නඩු දාලා ඇප ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ කරන්න ඇති මචං.
