මං Hutch cliq 30 days පැක් එක යූස් කරන්නෙ. පරණ ෆෝන් එකකට දාල ඒකෙන් හොට්ස්පොට් දාල. මේක හරි කරදරයි, වයිෆයි ඩිස්කනෙක්ට් වෙනවා, වෙලාවකට ස්ලෝ, කනෙක්ෂන් තියෙනව හැබැයි ඉන්ටනෙට් යන්නෙ නෑ, එක එක කචල්. මං හැදුවෙ 4G ඩොංගල් එකක් ගන්න. ඒක වටිනවද? cliq පැක් එක ඇත්තටම ඉන්ටනෙට් යන්න වාසිද? නැත්නම් ඔක්කොම අහට්ට දාල ඩයලොග් රවුටරයක් ගන්න එකද ලාබ?