Machan mata Vlan & NAT gana tikak saralawa kiyala denna puluwanda?
Network Address Translation (NAT) & Port Address Translation (PAT)
පරිගණක ජාලයක් හරහා අන්තර්ජාලය භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා Public IP Address එකක් හෝ කිහිපයක උපකාරය ලබා ගත යුතුය.(IP Address එකක් යනු පරිගණකය , පරිගණක ජාලයත් සමග තොරතුරු සහ සම්පත් හුවමාරු කිරීමේදී අනන්‍යතාවය තහවුරු කරගැනීමට යොදා ගන්නා ලිපිනයකි.මෙහිදී සඳහන් කල Public IP Address යනු අන්තර්ජාලයේ පවතින විවිධ පරිගණක සහ ජාලගත උපාංග සඳහා යොදාගන්නා ජාලගත අනන්‍යතාවය නිවැරදිව හඳුනාගැනීමට යොදා ගන්න IP Address ලෙස හඳුන්වා දිය හැක.)
IP Address වර්ගීකිරීමේදී හඳුනාගත් Class A,B,C යන පංති වලට අදාල Private IP Address බොහෝ විට, අපගේ Local Area Network (LAN) තුල භාවිතා කරයි. (උදා: 10.0.0.0/8 - 10.255.255.255/8, 172.16.0.0/16 - 172.31.255.255/16 සහ 192.168.0.0/24 - 192.168.255.255/24 )
මෙම LAN IP Address මගින් අන්තර්ජාල පහසු කම සෘජුවම ලබා ගැනීමට නොහැකි වන අතර ඒ සඳහා මෙම LAN/Private IP සියල්ල WAN/Public IP එකක් හෝ කිහිපයක සහය ලබා ගත යුතුය.
එම ක්‍රියාවලිය සැකසීමේ දී Public IP Address එකක් අන්තර්ජාලය ලබා ගත යුතු සෑම LAN PC එකකටම එක බැගින් වෙන් වෙන් ලෙස යොදා ගන්නේ නම් එම ක්‍රමවේදය NAT හෙවත් Network Address Translation ලෙස හඳුන්වයි. එසේම තනි Public/WAN IP Address එකක් LAN PC සියල්ලටම භාවිතා කරයි නම් එය PAT හෙවත් Port Address Tanslation ලෙස හඳුන්වයි.