Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වසර ගනනාවකට පස්සේ ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලින්ට වගේම මගී ජනතාවටත් ප්‍රීතිය දනවන සතියක් තමා ගෙවී ගියේ. ඒකට හේතුව තමා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ DMU (Diesel Multiple Units) අතරට එකතුවෙච්ච අළුත්ම සාමාජිකයා පසුගිය සතියේ ලංකාවට ගොඩ බැස්සා. පන්තියක් වශයෙන් ගත්තොත් ඒක නම් කරලා තියෙන්නේ Class S12 කියලා.

    531044_10151160572617628_697273199_n.jpg



    මූලික වශයෙන්ම මේ DMU ලංකාවට ගෙන්වුයේ උඩරට මාර්ගයේ ධාවනයටත්, කැළණි වැලි මාර්ගයේ ධාවනයටත්. වසර ගනනාවක් කැළණි වැලි මාර්ගයට සේවය කරපු, දර දිය ඇදපු S8 DMU වලට දැන් යම් තාක් දුරට සහනයක් වගේම විවේකයක් ලබා දෙන්න ඕන කියලයි මගේ නම් අදහස. S8 කියන්නේ SLR එකට වචනයෙන් කිව නොහැකි තරමේ මෙහෙයක් කරපු දුම්රිය පන්තියක්. ඒ වගේම තමා ප්‍රධාන මාර්ගයේ තිබෙන අධික මගී තද බදයට වගේම දුම්රිය ප්‍රමාදයටත් හොඳ විසඳුමක් S12 යෙදවීමත් සමඟම ඇති වෙයි කියලා අනුමාන කරන්නට පුළුවන්. මෙහි මූලික අදියර යටතේ කැළණි වැලි මාර්ගයේ ධාවනය සඳහා (KV Line) බලවේග කට්ටල් 04කුත්(917,918,919,920) උඩරට මාර්ගයේ (Main Line) ධාවනය සඳහා බලවේග කට්ටල් එකකුත් (921-922) පසුගිය සතියේ කොළඹ වරාය වෙත ලඟා උනා.

    මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප කීපයක්.

    580895_10151991004305161_1139362783_n.jpg


    562929_10151991133435161_510480814_n.jpg


    480089_10151991136160161_843302808_n.jpg


    190112_10151994761965161_1673744763_n.jpg


    486581_10151991572145161_1818100909_n.jpg


    527105_10151992620560161_585450652_n.jpg


    530166_10151994756845161_859502343_n.jpg


    304836_10151991575715161_1981053208_n.jpg



    ඔන්න ඔහොම තමයි පළවෙසි බලවේග කට්ටල් unload කලේ.

    අපි පොඩ්ඩක් බලමු මේ යකඩයොන්ගේ සැකැස්ම කොහොමද කියලා.
    මූලික වශයෙන් ගත්තාම කියන්න ඕනා KV Line එකට වගේම Main Line එකේ ධාවනයට ගෙන්වපු බලවේ කට්ටල් වල ආසන හා මැදිරි සැකසුම හැරෙන්නට අනෙක් සියළු Specification එකමයි.
    මේ බලවේග කට්ටල් නිපදවලා තියෙන්නේ චීන සමූහාන්ඩුවේ CSR Qingdao Sifang සමාගමයි. මේ සියල්ලම ඩීසල් ඉලෙක්ට්‍රික් සම්ප්‍රේෂන බල පද්ධතියේ බලවේග කට්ටල්. ඇන්ජිම MTU 12V4000R41 V12 වර්ගයේ. බල සැපයුම අශ්ව බල 2000 ප්‍රමානයේ ඇන්ජින් දෙකක් ප්‍රධාන මාර්ගයේ ධාවනය සඳහා ගෙන් වූ බලවේග කට්ටලයක ඉදිරිපසට හා පසුපසට ඇතුලත්. කැලණි වැලි මාර්ගයේ ධාවනයට ගෙන් වූ බලවේග කට්ටලයක ඇතුලත් වන්නේ එක ඇන්ජිමක් පමනයි. (1500kW) වීල් ඇරේන්ජ්මන්ට් එක (UIC classification) එක Bo' Bo'. ඒ වගේම එක පෙට්ටියකට බොගීස් දෙක බැගින් සවි කරලා තියෙනවා. එක පෙට්ටියක දිග හරියටම අඩි 50ක්. (මීටර 15යි). මේ කරුණු සියල්ලක්ම මාර්ග දෙකටම පොදු කරුණු.

    මම මුලින් සඳහන් කලා වගේ වෙනස් වන්නේ ආසන හා මැදිරි සැකැස්ම පමනයි වෙනස් වන්නේ. KV Line එකේ ධාවනය කරවීමට ගෙන් වූ දුම්රියක ආසන සැකැසම තමා පහලින් තියෙන්නේ.
    402930_10151167289672628_123175047_n.jpg


    මේ බලවේග කට්ටල වල ඇත්තේ තුන්වෙනි පන්තියේ ආසන පමනයි. 1500කට එකවර ගමන් කිරීමට හැකි අයුරින් තමා මේ බලවේග කට්ටල සකස් කරලා තියෙන්නේ.

    Main Line එකේ ආසන සැකැස්ම මීට වඩා වෙනස්. මේ බලවේග කට්ටලයක එක් මැදිරියක 66 බැගින් 198කට අසුන් ගැනීමට හැකි තුන්වෙනි පන්තියේ මැදිරි 03කුත් එක් මැදිරියක 44 බැගින් මගීන් 132 කට ගමන් කල හැකි දෙවෙනි පන්තියේ මැදිරි 03කිනුත් වායුසමනය කල සුඛෝපභෝගි 44 දෙනෙකුට එකවර ගමන් කල හැකි මැදිරියකිනුත් භෝජන මැදිරියකිනුත් සමන්විතයි. පළමු පන්තියේ මැදිරිය LED TV 04 කිනුත්, සරවුන්ඩ් සවුන් සිස්ටම් එකකිනුත්, අංශක 360ක් දක්වා හැරවීමේ පහසුකම් සහිත සුවපහසු ආසන වලිනුත් යුතුයි. ඒ වගේම Trailer car එකට සම්බන්ධ තුන්වෙනි පන්තියේ ආසනත් ඊට ඇතුලත්. පහතින් තියෙන්නේ දෙවෙනි පන්තියේ මැදිරියක ඇතුලත.

    217838_10151016373486864_1359797428_n.jpg


    ඔන්න ඔහොම තමයි මෙයාලා ගැන විස්ථර. කියන්න සන්තෝසයි පහුගිය ඉරිදා ඒ කියන්නේ 2012-08-19 වෙනිදා Main Line එකට ගෙන්වපු බලවේග කට්ටලය තමන්ගෙ පළවෙනි Trial Run එක සිද්ධ කරා. ඒ කොළඹ ඉඳන් මහනුවරට. ඒ ධාවනය ඉතාමත්ම සාර්ථක ලෙස සිද්ධ උනා කියලයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග වලින් කියවෙන්නේ. බොහෝ විට මේ සතියේ දිනයකම බදුල්ල දක්වා මෙයා ඒ කියන්නේ අඔක වලින් ගත්තොත් S12 - 921/922 බලවේග කට්ටලය බදුල්ල දක්වා පළවෙනි Trial Run එක සිද්ධ කරනු ඇති. මහනුවර ගමන වගේම ඒ ගමනත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉක්මනින්ම අපේ දුම්රිය සේවයට එකතුවෙලා මහජන සේවයට එක්වීමටද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.

    S12 ඡායාරූප කීපයක් පහතින්.

    383851_10151160562617628_734842837_n.jpg


    ගාර්ඩ් මහතාගේ කුටිය තුල
    226267_10151160563462628_925012286_n.jpg


    වැසිකිලි
    402816_10151160564197628_1944651601_n.jpg


    නියමු මැදිරිය.
    376627_10151160564877628_645953790_n.jpg


    මැදිරි සම්බන්ධක
    305042_10151160566067628_1917694518_n.jpg


    196009_10151160566522628_273458065_n.jpg


    295272_10151160567427628_631812930_n.jpg


    400455_10151160569147628_975328436_n.jpg


    කුණු බහාලුම්
    386910_10151160569957628_445999361_n.jpg


    422273_10151160571122628_1271392599_n.jpg


    Transmission Box එක.
    484027_10151160573492628_774093404_n.jpg


    Turbo Charger.
    549644_10151160575147628_1517679118_n.jpg


    ඇන්ජිම
    418907_10151160575857628_1958688296_n.jpg


    Model : 12V 4000R4
    Power: 1450 kW
    peed: 1800 rpm
    Mass: 6310 Kg
    378323_10151160576937628_1880125385_n.jpg


    378227_10151160577522628_1798026337_n.jpg


    224646_10151167288822628_1195742041_n.jpg



    අවසානයට Trail Run එකේ පින්තූරයක් පෙන්වලා ත්‍රෙඩ් එක අවසාන කරන්නම්. සාමාන්‍යයෙන් දුම්රියට Notch 08k තියෙනවා. Notch එක කියන්නේ හරියට වාහනයක ගියර් එකක් වගේ. Notch එක වැඩි වෙන්න වැඩි වෙන්න වේගය වැඩි වෙනවා. ඉතින් පසුගිය ඉරිදා සිද්ධ කල පරීක්ෂන ගමනේදී වේගය පරික්ෂා කලා. පහල පින්තූරයේ වේගය ඔයාලාට පේනවාද?
    228506_3647711355602_1539846092_n.jpg


    මේ Notch 05 දී S12 එකේ වේගය. එහෙම නම් Notch 08 දී වේගය ගැන හිතා ගන්න පුළුවන් නේද?

    ;););)

    Happy Rail Fanning!

    විශේෂ ස්තුතිය මයිකල්,නලින්,චරිත් සොයුරන්ට
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Notch 05 දී S12 එකේ වේගය = 100 Km/h

    Notch 08 දී වේගය = තව කීයක් හරි කියමුකෝ..... ඒත් උපරිම 120 Km/h නේ..... :rofl: :P


    ඒත් ලේලන්ඩ් එකක්, ගියර් තුනක් දානකොට, මේ කබල් S12 එකකට ලිද තමා.......!! :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Oh Come on .. තාමත් කෝච්චිද ?
    - රෙප්
    මම හිතුවා බැන්දහමවත් හරි යයි කියලා

    :rofl::P :lol: මූ අර දෙමටගොඩ පැත්තකට දාලා තියෙන පරණ කෝච්චි එංජිමක් බං ඉස්සර ආත්මෙක.......!! :P:yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ බලවේග කට්ටල් නිපදවලා තියෙන්නේ චීන සමූහාන්ඩුවේ CSR Qingdao Sifang සමාගමයි.

    කට්ටිය ඉක්මනට ගිහින් එන්න. ඕව වැඩි කල් දුවයිද ශුවර් නෑ.


    Notch 05 දී S12 එකේ වේගය = 100 Km/h

    Notch 08 දී වේගය = තව කීයක් හරි කියමුකෝ..... ඒත් උපරිම 120 Km/h නේ..... :rofl: :P

    අඩෝ මාත් කියන්න ගියේ ඕකම තමයි ලොල්
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Notch 05 දී S12 එකේ වේගය = 100 Km/h

    Notch 08 දී වේගය = තව කීයක් හරි කියමුකෝ..... ඒත් උපරිම 120 Km/h නේ..... :rofl: :P


    ඒත් ලේලන්ඩ් එකක්, ගියර් තුනක් දානකොට, මේ කබල් S12 එකකට ලිද තමා.......!! :P :P

    රෙද්ද තමා...
    ලේලන්ඩ් එකේ එක පාර 1500කට යන්න පුළුවන් නේ.
    හැප්පිලා බලමුද සවලෙන් ලේලන්ඩ් එකේ කෑලි ඇහිඳින හැටි...
     
    • Like
    Reactions: sudu pusa and and

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කට්ටිය ඉක්මනට ගිහින් එන්න. ඕව වැඩි කල් දුවයිද ශුවර් නෑ.

    S9 & S10 තවමති කිසි කරදරයක් නැතුව දුවනවානේ බොලවු. මේකත් ඒ වගේ. ඉන්දියන් මල ජරාව තමා බං සුවර් නැති ජරාව. මෙව්වා තරමක් හරි හොදා.... :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Notch 05 දී S12 එකේ වේගය = 100 Km/h

    Notch 08 දී වේගය = තව කීයක් හරි කියමුකෝ..... ඒත් උපරිම 120 Km/h නේ..... :rofl: :P


    ඒත් ලේලන්ඩ් එකක්, ගියර් තුනක් දානකොට

    engine eka hari gear box eka hari bima thama neda? :P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Oh Come on .. තාමත් කෝච්චිද ?
    - රෙප්
    මම හිතුවා බැන්දහමවත් හරි යයි කියලා
    මී ටූ....සිරාවට මාත් හිතුව හරියයි කියල....:dull:කොහෙද ඒ දැරිවිත් කෝච්චි ලෝලිනියක් නේ........:baffled:

    මොනව වුනත් නියම තෝච්චිය ආ...........:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මී ටූ....සිරාවට මාත් හිතුව හරියයි කියල....:dull:කොහෙද ඒ දැරිවිත් කෝච්චි ලෝලිනියක් නේ........:baffled:

    මොනව වුනත් නියම තෝච්චිය ආ...........:D

    අම්මට සිරි වෙන්න.. කිඹුලා බොසා බැහැලා..... :D
    තෑන්කු වේවා කිවා!

    :love::love::love: