එලකිරි වාසීන් සෑම දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා!
මතක ඇති ඔයාලට 2015 අවුරුද්දේ මුල මම කච්චතීව් දූපතේ දින තුනක සංචාරයක් කලා. මේ තියෙන්නේ ඒ සම්බන්ධව මම පලකරපු ත්‍රෙඩ් එක.
Click Here
කච්චතිව් දූපත අපේ ලංකා සිතියමේ පිහිටලා තියෙන්නේ හරියටම මෙතන. මේ මම ගිය අවුරුද්දේ කච්චතීව් වල ඉඳැද්දි ෆෝන් එකේ ලොකේශන් එක පෙන්නවන ස්ක්‍රීස් ෂොට් එකක්.
කච්චතීව් දූපතේ පිහිටලා තියෙන ශාන්ත අන්තෝනි මුනිඳාන්ගේ දෙව් මැදුර නිසා කච්චතිව් දූපත කිතුනු බැතිමතුන්ගේ වටිනා පූජණිය ස්ථානයක්. මෙහි ලඟාවීමට ඇති දුෂ්කරතාවය නිසා එහි වටිනාකම තවත් වැඩි වෙනවා. මුහුදු රස්සාව කරන ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් ශාන්ත අන්තෝනි මුනින්දා පිහිට වෙනවාය කියලා ධීවර රැකියාව කරන කතෝලික බැතිමතුන් දැඩි සේ විශ්වාස කරනවා. ඒ නිසා ලංකාවේ බත්තලංගුන්ඩුව, කල්පිටිය, මන්නාරම, යාපනය, ඩෙල්ෆ්ට් වගේම ඉන්දියාවේ රාමේශ්වරම්, දනුෂ්කොඩි වගේ මුහුදු ගම්මානවල ධීවර ප්‍රජාව දහස් ගනනින් මේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්්‍යට සහභාගී වෙනවා.
මේ 2015 කච්චතිව් දේවස්ථානයේ ඡායාරූප කිහිපයක්.
හදීසියේ මේ ගැන කථාකරන්න හිතුනේ ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2016 වසරේ නත්තලට දින කීපයකට කලින් 2016-12-23 වෙනිදා කච්චතිව් දූපතේ ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් අලුතෙන් ඉදිකරන්නට යෙදුන ශාන්ත අන්තෝනී මුනින්දාගේ දේවස්ථානය විවෘත වුනා.
මේ තියෙන්නේ අළුත් දේවස්ථානය. මේ ඡායාරූප මට ලැබුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයකරන මාගේ සහෝදරයෙක් විසින්. ඔහුට මේ අවස්ථාවට සහභාගී වෙන්නට අවස්ථාව ලැබී තිබුනා.
2017 වසරේ කච්චතිව් මංගල්ලය පෙබරවාරි මාසයේ 25-26 පැවැත්වෙනවා. යාපනේ කුරිකට්ටුවාන් ජැටියෙන් මගී ප්‍රවාහන බොට්ටු සේවයක් කච්චතීව් වලට ක්‍රියාත්මක වෙනවා 25 වෙනිදා උදේ පටන්. ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ජීවිතේ අමතක නොවන චාරිකාවක් වේවී ඒ ගමන.