NIC, Driving license, Revenue license, Insurance නැති උනාද ?

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ලයිසන් එකයි revenue and insurance එකයි නැතිවුණා. Revenue insurance තියෙන්නෙ මගෙ නමට නෙමේ. මං මොකද කරන්නේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    DJ චි කේ යි යා;24015416 said:
    ලයිසන් එකයි revenue and insurance එකයි නැතිවුණා. Revenue insurance තියෙන්නෙ මගෙ නමට නෙමේ. මං මොකද කරන්නේ

    owner innawa nam eyawa yawanna.

    nathnam police report ekak aran yanna NIC copy ekai Book ekai
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    DJ චි කේ යි යා;24017003 said:
    එන්ට්‍රිය දාද්දි ලයිසන් එකේ නම්බරේ අහනවද බන්? මතක නෑනේ? :confused:

    na thiyenawanam hodai
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මුලින්ම කියන්න ඕනේ NIC, Driving license නම් නැති කරගන්න එපා. පිස්සු හැදෙයි කියලා.

    කොහොමෙන් හරි මගේ පර්ස් එකත් නැති උනා දවස් 5 කට විතර කලින්. NIC, Driving license, Vehicle insurance, Vehicle revenue license ඔක්කොම තිබ්බේ ඒක අස්සේ. දැන් කියන්න යන්නේ ඔය නැති උන ඒවා හදන්නේ කොහොමද කියලා.


    Police report

    මුලින්ම පොලිසියට යන්න ඕනේ රිපෝර්ට් එකක් ගන්න. සතියේ දවස් වල උදේ 8.30 ඉදන් හවස 4.30 වෙනකම් පොලිසියේ වෙනම තැනක් තියෙනවා මේවා කරගන්න. කලින් වලින් entry පොත් වල ලියන්න ඕනේ නැ. ගිහින් කියන්න නැති උන ඒවා. Driving license එක නැති උන එක ලියන්න පදිංචිය සනාත කරන්න ලියුමක් ඕනේ. පරණ driving license එකේ ෆොටෝ එකක් හරි කොපියක් හරි ගෙනියන්න තියෙනවනම් හොදයි. ෆෝන් එකේ දාගෙන යන්න. පදිංචිය පෙන්නන දෙයක් ඇත්තෙම නැත්නම් ග්‍රාම සේවකගෙන් පදිංචිය සනාත කරලා ලියුමක් ගෙනියන්න. නැත්නම් පොලිසියට ගිහින් හැරිලා එන්න වෙයි. කොහොම හරි රෙපොර්ට් එක ගත්තම එකෙන් ෆොටෝ කොපි 5 ක් 6 ක් ගහගෙන සහතික කරගන්න එතැනින්ම. රුපියල් 25ක් යනවා පොලිසියේ වැඩ ටිකට. පැයක් වගේ ඇතුලත කරගන්න පුළුවන්.

    NIC

    මුලින්ම හදන්න ඕනේ NIC එක. මේක නැතුව අනික් කිසිම එකක් හදන්න බැ. මේ ටිකත් අරන් ග්‍රාමසේවක ලගට යන්න.
    පොලිස් රිපෝර්ට් එකේ කොපියක්
    A4 සයිස් ලියුම් කවර දෙකක්.
    අලුත් ID එකට ගහන ෆොටෝ 3ක්. මේක හැම studio එකෙන්ම ගන්න බැ. එක නිසා ෆොටෝ එක ගන්න කලින් studio එකෙන් අහන්න.
    රුපියල් 15 ක මුද්දර
    උප්පැන්නේ කොපියක්

    ග්‍රාමසේවක ෆෝම් එකක් දෙයි එක පරිස්සමට පුරවල දෙන්න තියෙන්නේ. එතකොට එයා එක හරිද බලල වැරදි හදලා ඔයා දෙන ලියුම් කවරෙකට දාලා සීල් කරලා දෙයි. ඊට පස්සේ එකත් අරන් යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යට. එතන තියෙනවා හැදුනුම්පත් අංශයට. එතනට දෙන්න ඔය ලියුම් කවරේ එතන අය කියයි මොකද්ද කරන්න ඕනේ කියල. පස්සේ එයාල එක A4 සයිස් කවරේට දාලා සීල් කරලා දෙයි. මේ ටික කරගන්න පැය 3ක් විතර ගියා මට.

    ඊට පස්සේ ඔය කවරේ අරගෙන යන්න ඕනේ බත්තරමුල්ලේ තියෙන පුද්ගලයින් ලියාපදින්චි කිරීමේ දෙපාර්තුමේන්තුවට. මෙතන නම් පුතේ හෙනම කට්ට. අඩුම ගානේ උදේ පාන්දර 3 ට 4ට වත් යන්න. දවල් 12 වගේ වෙද්දී එන්න පුළුවන්. එතනට ගිහින් පෝලිමේ ඉන්න උන් කියයි මොකද්ද කරන්න ඕනේ කියලා. මෙතනට රුපියල් 1000ක් යනවා. කියන්න ඕනේ මෙතන පට්ට සෙනගක් ඉන්නේ.

    Driving license

    මේකට යන්න තියෙන්නේ වේරහැර RMV එකට. උදෙන්ම යන්න. පැය 4ක් වගේ යයි වැඩේට. ඔරිගීනල් හෝ සහතික කරපු උප්පැන්න සහතිකයි, NIC එකයි, පොලිස් රිපෝර්ට් එකයි. රුපියල් 2200යි. RMV එක ඉස්සරහ ඉන්න කාක්කන්ට අහුවෙන්න එපා කෙලින්ම යන්න H බිල්ඩින් එකට. (ලයිසන් එක කල් ඉකුත් වෙලා නම් හෝ පරණම එකක් නම් මෙඩිකල් එකක් ගන්න ඕනේ. එක වෙනම සින් එකක්. නැති උන ඒවාට ඕනේ නැ.) ටෝකන් එකක් අරන් ඉවසන් ඉන්නේ වාරේ එනකම්. පස්සේ ඉතින් ෆොටෝ ගහලා එහෙම සල්ලි ගෙවලා H බිල්ඩින් එකෙන් එලියට එන්න තියෙන්නේ. ඇවිත් RMV එකේ ගේට්ටුව ලග තියෙන B බිල්ඩින් එකට. ඔතන ඉතින් නම කියලා කතා කරන කම් ඉන්න තියෙන්නේ. පැය 2ක් වගේ යයි.

    Revenue license

    මේකට යන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. මෙතනට යද්දී පොලිස් රිපෝර්ට් එකයි NIC එකේ කොපියයි, වාහනේ පොතයි පොතේ කොපියයි ගෙනියන්න. විනාඩි 10කින් විතර වැඩේ කරගන්න පුළුවන්. සමහර විට ලියුමක් ඉල්ලයි. එහෙම ඉල්ලුවොත් ටක් ගාලා ලියලා දෙන්න.

    Insurance

    මේකට නම් ඉතින් අදාළ කොම්පැනියට ගියාම ගන්න පුළුවන් .


    2018-07 ලියුපු ලිපියක්.

     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama


    ඊට පස්සේ ඔය කවරේ අරගෙන යන්න ඕනේ බත්තරමුල්ලේ තියෙන පුද්ගලයින් ලියාපදින්චි කිරීමේ දෙපාර්තුමේන්තුවට. මෙතන නම් පුතේ හෙනම කට්ට. අඩුම ගානේ උදේ පාන්දර 3 ට 4ට වත් යන්න. දවල් 12 වගේ වෙද්දී එන්න පුළුවන්. එතනට ගිහින් පෝලිමේ ඉන්න උන් කියයි මොකද්ද කරන්න ඕනේ කියලා. මෙතනට රුපියල් 1000ක් යනවා. කියන්න ඕනේ මෙතන පට්ට සෙනගක් ඉන්නේ.


    machan pandara 3ta gihin 12ta ganna puluwn kiyanne paya 9k wadeta yanawane.


    mata danaganna puluwn da dawal 11ta wage gihin hawasa 4ta wage meka ganna bari weida kiyala ?:confused: