Nissan FB14, Pulsar, Presea තුනෙන් හොඳ මොකක්ද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    13, 14, ප්‍රෙසිය තුනම පාවිච්චි කරල තියෙනව, මම නම් ආස ප්‍රෙසිය එකට ඒත් හොඳට මේන්ටේන් කරපු ඒවා හොයාගන්න නෑ, බොඩි පාට්ස් නම් ප්‍රෙසියා එපා වෙනවා, බීඩින් නම් තියෙනව ගන්න, ඒ අවුල ආවෙ නෑ. මගෙ ලඟ තිබ්බෙ පොඩ්ඩක් අඩු මොඩ්ල් එකක් සන්රූෆ් ඉඳන් ආපු. එහෙම එකක් මම ආයෙ දැකල නෑ. ඇතුලත් වෙනස්. ඉතින් AC කටවල් එහෙම හොයන්න නහින්න උනා. හැබැයි සැප නම් මට ප්‍රෙසිය එක.තෙල් 10 තමයි ඊට වැඩිය කරන්නෙ නිව්ට්‍රල් ගියොත් විතරයි, නුවර එහෙම වාහන තියෙනවා 15ක් කරන :D, පැක්ටිකල් නම් 14 එක බොඩි පාට් තියෙනව, ඔය වාහන තුනේම ලොකුවට ලෙඩක් නෑ, ගොඩක් ලෙඩ හැදිල තියෙන්නෙ කාලෙත් එක්ක. පුළුවන් තරම් ඩිස්ට්‍රිබියුටර් මගුල් නැති EFI එකකට යන්න, ඉන්දියන් හරි කමක් නෑ. මරීනො එකට වඩා නම් ප්‍රෙසිය එක රිලයබල්, හැබැයි මාකට් අඩුයිද මන්දා. 14 නම් දාන පරක්කුවට විකිණෙනවා (ලු)

    පල්සර් නම් අනේ මන්දා බං, තියන් ඉන්න උන් දෙන්නෙත් නෑ හොඳ වාහනේ කියල ලෙව කනවා, හැබැයි ගල් මරණ තියෙන්නෙ. මම හිතන්නෙ මොඩ්ල් එකක් දෙකක් තියෙනව හොඳ පල්සර් පල්සර් ගෑවට.

    උඹේ බජට් එක කීයද උපරිම?

    Toyto 110E එකක් ගනින්කෝ
    කාලයක් එළකිරි එකේ නිළ වාහනේ 100 /110, ත්‍රීවිල් එකක් ගන්න ගියත් නෑ 110 ගන්න කියන භීශණ යුගයක් අපි පහු කරන් ආවෙ මහත්තයෝ
    ------ Post added on Sep 25, 2024 at 6:07 PM