Nissan FB14, Pulsar, Presea තුනෙන් හොඳ මොකක්ද?

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මේ දවස් වල කාර් එකක් ගන්න බලනවා FB14, Pulsar, Presea ටිකෙන් එකක් තමයි බලන්නෙ. වැඩිපුර කැමැත්ත තියෙන්නෙ Pulsar එකට ටිකක් ගාන අඩු නිසා. මේ තුනේම තියෙන්නෙ එකම engine එක කියල අහල තියෙනව. මේවගේ වාසි අවාසි කියන්න පුළුවන්ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ga15de එන්ජින් ඔය තුනේම එනව. ඒක ගන්න. ලෙඩ අඩුයි. කරදරයක් නෑ.
    මැනුවල් එකකට ගියොත් ෆියොල් පැත්තත් හොඳයි..

    ප්‍රෙසිය එක හැර අනික් දෙකේ. Cd20 එන්ජිම ආපුව තියෙනව. ඩීසල්...
    ඒවනං යන පාරකවත් යන්න එපා...
    තව කාබ් මොඩ්ල්, 1300cc (b14) එහෙමත් තියෙනව. ඒවත් කරදරයි.
    උඩ මම කියපු එන්ජින් මොඩ්ල් එකෙන්ම බලන්න...

    ඔය වාහන තුනෙන් ප්‍රෙසිය එක ගත්තොත්, සනී සුපර් සැලූන් එකේ තියෙන සේරම ඔප්ශන් තියෙනව...


    වාහන තුනේම මැකනිකල් පාට්ස් හොයන්න අමාරු නෑ...
    Fb14 එකේනං බොඩි පාට්ස්සුත් කිසිම අවුලක් නෑ.



    ප්‍රෙසිය එකක් එහෙම සෙට් වුනොත් කියන්න, බලන්න ඕනෙ දේවල් ටික කියන්නං...