nissan leaf 2017

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන් මෙන්න මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරපන්
    එක් වරක් චර්ජ් කරන්න කොච්චර unit ගානක් යනවද,කොපමණ දුරක් යනවද ?
    මාසෙකට ගෙදර විදුලි බිල කීයක් වෙනවද ?
    සර්විස් කරන්නෙ ඕනේ නෑම කියන්න බෑනේ,මොනවහරි සර්විස් කරන්න ඇතිනේ,ඒකට යන මිළ ?
    ලීෆ් එකේ battery එකට warranty එකක් තියෙනවද? එකේ ආයු කාලය සහ මිළ ?
    1. 0 - 100% චාජ් කරන්න 24units. traffice 130Km, outstation 180Km.
    2. ගිය මාසේ 15000/=, එකෙන් 2000/= ගෙදර පාවිච්චිය.
    3. සර්විස් මොනවත් ඕනේ නෑ. බ්‍රේක් ඔයිල් සහ A/C radiator coolant බලලා, මදි පාඩුව දාන්න ඕනේ ( සවුත්තු නම් flush කරන්න වෙයි ).
    4. 10 years or 100,000 Km warranty. නමුත් ඊට වඩා පාවිච්චි කරන්න පුළුවන් හරියට පාවිච්චි කලොත්. මිල දැනට සම්පුර්ණ බැටරි පැක් එකම 500,000/= නමුත් මේ පැක් එක එන්නේ පොඩි මොඩියුල් 96ක් එකතු කරලා. ඕන නම් මේ 96න් එකක් දෙකක් උනත් මාරු කරන්න පුළුවන්.

    මචං මම හිතන්නේ ඔයාට රත්තරං අන්කල් :-)P) කියන එක තේරිලා නැහැ. මෙතන කට කඩෙන කන් කියල තියෙන්නේ අමාරුවෙන් ඉතිරි කරපු මුදලින් වාහන ගන්න උන්ට smart decision එකක් ගන්නේ කොහොමද කියලයි.

    අපි වාහන නැතුව වෙන උදාහරණයක් ගමුකො phone වගේ. දැන් සමහරු Samsung flagship level premium ඒවා ගන්නවා ලොකු මුදලකට. ඒ අතරම සමහරු Xiaomi වගේ අඩුමිල ඒවා ගන්නවා. හැබැයි දෙකම Android. ඒවගේම Xiaomi එකේ එන MIUI OS එක පට්ටම stable touchwiz එකත් එක්ක බලද්දී. අනික Xiaomi වල එන Chip set එක උනත් පට්ට. ඉතින් එහෙම බැලුවම Xiaomi කියන්නේ value for money! හැබැයි ඉතින් heart beat sensor, premium design එහෙම නැහැ.

    අන්න ඕකම තමා වාහන වලටත් වෙන්නේ. Value for money and stability බලනවානම්:
    1. විකුණනකොට ගාන ගොඩක් අඩු වෙන්නේ නැති
    2. එන ලෙඩ ලොකු ඒවා වෙන්නේ නැති (Inverter system wage)
    3. අවුරුද්දෙන් දෙකෙන් අප්ඩේට් එන්නේ නැති (පාට්ස් නැති වෙන හින්ද)

    වහනයක් තමයි ගන්න ඕනේ.

    හැබැයි තමන්ට මුදල් තිබෙනවා නම් Benz එකක් එකක් උනත් ගත්තට කමක් නැහැ. හැබැයි අවුරුදු 5ට 5 - 8 Million අඩු වෙන එක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ.

    Hybrid - Electric උනත් එච්චරයි. Style එකටයි, අල්ලපු ගෙදර එකා ගත්ත හින්දයි එහම නැත්තම් අලුත් technology එකට යන්න ඕනේ හින්දයි ගන්න එපා.

    මම හිතනවා මේ සහෝදරයට ඕක අවුලක් නැහැ කියල. නමුත් මචෝ බැරි බැරි ගාතේ අපේ කොල්ලෝ කියක් නම් අමාරුවේ වැටෙනවා ඇත්ද. අන්න එයාලට තමා මේ අවවාද දෙන්නේ.

    රේප් කපන්න එපා අමාරුවෙන් හවසට ප්ලේන්ටියක් බොන්න තියා ගත්තේ :lol:

    P.S - Good luck with your vehicle mate.
    මචං උඔ කියපු ඔය සාධක ඕනම වාහනයකට වැලිඩ්. ඕනම වාහනයක් depreciate වෙනවා. ලංකාවේ විතරයි ඔය වාහන සෙට් එකක් තියෙන්නේ ජීවිතේට depreciate වෙන්නේ නැති. ඕක ලංකාවේ හදා ගත්ත මාකට් එකක් නිසා වෙන දෙයක්. අනිත් රට වල ක්‍රෂ් කරන වාහන මෙහේ සිරා, සුපිරි කියලා පදිනවා.
    පරණ ඒවා අරන්, රෙපෙයාර් කරලා, පට්ට ගහලා, ගත්ත ගානට දෙන්න කැමති අය ඒවා ගත්තාවේ. අලුත් වාහනයක් අරන්, සැපට පැදලා, තාක්ෂණය අත් විඳලා, තෙල් සල්ලි ටිකක් ඉතුරු කරන් පස්සේ අඩුවට විකුණන එක අවුලක් නැති එකා එහෙම කරපුවාවේ.
    ලෝකේ හැම දේම depreciate වෙනවා වගේ වාහනත් මිල බහිනවා කාලය අනුව. ඒක දරා ගන්න බැරි නම් අර පරණ ඒවා ගනින්, නැත්නම් නොගෙන ඉඳින්.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    රත්තරං;18997815 said:
    1.ටීවී වල යුගවලින් කිව්වොත් තාම කලු සුදු ටීවී යුගයේ
    2.අව්රුද්දකට එක ගානේ මොඩල් වෙනස් කරන මේවට පාර්ට්ස් තියෙයිද ඉස්සරහට?
    3.තිබ්බත් වාහන දෙක තුනක් ආවොත් හැට පැයක් යනවනේ චාර්ජ් කරන්න

    4.ඩිකිය පිරෙන්න ලිතියම් අයන් බැටරි පුරෝගෙන පරිසර දූශනේ ගැන කතා කරනවා:lol::lol::lol:
    5.විකුනද්දි නැති වෙන සල්ලියයි, බැටරියක් ඉන්වර්ටරයක් දාන්න උනොත් යන සල්ලියයි එක්ක ගත්තහම ඒ සල්ලි වලින් ඇලියොන් එකක් ෆුල් පේන්ට් කරලා ඇන්ජිමකුයි ගියර් බොක්ස් එකකුයි තියලා අව්රුදු 2ක් පැට්‍රලුත් ගැහුවහැකි:lol::lol::lol:

    පට්ට කතාව ඕයි.. :lol::lol::lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    2. ගිය මාසේ 15000/=, එකෙන් 2000/= ගෙදර පාවිච්චිය.

    උඹට 13,000ක කරන්ට් බිලක් ගිහින් තියනවා :shocked::shocked:
    මේ චාජ් කරපු ටිකෙන් ගිය මාසෙට කොච්චර කිලෝමීටර් ගානක් දිව්වද කියපන්කෝ මචං තරහ නැතුව....
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    උඹට 13,000ක කරන්ට් බිලක් ගිහින් තියනවා :shocked::shocked:
    මේ චාජ් කරපු ටිකෙන් ගිය මාසෙට කොච්චර කිලෝමීටර් ගානක් දිව්වද කියපන්කෝ මචං තරහ නැතුව....

    ado echchara yanavada charage karanna ??????
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. 0 - 100% චාජ් කරන්න 24units. traffice 130Km, outstation 180Km.
    2. ගිය මාසේ 15000/=, එකෙන් 2000/= ගෙදර පාවිච්චිය.
    3. සර්විස් මොනවත් ඕනේ නෑ. බ්‍රේක් ඔයිල් සහ A/C radiator coolant බලලා, මදි පාඩුව දාන්න ඕනේ ( සවුත්තු නම් flush කරන්න වෙයි ).
    4. 10 years or 100,000 Km warranty. නමුත් ඊට වඩා පාවිච්චි කරන්න පුළුවන් හරියට පාවිච්චි කලොත්. මිල දැනට සම්පුර්ණ බැටරි පැක් එකම 500,000/= නමුත් මේ පැක් එක එන්නේ පොඩි මොඩියුල් 96ක් එකතු කරලා. ඕන නම් මේ 96න් එකක් දෙකක් උනත් මාරු කරන්න පුළුවන්.

    මචං උඔ කියපු ඔය සාධක ඕනම වාහනයකට වැලිඩ්. ඕනම වාහනයක් depreciate වෙනවා. ලංකාවේ විතරයි ඔය වාහන සෙට් එකක් තියෙන්නේ ජීවිතේට depreciate වෙන්නේ නැති. ඕක ලංකාවේ හදා ගත්ත මාකට් එකක් නිසා වෙන දෙයක්. අනිත් රට වල ක්‍රෂ් කරන වාහන මෙහේ සිරා, සුපිරි කියලා පදිනවා.
    පරණ ඒවා අරන්, රෙපෙයාර් කරලා, පට්ට ගහලා, ගත්ත ගානට දෙන්න කැමති අය ඒවා ගත්තාවේ. අලුත් වාහනයක් අරන්, සැපට පැදලා, තාක්ෂණය අත් විඳලා, තෙල් සල්ලි ටිකක් ඉතුරු කරන් පස්සේ අඩුවට විකුණන එක අවුලක් නැති එකා එහෙම කරපුවාවේ.
    ලෝකේ හැම දේම depreciate වෙනවා වගේ වාහනත් මිල බහිනවා කාලය අනුව. ඒක දරා ගන්න බැරි නම් අර පරණ ඒවා ගනින්, නැත්නම් නොගෙන ඉඳින්.

    අන්තිම ටිකට මගේ අදහසක් කියන්නම්. මම මහ ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි. ඒ නිසා මම වියදම් කරන්නේ යම් කිසි ආදායමක් බලාපොරොත්තුවෙන්. මොකද අනාගතයේදී සල්ලි නැතුව දුක් විදින්න වුනොත් වාහන ගන්න කියලා උපදෙස් දෙනෙ එකෙක් මගේ උදව්වට එන්නෙ නෑනේ බං. ඒ නිසා මම ගන්නේ පාවිච්චි කරලා ලාභයකුත් තියාගන විකුණන්න පුලුවන් වාහන විතරයි. අඩුම තරමේ ඒ වාහනයක් විකිණුවට පස්සේ මට දුවපු කිලෝමීටර් ගානට පාඩුවක් නෑ. ඇත්තටම කියනව නම් කරන රෙපෙයාර් එක්ක මම කිලෝමීටරයකින් යම් කිසි මුදලක් උපයලා ඉවරයි ඒ වාහනේ විකුණනකොට. ඉතිං මම කැමති නෑ අව්රුදු 3 ක් 4 ක් ඇතුලත ලක්ෂ 5 ක් හෝ ඊට වැඩි මුදලක් වාහනයක් වෙනුවෙන් නැති කරගන්න. දියුනු රටවල තියන ක්‍රම අපේ රටට ගැලපෙන්නෙ නෑ. මොකද අපේ රටේ මිනිස්සුන්ට බෑ වාහනයක් අව්රුදු 5 ක් 10 ක් පැදලා අයින් කරන්න. ඒ නිසා දවසින් දවස අලුත් වෙන තාක්ෂණයක් ගන්න ගිහින් මුලු අනාගතයටම රිස්ක් එකක් ගන්න එක තේරුමක් නැති වැඩක්.
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    රත්තරං;19005081 said:
    මොකෝ කියන්නේ මචන්.. කතරගමට පොඩ්ඩක් ගිහින් එමුද ඕකේ??
    උන ලීයයි කම්බි කොකු දෙකයි ගෙන්න ඔට්ටු නෑ ඕන්:lol::lol::lol:

    මොනවද බන් ලක්ශ 30ක් දීලා ඕකක් ගෙනත් ගමනක් යන්න බැරිද? ඔය සල්ලි වලින් බ්ලොග් ගල් ටිකක් ගෙනත් කඩ කෑල්ලක් ගැහුවනම් රෙන්ට් එකට දීලා එකේ සල්ලි වලින් ලෑන්ඩ් කෲසර් ජේ200 එකක් රෙන්ට් එකට අරන් කතරගම ගිහින් එන්න තිබ්බ:(:(:(:(:(
    උඹේ කලින් රිප්ලයි එකට පස්සේ උත්තර දෙන්නම්. ඒක දිග කතාවක් නේ.

    මචං තාම මේක ලංකාවේ පටන් ගත්තා විතරයි. තාම ලේසියෙන් දුර ගමන් යන්න බෑ තමා බං. උඔ බලපන් මේ අවුරුද්ද ඉවර වෙද්දී මොකද වෙන්නේ කියලා.
    අනික මම මේකේ අනුරාධපුරේ ගියා ගිය මාසේ. කුරුණෑගල දවල්ට කන වෙලාවේ චාජ් කර ගත්තා. කතරගමත් ඕන නම් ගිහින් පෙන්නන්නම්. මචං උවමනාව තියෙනවා නම් කරගන්න විදියකුත් තියෙනවා ඕන දෙයක්.

    රත්තරං;19005094 said:
    අද වෙනකන් පැද්ද වාහන වික්කේ ගහපු පෙට්‍රල්, කරපු රෙපෙයාර් සහ ලාබෙකුත් එක්ක

    ජෙනරේශන් වන් ටූ ප්‍රියස් එහෙම දැන් ආදායම් ගන්නේ කරවිල වැල් වට්ටක්කා වැල් යවලා පලදාව ලැබෙන විදිහට.. ලීෆ් වලින්නම් තව අව්රුදු 5කින් ආදායම් ගන්න වෙන්නේ වක්කලමට දාලා ඉස්සෝ අහු වෙන විදිහට:lol::lol::lol::lol::lol:

    මචං මම මේක ගත්තේ ලාබ තියන් විකුණන්න නෙමේ. ගන්නකොට ලාබෙට අරන්, සැපට පැදලා, තෙල් වියදම ටිකක් අඩු කරගෙන, පස්සේ දීලා දාන්න. දෙන ගාන ගත්ත ගානට වඩා අඩු වේවි. හැබැයි උඔ කියන තරම් අපහාස විඳගෙන විකුණන්න නම් වෙන්නේ නෑ.
    ලක්ෂ 60ක විතර වාහනයක් ලක්ෂ 30ට අරන් අවුරුදු තුනකින් විතර ලක්ෂ 20ට දුන්නත් මට අවුලක් නෑ. මොකද මම ඒ කාලය තුල තවත් ලක්ෂ කීපයක් සර්විස් සහ තෙල් වියදම් වලින් කවර් කරන් ඉවර නිසා.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    උඹට 13,000ක කරන්ට් බිලක් ගිහින් තියනවා :shocked::shocked:
    මේ චාජ් කරපු ටිකෙන් ගිය මාසෙට කොච්චර කිලෝමීටර් ගානක් දිව්වද කියපන්කෝ මචං තරහ නැතුව....

    over 2000Kms. ( day to day office travel 57Kms. Weekends වල ඊට වඩා දිව්වා. තව අනුරාධපුරේ ගහින් ආවා )
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අන්තිම ටිකට මගේ අදහසක් කියන්නම්. මම මහ ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි. ඒ නිසා මම වියදම් කරන්නේ යම් කිසි ආදායමක් බලාපොරොත්තුවෙන්. මොකද අනාගතයේදී සල්ලි නැතුව දුක් විදින්න වුනොත් වාහන ගන්න කියලා උපදෙස් දෙනෙ එකෙක් මගේ උදව්වට එන්නෙ නෑනේ බං. ඒ නිසා මම ගන්නේ පාවිච්චි කරලා ලාභයකුත් තියාගන විකුණන්න පුලුවන් වාහන විතරයි. අඩුම තරමේ ඒ වාහනයක් විකිණුවට පස්සේ මට දුවපු කිලෝමීටර් ගානට පාඩුවක් නෑ. ඇත්තටම කියනව නම් කරන රෙපෙයාර් එක්ක මම කිලෝමීටරයකින් යම් කිසි මුදලක් උපයලා ඉවරයි ඒ වාහනේ විකුණනකොට. ඉතිං මම කැමති නෑ අව්රුදු 3 ක් 4 ක් ඇතුලත ලක්ෂ 5 ක් හෝ ඊට වැඩි මුදලක් වාහනයක් වෙනුවෙන් නැති කරගන්න. දියුනු රටවල තියන ක්‍රම අපේ රටට ගැලපෙන්නෙ නෑ. මොකද අපේ රටේ මිනිස්සුන්ට බෑ වාහනයක් අව්රුදු 5 ක් 10 ක් පැදලා අයින් කරන්න. ඒ නිසා දවසින් දවස අලුත් වෙන තාක්ෂණයක් ගන්න ගිහින් මුලු අනාගතයටම රිස්ක් එකක් ගන්න එක තේරුමක් නැති වැඩක්.

    ඒක තමා බං කියන්නේ. තමන්ගේ මට්ටං තම්මට්ටං කියලා. වාහනක් අරන් , පැදලා , ලාබ තියන් විකුණන්න ඕන නම් ඒ අයට ඒ වාහන තියෙනවා ( මේක පුළුවන් ලංකාවේ විතරයි ඈ ).
    අනිත් එවුන් අනිත් වාහන ගත්තාවේ. මම කියන්නේ ඒවා චාටර් මේවා තමා සුපර් කියලා කියන්න එපා කියලයි.
     
    • Like
    Reactions: y_rangana

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    ඒක තමා බං කියන්නේ. තමන්ගේ මට්ටං තම්මට්ටං කියලා. වාහනක් අරන් , පැදලා , ලාබ තියන් විකුණන්න ඕන නම් ඒ අයට ඒ වාහන තියෙනවා ( මේක පුළුවන් ලංකාවේ විතරයි ඈ ).
    අනිත් එවුන් අනිත් වාහන ගත්තාවේ. මම කියන්නේ ඒවා චාටර් මේවා තමා සුපර් කියලා කියන්න එපා කියලයි.

    :yes::yes::yes::yes:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    අන්තිම ටිකට මගේ අදහසක් කියන්නම්. මම මහ ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි. ඒ නිසා මම වියදම් කරන්නේ යම් කිසි ආදායමක් බලාපොරොත්තුවෙන්. මොකද අනාගතයේදී සල්ලි නැතුව දුක් විදින්න වුනොත් වාහන ගන්න කියලා උපදෙස් දෙනෙ එකෙක් මගේ උදව්වට එන්නෙ නෑනේ බං. ඒ නිසා මම ගන්නේ පාවිච්චි කරලා ලාභයකුත් තියාගන විකුණන්න පුලුවන් වාහන විතරයි. අඩුම තරමේ ඒ වාහනයක් විකිණුවට පස්සේ මට දුවපු කිලෝමීටර් ගානට පාඩුවක් නෑ. ඇත්තටම කියනව නම් කරන රෙපෙයාර් එක්ක මම කිලෝමීටරයකින් යම් කිසි මුදලක් උපයලා ඉවරයි ඒ වාහනේ විකුණනකොට. ඉතිං මම කැමති නෑ අව්රුදු 3 ක් 4 ක් ඇතුලත ලක්ෂ 5 ක් හෝ ඊට වැඩි මුදලක් වාහනයක් වෙනුවෙන් නැති කරගන්න. දියුනු රටවල තියන ක්‍රම අපේ රටට ගැලපෙන්නෙ නෑ. මොකද අපේ රටේ මිනිස්සුන්ට බෑ වාහනයක් අව්රුදු 5 ක් 10 ක් පැදලා අයින් කරන්න. ඒ නිසා දවසින් දවස අලුත් වෙන තාක්ෂණයක් ගන්න ගිහින් මුලු අනාගතයටම රිස්ක් එකක් ගන්න එක තේරුමක් නැති වැඩක්.

    Wena ratawala un wahana aduwata wikunanne machan 1.5M wahane 1.5m walata aragena, mehe 1.5M eka ganne 4.5M withara :P onna okay me rata wena ratawal ekka compare karata wadak naththe :)

    Mehe Panda ekak ganna salli walin dubai wala top condition prado ekak gaththa haki :rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    1. 0 - 100% චාජ් කරන්න 24units. traffice 130Km, outstation 180Km.
    2. ගිය මාසේ 15000/=, එකෙන් 2000/= ගෙදර පාවිච්චිය.
    3. සර්විස් මොනවත් ඕනේ නෑ. බ්‍රේක් ඔයිල් සහ A/C radiator coolant බලලා, මදි පාඩුව දාන්න ඕනේ ( සවුත්තු නම් flush කරන්න වෙයි ).
    4. 10 years or 100,000 Km warranty. නමුත් ඊට වඩා පාවිච්චි කරන්න පුළුවන් හරියට පාවිච්චි කලොත්. මිල දැනට සම්පුර්ණ බැටරි පැක් එකම 500,000/= නමුත් මේ පැක් එක එන්නේ පොඩි මොඩියුල් 96ක් එකතු කරලා. ඕන නම් මේ 96න් එකක් දෙකක් උනත් මාරු කරන්න පුළුවන්.

    :)

    අනික මම මේකේ අනුරාධපුරේ ගියා ගිය මාසේ. කුරුණෑගල දවල්ට කන වෙලාවේ චාජ් කර ගත්තා

    ikmanata charge karana than thiyenawada ?

    මචං මම මේක ගත්තේ ලාබ තියන් විකුණන්න නෙමේ. ගන්නකොට ලාබෙට අරන්, සැපට පැදලා, තෙල් වියදම ටිකක් අඩු කරගෙන, පස්සේ දීලා දාන්න. දෙන ගාන ගත්ත ගානට වඩා අඩු වේවි. හැබැයි උඔ කියන තරම් අපහාස විඳගෙන විකුණන්න නම් වෙන්නේ නෑ.
    ලක්ෂ 60ක විතර වාහනයක් ලක්ෂ 30ට අරන් අවුරුදු තුනකින් විතර ලක්ෂ 20ට දුන්නත් මට අවුලක් නෑ. මොකද මම ඒ කාලය තුල තවත් ලක්ෂ කීපයක් සර්විස් සහ තෙල් වියදම් වලින් කවර් කරන් ඉවර නිසා.

    ehenam ithin kamak naha,amaruwen salli ekathu karagena ganna ekkanekta thama ithin hithanna wenne gannawada nadda kiyala
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Wena ratawala un wahana aduwata wikunanne machan 1.5M wahane 1.5m walata aragena, mehe 1.5M eka ganne 4.5M withara :P onna okay me rata wena ratawal ekka compare karata wadak naththe :)

    Mehe Panda ekak ganna salli walin dubai wala top condition prado ekak gaththa haki :rofl:

    එක තමා බං කියන්නේ. වෙන රටවල සල්ලි තියෙන එකා අලුත් වාහනයක් ගන්නවා. සල්ලි නැති එකා ඒ මොඩල් එකේම සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නවා, බොහොම අඩුවට. අරන් පාවිච්චි කරලා ඊට පොඩ්ඩක් අඩුවෙන් දෙනවා. මගේ ඉන්න සමහර UK යාලුවෝ ඕක තමා කරන්නේ. උන් ඉන්ටර්න් කාලෙම සිරා වාහන බස්සනවා, හැබැයි සෙකන්ඩ් හෑන්ඩ්.
    මෙහේ අර පරණ වාහන සෙට් එකේ මාකට් එක උස්සලා තියෙන තාක් ඔය දේ මෙහේ කරන්න බෑ. කොරොල්ලා පරණ ඒවා ගනන් නම්, අනිත් ඒවත් ගනන්. ඉතිං සල්ලි නැති එකා පදින්නේ හද්ද පරණ වාහන. සමහර ඒවා අයිති කාරයට වඩා වයසයි. උන්ට සිරා වාහනයක් පදින්න වෙන්නේ නෑ බං ලේසියකට.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක තමා බං කියන්නේ. තමන්ගේ මට්ටං තම්මට්ටං කියලා. වාහනක් අරන් , පැදලා , ලාබ තියන් විකුණන්න ඕන නම් ඒ අයට ඒ වාහන තියෙනවා ( මේක පුළුවන් ලංකාවේ විතරයි ඈ ).
    අනිත් එවුන් අනිත් වාහන ගත්තාවේ. මම කියන්නේ ඒවා චාටර් මේවා තමා සුපර් කියලා කියන්න එපා කියලයි.

    උඹ දන්නවද මචං ඌ එහෙම කියන්නේ ඇයි කියලා.?
    ලංකාවේ ඉන්න, වාහනයක් ගන්න පුලුවන් තරුණ පරම්පරාවෙන් ඒ කිව්වේ 20 - 40 වගේ රේජ් එකේ බහුතරයකට වාහනේට වියදම් කරපු මුදල අමතක කරන්න බෑ. ඉතිං බලාපොරොත්තු වෙන්නේ අද ගන්න වාහනයක් තව අව්රුදු කීපයකින් විකුණලා වෙන එකක් ගන්න. ඒ දේ කරන්න බැරි වෙනවා ඔය ගන්න එපා කියන වාහනයක් ගත්තම. බලපං මර්සඩීස්, බීඑම්ඩබ්ලිව් ගන්න එපා කියන්නේ ඇයි. ඒකටත් හේතුව තමයි ඒවා මෙහෙ බහුතරයකට නොගැලපිම. නමුත් අරං මේන්ටේන් කරන්න පුලුවන් මිනිස්සු ඉන්නවා. නමුත් රත්තරං උගේ ත්‍රෙඩ් වලින් ඉලක්ක කරන්නේ දියුනුවෙන්න තදබල උවමනාවක් තියන, දියුනු වෙමින් පවතින උන්. ඉති ඒ ඛාන්ඩයේ එව්න්ගේ දියුනුවේ ගමනට යම් වාහනයක් නිසා ටිකක් හරි අඩාල වෙනවනම් ඒ වැඩේ කරන්න එපා කියනවා.
    ඔය කියපු ගොඩක් එව්න් වාහන ගන්නේ මචං ටික ටික එකතු කරලා. සමහර එව්න් ලීස් පවා කරලා වාහනේ ගන්නේ. ඒ වගේ මිනිස්සු සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩු වාහනයක් ගන්නවා කියන්නේ ඉතිං සදා අනාතයි.
     
    • Like
    Reactions: xxc

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    1. 0 - 100% චාජ් කරන්න 24units. traffice 130Km, outstation 180Km.
    2. ගිය මාසේ 15000/=, එකෙන් 2000/= ගෙදර පාවිච්චිය.
    3. සර්විස් මොනවත් ඕනේ නෑ. බ්‍රේක් ඔයිල් සහ A/C radiator coolant බලලා, මදි පාඩුව දාන්න ඕනේ ( සවුත්තු නම් flush කරන්න වෙයි ).
    4. 10 years or 100,000 Km warranty. නමුත් ඊට වඩා පාවිච්චි කරන්න පුළුවන් හරියට පාවිච්චි කලොත්. මිල දැනට සම්පුර්ණ බැටරි පැක් එකම 500,000/= නමුත් මේ පැක් එක එන්නේ පොඩි මොඩියුල් 96ක් එකතු කරලා. ඕන නම් මේ 96න් එකක් දෙකක් උනත් මාරු කරන්න පුළුවන්.

    :)

    ehenam ithin kamak naha,amaruwen salli ekathu karagena ganna ekkanekta thama ithin hithanna wenne gannawada nadda kiyala

    තාම චැලෙන්ජ් එකක් තියෙනවා උඔ outstation නිතර drive කරනවා නම්. slow charging දැන් හැම තැනම තියෙනවා. fast charging මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් එනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Wena ratawala un wahana aduwata wikunanne machan 1.5M wahane 1.5m walata aragena, mehe 1.5M eka ganne 4.5M withara :P onna okay me rata wena ratawal ekka compare karata wadak naththe :)

    Mehe Panda ekak ganna salli walin dubai wala top condition prado ekak gaththa haki :rofl:

    ඔව් මචං. කවදාවත් වෙන රටවල වාහන මාකට් එකත් එක්ක සසදලා ලංකාවේ වාහන ගන්න බලාගෙන ඉන්න හොදනෑ. එහෙම වුනොත් වාහනයක් ගන්න වෙන්නෙ නෑ. හොද සල්ලි කාරයෙක් නෙවෙයි නම්, වාහන වලට වියදම් කරපු සල්ලි අමතක කරලා දාන්න බැරිනම්, බලන්න ඕනේ අතේ තියන මුදලට, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හොද, ලෙඩ අඩු, පාට්ස් ලාභ වගේම සැපපහසු වාහනයක් ගන්න.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    උඹ දන්නවද මචං ඌ එහෙම කියන්නේ ඇයි කියලා.?
    ලංකාවේ ඉන්න, වාහනයක් ගන්න පුලුවන් තරුණ පරම්පරාවෙන් ඒ කිව්වේ 20 - 40 වගේ රේජ් එකේ බහුතරයකට වාහනේට වියදම් කරපු මුදල අමතක කරන්න බෑ. ඉතිං බලාපොරොත්තු වෙන්නේ අද ගන්න වාහනයක් තව අව්රුදු කීපයකින් විකුණලා වෙන එකක් ගන්න. ඒ දේ කරන්න බැරි වෙනවා ඔය ගන්න එපා කියන වාහනයක් ගත්තම. බලපං මර්සඩීස්, බීඑම්ඩබ්ලිව් ගන්න එපා කියන්නේ ඇයි. ඒකටත් හේතුව තමයි ඒවා මෙහෙ බහුතරයකට නොගැලපිම. නමුත් අරං මේන්ටේන් කරන්න පුලුවන් මිනිස්සු ඉන්නවා. නමුත් රත්තරං උගේ ත්‍රෙඩ් වලින් ඉලක්ක කරන්නේ දියුනුවෙන්න තදබල උවමනාවක් තියන, දියුනු වෙමින් පවතින උන්. ඉති ඒ ඛාන්ඩයේ එව්න්ගේ දියුනුවේ ගමනට යම් වාහනයක් නිසා ටිකක් හරි අඩාල වෙනවනම් ඒ වැඩේ කරන්න එපා කියනවා.
    ඔය කියපු ගොඩක් එව්න් වාහන ගන්නේ මචං ටික ටික එකතු කරලා. සමහර එව්න් ලීස් පවා කරලා වාහනේ ගන්නේ. ඒ වගේ මිනිස්සු සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩු වාහනයක් ගන්නවා කියන්නේ ඉතිං සදා අනාතයි.

    මම කලින් කිව්වා වගේ ඔය ප්‍රශ්ණේ ඇවිත් තියෙන්නේ, අර පරණ කොරොල්ලා වාහන තාම ගිණි ගනන් වලට යන නිසා. පරණ වාහන වල වටිනාකම depreciate වෙනවා නම්, සිරා වාහන ගන්න පුළුවන් සෙකන්ඩ් හෑන්ඩ් ගොඩක් අඩුවට. අරන් පැදලා ඊට පොඩ්ඩක් අඩුවෙන් දීලා දාන්න පුළුවන්.
    මේ කරුමේ සෙට් වෙලා තියෙන්නේ මෙහේ මාකට් හැදිලා තියන විදිය නිසා.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මචං උඔ කියපු ඔය සාධක ඕනම වාහනයකට වැලිඩ්. ඕනම වාහනයක් depreciate වෙනවා. ලංකාවේ විතරයි ඔය වාහන සෙට් එකක් තියෙන්නේ ජීවිතේට depreciate වෙන්නේ නැති. ඕක ලංකාවේ හදා ගත්ත මාකට් එකක් නිසා වෙන දෙයක්. අනිත් රට වල ක්‍රෂ් කරන වාහන මෙහේ සිරා, සුපිරි කියලා පදිනවා.
    පරණ ඒවා අරන්, රෙපෙයාර් කරලා, පට්ට ගහලා, ගත්ත ගානට දෙන්න කැමති අය ඒවා ගත්තාවේ. අලුත් වාහනයක් අරන්, සැපට පැදලා, තාක්ෂණය අත් විඳලා, තෙල් සල්ලි ටිකක් ඉතුරු කරන් පස්සේ අඩුවට විකුණන එක අවුලක් නැති එකා එහෙම කරපුවාවේ.
    ලෝකේ හැම දේම depreciate වෙනවා වගේ වාහනත් මිල බහිනවා කාලය අනුව. ඒක දරා ගන්න බැරි නම් අර පරණ ඒවා ගනින්, නැත්නම් නොගෙන ඉඳින්.

    හැමදේම depreciate වෙනවා තමයි. නමුත් අපි බලන්න ඕනේ ඒ මුදල කොහෙද ගියේ කියල. අපි ගමුකො උදාහරණයකට Benz එකක් ගත්ත කෙනෙක්. අවුරුදු 5ට මිලියන 5 - 8 කුඩු. හැබැයි මිනිහ ඒ අවුරුදු පහට වාහනේ උපරිම ආතල් එක ගන්නවා. තව තමන්ගේ status එක. තව ආරක්ෂාව. ඔය වගේ නොයෙක් දේ. අන්න ඒ වෙනුවෙන් තමයි ඔය මුදල යට කරන්නේ.

    හැබැයි ගන්න වාහනේ සාමාන්‍ය එකක නම්. සහ driving experience එක සාමාන්‍ය නම් මුදල යට කලේ මොකටද කියන ප්‍රශ්නය එනවා. ඒ මදිවට හදිසියට ගමනක් යන්නත් බැහැ. පෙට්‍රල් එක්ක සංසන්දනය කලාම තවම ලොකු ඉතුරුවක් ඇත්තෙම නැහැ.

    කොච්චර මුදල් තිබුනත් වැඩක් නැහැ එක හරියට කළමනාකරණය කරන්න දන්නේ නැත්තම්. මම කියන්නේ නැහැ මුදල් වියදම් කරන්න එපා කියල. හම්බ කරන්නේ වියදම් කරන්නනේ මචං නැතුව මැරුණම ගෙනියනවය. නමුත් එක වැදගත් දේකට දාන්න ඕනේ. අඩුම ගානේ කෑමට හරි කමක් නැහැ. බඩට වත් වැඩක් වෙනවනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම කලින් කිව්වා වගේ ඔය ප්‍රශ්ණේ ඇවිත් තියෙන්නේ, අර පරණ කොරොල්ලා වාහන තාම ගිණි ගනන් වලට යන නිසා. පරණ වාහන වල වටිනාකම depreciate වෙනවා නම්, සිරා වාහන ගන්න පුළුවන් සෙකන්ඩ් හෑන්ඩ් ගොඩක් අඩුවට. අරන් පැදලා ඊට පොඩ්ඩක් අඩුවෙන් දීලා දාන්න පුළුවන්.
    මේ කරුමේ සෙට් වෙලා තියෙන්නේ මෙහේ මාකට් හැදිලා තියන විදිය නිසා.

    අන්න ඒකයි. අපි ඒ ක්‍රමේට හැඩ ගැහෙනවා ඇරෙන්න අපිට මේ ලංකාවේ වාහන මාකට් එක වෙනස් කරන්න බෑ බං. මේ රටේ වාහන මාකට් එක යන චක්‍රයක් තියනවා. ඒ චක්‍රයෙන් පිට යන එක සාමාන්‍ය ආදායමක් තියන පුද්ගලයෙකුට ඇගට ගුන නෑ.