ඒකනේ කියන්නේ... හයිබ්රිඩ්/ලීෆ් ගත්ත එකා ලක්ෂ 5ක් අඩුවට විකුනන්න වෙන්නේ කියලා උඹ උඩ පනිනවා
ඔය මම කියලා තියන හැටියට ප්රාඩෝ වගේ එව්වගෙත් විකුනද්දී පාඩුව ලක්ෂ 20 කට වැඩියි
ඕක හැම වාහනේටකටම පොදු දෙයක්.
උඹ කියන හැටියට හයිබ්රිඩ්/ලීෆ් එකක් විකුනද්දී ලක්ෂ 5 ගානේ පාඩු වෙනවා නම් 3-4 පාරක් විකුණුවොත් අතින් දෙන්නත් වෙනවා
එහෙම වෙන්නේ නෑ..අලුත්ම වාහනයක් unregistered අරන් විකුණද්දී විතරයි ඕක වෙන්නේ
රත්තරන්ගේ ප්රාඩෝ එක අවුරුදු 2 කට සැරයක් ලක්ෂ 6 ගානේ වැඩිපුර විකුනන්න බෑ...එහෙම රත්තරං වල මිල ගනන් යනවා වගේ අවුරුදු 13ක් පරන ප්රාඩෝ එකක් ගනන් යන්න නම් ඕක බොඩිය රත්තරන් වලින් හදලා තියෙන්න ඕනේ...
තව අවුරුදු 7-8කින් අවුරුදු 20ක් පරන ඔය ප්රාඩෝ එක 42 + 6x7 = 84ක් වෙන්නේ නෑ (දැනට 13යි තව අවුරුදු 7කින් 20යි)
තාක්ෂණය දියුණු වේගන අලුත් අලුත් වාහන එද්දී මිනිස්සු ඒවට නැඹුරු වෙන නිසා ඔය අවුරුදු 15-20 පරන වාහන මිනිස්සු ගන්නේ නෑ
සමහර විට මාර්ග තදබදය නිසා ඔය වගේ අවුරුදු 20 කට වඩා පරණ යකඩ ගොඩවල් පාරෙන් අයින් කරන්නත් ඉඩ තියනවා
මම එහෙම කියන්නේ මගේ වාහනේ අරන් ගිය සතියට හරියටම අවුරුද්දයි. මීට අවුරුද්දකට කලින් තිබුනේ කාර් වල CAA, ත්රීවීල් AAS, මෝටර් සයිකල් BBE... දැන් අවුරුද්දකට පස්සේ කාර් CAK, ත්රීවීල් ABE, මෝටර් සයිකල් BCU. මේ විදිහට බලද්දී පහුගිය අවුරුද්දට කාර් 110,000ක් හා ත්රීවීල් 130,000ක් රෙජිස්ටර් වෙද්දී මෝටර් සයිකල් 430,000ක් රෙජිස්ටර් වෙලා තියනවා. මේ වාහන කන්දරාවට හරියන්න එක පාරක්වත් පලල් වුනේ නෑ.
ඒ නිසා අවුරුදු 7-8 ගානක් පරණ වාහන ගන්න අයට ඉස්සරහට පාඩුවක් මිසක් ලාබයක් ගන්න බෑ
කලින් එකට දාපු උත්තරේ බලන්න





