Nissan Patrol Y60

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අද මම කියන්න යන්නේ පිරිමින්ට හදපු මැශින් එකක් ගැන... ඕගොල්ලොත් දන්න ඒවා එකතුකරන්න මේ ත්‍රෙඩ් එකට

    ss13hf-hpc_3_4_front.jpg


    myy601996-1.jpg


    අසූව දශකයේ අගභාගේ ඉදන් අනූව දශකයේ අගභාගේ වෙනකන් ඕෆ් රෝඩ් වලට ලෝකේ නිශ්පාදනය වෙච්ච විශිශ්ටතම නිශ්පාදන වලින් එකක් තමයි නිසාන් පැට්‍රෝල් Y60 කියන්නේ. අද උනත් මේ වාහනය ඕෆ් රෝඩ් වාහනයක් විදිහට ඉතාම ප්‍රසිද්දයි, ඒ වගේම මිනිස් ඉතිහාසයේ නිශ්පාදනය උනු සවිමත්ම මැශින් එකක් මේක


    i444220.jpg


    මේක නිශ්පාදනය වෙන්නේ 1987 ඉදන් 1997 දක්වා


    Nissan_Safari_HW_sm400.jpg



    සිලින්ඩර් 6 කින් සමන්විත 4200cc සද්දන්ත ඩීසල් ඇන්ජිමකින් සමන්විත වෙච්ච මේ වාහනය ලංකාවේ හුගක් දකින්න තියෙන්නේ. පෙට්‍රල් වලින් දාවනය වෙන ජීප් එකත් ඇති. ඒත් මම එකක් වත් ලංකාවේ දැකලා නෑ.

    ඔය ඩීසල් එකේ ලංකාවේ තියෙන 4200cc ඇන්ජින් එක තමයි TD42 - 85 kW at 4000 rpm

    ඒ එක්කම යුරෝපියන් මාකට් එකට RD28T ඇන්ජිමත් එක්ක මේකට වඩා බලසම්පන්න විදිහට නිසාන් පැට්‍රල් එක ඉදිරිපත් කලා.ඒ RD28T ඇන්ජිම ටර්බෝ චාර්ජ්ඩ් ඇන්ජිමක්.

    RD28T

    nissan__patrol_4_2_turbo_diesel_y60_safari_automatic_1993_2_lgw.jpg


    6157766350_d214e22aab_b.jpg


    මේ වාහනේ ඔටෝ ගියර් සහ මැනුවල් දෙකෙන්ම ආවත් මමනම් හිතන්නේ මේකක ඔටෝ එකක් ගන්නවා කියන්නේ ආමි කිට් එකක් ඇදලා රෝස පාට පීක් පීක් ගාන සපත්තු දෙකක් දාගන්නවා වගේ වැඩක් කියල. මේකේ උපරිම ආශ්වදය ලබන්නනම් මැනුවල් එකක් එලවලා බලන්න


    මේකේ මැනුවල් එක ගියර් 5, ඔටෝ එක ගියර් 4.

    Manual FS5R50A
    Auto RE4R03A

    ඒ වගේම මේ සද්දන්තයාගේ තියෙන්නේ 24 ඉලෙක්ට්‍රොනික පද්දතියක්. බැටරි දෙකක් එනවා වාහනේට

    nissan_patrol_y60_3.jpg


    nissan-patrol-gr-01.jpg


    patrol_y60.jpg


    මේකේ ඊලග ජෙනරේශන් එක තමා Y61 එක. ඒක 1997 ඉදන් අද වෙනකනුත් හදනවා. ඒකත් සුපිරි බඩුවක් තමා, හැබැයි ලංකාවේ අනූගනන් වල හදුන්වා දුන් බදුත් එක්ක හුගක් අය 4200ඇන්ජිම තියෙන ඒවා වැඩිය ආනයනය කලේ නෑ. හුගක් තියෙන්නේ 3000cc ඒවා. අනික මේ එකේ බෝල බෝල පෙනුමත් එක්ක කැලෑවක මඩ වලක ගල්ගොඩක දාන්න හිතක් දෙයිද මනුස්සයෙක්ට....?


    Patrol_Mod1_ModB.ashx


    නිසන් පැට්‍රල් ගැන වැදගත් දේ...


    *.ඕගොල්ලෝ විශ්වාස කරනවද y61 එකේ එන මොඩිෆයි කරපු TB48DE ඇන්ජින් එකකට ලැම්බෝගිනි, ෆෙරාරි වගේ මෝටර් රත අභිභවා වේගයක් ගන්න පුලුවන් කියලා. යූටියිබ් එකේ බලන්න

    *.ලංකාවේ මිලදී ගන්න භයානකම වාහනය තමා නිසාන් පැට්‍රෝල් කියන්නේ. තියෙන වාහන වලින් 95%කටත් වඩා හොර වාහන, දැන් ඒවා දැක්ක දැක්ක තැන අල්ලනවා

    *. මිලදී ගන්නවනම් 64,65,61, නොම්බර ඒවා ගන්න බලන්න. ඒ ආපුවා අතර තමා ඔරිජිනල් වාහන තියෙන්නේ

    *.1985ට කලින් ආපු කිසිම නිසන් පැට්‍රල් පෙනුම තියෙන ජීප් එකක් Y60 නෙමේ ඒ 160 සීරීස් වලට බොඩි තියලා අමුනපුවා. ඒ මරන වලට රැවටෙන්න එපා. නීතිමය ප්‍රශ්නත් තියෙනවා

    *.දොර පහක ජීප් එකක පොතේ වාහනයේ දිග පලල තියෙන තැන හිස්නම් ඒකට අතවත් තියන්න එපා. දිග පලල නැතුව ආවේ කොට මොඩල් එක. ලංකාවේ ආව කොට මොඩල් සේරම දිග බොඩි තියල තියෙන්නේ දැන්. දැක්ක දැක්ක තැන පොලිසියෙන් අල්ලනවා. ඇල්ලුවොත් රාජ්‍ය සන්තකයි

    *.මේ වාහනේ වැඩිම මාකට් එකක් තියෙන්නේ ෆ්ලැට් රූෆ් එකට

    *.ලක්ශ 36ක් දක්වා උපරිම වගේ මිලකට කන්ඩිශන් එක මත නිසාන් පැට්‍රල් එක විකිනෙනවා.

    *.මේ වා පාවිච්චි කරන අය අමතර කොටස් හුගක් වෙලාවට මැදපෙරදිගින් හෝ සිංගප්පූරුවෙන් ගෙන්වාගන්නවා.

    *. අදටත් මැදපෙරඩිග ස්වදේශිකයන්ගේ සෙල්ලම් බඩුව තමා නිසාන් පැට්‍රෝල් Y60/Y61 ජීප් එක. කාන්තාරේ සෙල්ලම් දාන්න මීට වඩා කොල්ලෙක් නෑ තාම

    interior-complet-piele-nissan-patrol-y60-7-locuri-4d69b10cb5090ff8b8-800-600-1-95-1.jpg


    අන්තිමට කියන්න තියෙන්නේ මේ "සද්දන්ත යන්තරේ මොකක්ද කියන එක මේකක් පැදපු නැති කෙනෙක්ට කිසිම දවසක හිතාගන්නවත් බෑ"


    PS- කෑලි එල්ලෙන රොකඩයක් නෙමේ 95/96/97 බඩ්ඩක් පැදල බලන්න

    ඔය ඉන්දියන් බයික් පැද පැදා ඉන්න කෙනෙක් AX1 එකක් පැද්ද දවසෙදි දැනුනු දේ මතක් කරගන්න.... මූ තමා ජීප් වල AX1 එක



    කරුමයනම් - ikman.lk/autolanka/automart එකේ නිසාන් පැට්‍රල් කියලා ගැහුවහම නිසාන් ලා හදපු පැට්‍රල් වාහන පෙන්නන එක. :baffled::baffled: යකෝ මුන්ට එක ඉංග්‍රීසි අකුරක් වෙනස් කරන්න බැරිඋනානේ:sorry::sorry:


    හොදයිනම් බම්ප් එකක් දාලාවත් යන්න, ඕගොල්ලෝ දන්න දේවලුත් එකතු කරන්න

    නිසාන් පැට්‍රල් එකක් කියන්නේ මගෙත් ආසාවක්. එකක් ගෙනාපු දවසට අනිවා මේකේ ෆුල් රිවිව් පාරක් දාන්නම් පොටෝ එක්කම
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මේ වාහනේද මන්දා කාලෙකට කලින් කස්ටම් එකේ ලොකු සීන් වගයක් උනා කියලා යාලුවෙක් කිව්වා. යාඩ් එකේ ගොඩක් කල් තිබුනලු රිලිස් කරන් නැතුව
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ වාහනේද මන්දා කාලෙකට කලින් කස්ටම් එකේ ලොකු සීන් වගයක් උනා කියලා යාලුවෙක් කිව්වා. යාඩ් එකේ ගොඩක් කල් තිබුනලු රිලිස් කරන් නැතුව

    ඔව් රාජ්‍යසන්තක කරපු තරමක් කලේ මේවා, කස්ටම් එකෙන් බොඩි ඇල්ලුවා සෑහෙන්න. පොලිසි වල යාඩ් වල තියෙන්නෙත් වැඩියෙන්ම මේවා
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    metread eke Hambaya ubata mathakwune nadda??

    malakadaya Heeneth hambaya dakinakota andey hitagannawa
    .......
     
    • Like
    Reactions: dilshanjvc

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මන් දැක්ක පෙට්‍රල් එකක් ඉක්මන් එකෙ දාලා තිබ්බා දැන් ගොඩක් කල් එන්ග්ලිශ් නොම්බර් ලක්ශ 35යි 4200cc :baffled::baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    රත්තරං;17484255 said:
    ඔව් රාජ්‍යසන්තක කරපු තරමක් කලේ මේවා, කස්ටම් එකෙන් බොඩි ඇල්ලුවා සෑහෙන්න. පොලිසි වල යාඩ් වල තියෙන්නෙත් වැඩියෙන්ම මේවා

    අඩේ අපරාදේ ඒවා වෙන්දේසි කලානම් ඉවරයි නේ
    අන්තිමට යකඩ වලට දෙන්න වෙන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මන් දැක්ක පෙට්‍රල් එකක් ඉක්මන් එකෙ දාලා තිබ්බා දැන් ගොඩක් කල් එන්ග්ලිශ් නොම්බර් ලක්ශ 35යි 4200cc :baffled::baffled:

    ඉංග්‍රීසි නොම්බරනම් එක්කෝ E නොම්බරයක්. නැත්නම් ආන්ඩුවෙන් වෙන්දේසි කරපු එකක්

    96/97 ෆ්ලැට් රූෆ් ඔරිජිනල් පොතක් නම් 35ට පාඩු නෑ
     
    • Like
    Reactions: leoshammi

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අම්මේ බන් උබ ත්රේඩ් ඒකකුත් දැම්ම‍ා ඒහෙනම් ආ
    ඒල ඒල රේප් දෙන්න බැලු
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;17484282 said:
    ඉංග්‍රීසි නොම්බරනම් එක්කෝ E නොම්බරයක්. නැත්නම් ආන්ඩුවෙන් වෙන්දේසි කරපු එකක්

    96/97 ෆ්ලැට් රූෆ් ඔරිජිනල් පොතක් නම් 35ට පාඩු නෑ

    මචන් එක ගැසොලින් G / K no ekak
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දැක්කා IDGගේ Van modifications ත්‍රෙඩ් එකෙත් Nissan Petrol එකක් ගැන කි‍යල තිබ්බා.........:lol:

    අපිට කොහෙන්ද ඕවා කිව්වලු......:P ඉස්සර ඉඳන් පට්ට ගහන Vanette C22 එක හොඳ‍යි........:love::rofl:
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම දැක්කා IDGගේ Van modifications ත්‍රෙඩ් එකෙත් Nissan Petrol එකක් ගැන කි‍යල තිබ්බා.........:lol:

    අපිට කොහෙන්ද ඕවා කිව්වලු......:P ඉස්සර ඉඳන් පට්ට ගහන Vanette C22 එක හොඳ‍යි........:love::rofl:

    මම ගාවත් එකක් නෑ බන්. :(
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    රත්තරං;17484202 said:
    PS- කෑලි එල්ලෙන රොකඩයක් නෙමේ 95/96/97 බඩ්ඩක් පැදල බලන්න

    ඔය ඉන්දියන් බයික් පැද පැදා ඉන්න කෙනෙක් AX1 එකක් පැද්ද දවසෙදි දැනුනු දේ මතක් කරගන්න.... මූ තමා ජීප් වල AX1 එක[/COLOR]


    කරුමයනම් - ikman.lk/autolanka/automart එකේ නිසාන් පැට්‍රල් කියලා ගැහුවහම නිසාන් ලා හදපු පැට්‍රල් වාහන පෙන්නන එක. :baffled::baffled: යකෝ මුන්ට එක ඉංග්‍රීසි අකුරක් වෙනස් කරන්න බැරිඋනානේ:sorry::sorry:


    හොදයිනම් බම්ප් එකක් දාලාවත් යන්න, ඕගොල්ලෝ දන්න දේවලුත් එකතු කරන්න

    නිසාන් පැට්‍රල් එකක් කියන්නේ මගෙත් ආසාවක්. එකක් ගෙනාපු දවසට අනිවා මේකේ ෆුල් රිවිව් පාරක් දාන්නම් පොටෝ එක්කම[/B]

    සානක මංජුල මහත් මගේ ax1 එක පලවෙනි දවසේ පැද්ද වගේ :D:D:P:P ෆස්ට් එකේ විතරයි ගියේ :P:P:rofl::rofl: