Nitrogen for Tyres [Guide]
දැනට ලංකාවේ මෙන්ම ලෝකයේ භාවිත වෙන සියලුම වාහන වල ටයර් පිරවීම සඳහා සාමාන්‍ය වාතය යොදාගන්නවා. නමුත් මෑතකදී ලංකාවට හඳුන්වා දුන්න Nitrogen වායුව පිරවීම අද වන විට වාහන වල හිමි කරුවන් අතර බොහෝ ජනප්‍රිය වී තිබෙනවා.
නමුත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇයි මේ සාමාන්‍ය වාතය වෙනුවට නයිට්‍රිජන් ගහන්නේ කියල.
ඉතින් මේ හැම දෙකටම පිළිතුරක් විදියට තමයි මම මේ ලිපිය ලියන්නේ.
තවත් කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ලිපියේ සියලුම අන්තර්ගතය මවිසින් හොඳින් අධ්‍යනය කිරීමෙන් පසු ලියන නිසා මම දැනුවත්ව අසත්‍ය කරුණු වලින් තොරයි.නමුත් ඔබට මෙමෙ ලිපියට යමක් එකතු කරන්නට තිබේ නම් කරුණාකර එය PM හෝ Post එකකින් දන්වන්නේ නම් මම අගයකොට සලකමි.
එහෙනම් ඉතින් වැඩි කතාබහ පැත්තක තියල වැඩේට බහිමු.
මෙම නයිට්‍රිජන් පිරවීම මුලින්ම කලේ රේසින් කාර් සහ බයික් සඳහායි. පසුව වේගයෙන් ජනප්‍රියත්වයට පත් වීම නිසා අද වන විට සාමාන්‍ය වාහන වලටත් නයිට්‍රිජන් පිරවීම සිදුකරයි.
නයිට්‍රිජන් යනු කුමක්ද?
නයිට්‍රිජන් වායුව යනු වර්ණ රහිත එනම් විනිවිද පෙනෙන, ගඳ සුවඳකින් තොර, විෂ නොවන වායුගෝලයේ 78% ක ප්‍රතිශතයකට හිමිකම් කියන වායුවකි.සරලව කිවහොත් නයිට්‍රිජන් වායුව ටයර් සඳහා යොදාගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රධාන වාසි වන්නේ....
01.ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වීම.
02. වාහනය පදවීමෙහිදේ එහි සමතුලිත තාවය ආරක්ෂාවීම.
03.ටයරයේ සහ රීම් එකේ ජීව කාලය ඉහළයාම.(ටයරය තුල ඔක්සිකරණය අඩුවීමෙන්)
04.ටයරයේ ඇතුලත පීඩනය සමානව වෙනස් වීමක් නොවී පවත්වා ගැනීමට හැකිවීම.
05.පීඩනය වෙනස් නොවීම නිසා අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ අවම වීම.
06.ටයරය හොඳින් මාර්ගය සමඟ ඇලීම (grip) නිසා වාහනය පාලනය කිරීමේ පහසුව.
07.සුවපහසු බව සහ ටයර් රත්වීම අඩු වීම.
දැන් අපි බලමු මේ ඉහත දක්වන ලද කරුණු වල වැඩිදුර විස්තර කෙසේද කියල.
වාහනය ගමන් කිරීමේදී ටයරයේ රත්වීම අඩුවීම
සාමාන්‍ය වාතයේ තෙත ගතිය හෙවත් ජල වාෂ්ප සහිත වීම නිසා සහ නයිට්‍රිජන් වායුව වියලි වීම යන සංකල්ප දෙක මත මෙම ගුණාංගය රඳාපවතී.මන්ද වියලි වායු පීඩනය හමුවේ තරමක සිසිල් ගතියකින් යුක්තවෙනවා.වේගයෙන් ගමන් කිරීමේදී සහ විශාල බරක පටවාගෙන යාමේදී මෙම තත්වය හොඳින් නිරීක්ෂණය කල හැකි වෙයි.
වාහනය පැදවීමේ ගුණත්වය / තුලිතතාවය වැඩි වීම.
නයිට්‍රිජන් වායුවේ පවතින වියලි ගතිය නිසා සහ අංශු අතර ඇති අවකාශයන් කුඩා වන හෙයින් ටයරයේ ඇතුලත අවකාශය හොඳින් පිරී ටයරය නිසි පරිදි මාර්ගය සමඟ ග්‍රණය වීම නිසා වාහනය පාලයන කිරීම පහසු වෙයි.
ටයරයේ ජීව කාලය වැඩි කරයි.
සාමාන්‍ය වාතයේ තිබෙන ඔක්සිජන් සහ ජලවාෂ්ප නිසා ටයරය සාදා තිබෙන රසායනික ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා ඔක්සිකරණය වීමෙන් ටයරයේ ජීව කාලය අඩු වෙයි.නමුත් නයිට්‍රිජන් මගින් එසේ වීමක් නොවන නිසා ටයරයේ ජීව කාලය වැඩි වෙයි.තවද ටයරය රත්වීමද අඩු කෙරෙන නිසා ජීව කාලය වැඩි වෙයි.
ටයරයේ පීඩනය සමානව පවත්වා ගනියි.
පිටත වායුගෝලයේ උෂ්ණත්ව වෙනස් වීම වලට අනුකුලව ඒකාකාරී පීඩන තත්වයක් පවත්වාගැනීමට නයිට්‍රිජන් වායුව උපකාරී වේසාමාන්‍ය වාතයේ විවිධ වායුන් සහ ජල වාෂ්ප විවිධ උෂ්ණත්ව වලදී විවිධාකාරයෙන් ප්‍රසානය වීම නිසා පීඩනය වෙනස් විය හැකි වෙයි.
ටයරයේ පීඩනය අඩු වීම සාමාන්‍ය වාතයට වඩා අඩු වේගයක් ගනී.
ටයරයේ බිත්තිය තුලින් වාතය එලියට පැමිණීමේ වේගය පිළිබඳව සලකු විට නයිට්‍රිජන් වායුව එලියට පැමිණීමේ වේගන සාමාන්‍ය වාතයට වැඩ අඩු වේ. එයට හේතුවන්නේ නයිට්‍රිජන් අංශු අනෙකුත් වායු අංශු වලට වඩා විශාල වීමයි.තව දෙයක් වන්නේ වායුවේ විසරණය ඉතාම අඩු වන්නේ සාමාන්‍ය වායුගෝලයේ වැඩි පරිමාවක් ගන්නේද නයිට්‍රිජන් නිසාවෙනි.
නයිට්‍රිජන් වායුව රීම් (rim) එක සමඟ ප්‍රතික්‍රියා නොකරයි.
සාමාන්‍ය වාතයේ ජලවාෂ්ප සහ ඔක්සිජන් සහිත වන නිසා ඇලුමිනියම් හෝ වානේ හෝ යකට වලින් සැදු රීම් සමඟ ප්‍රතික්‍රියා කොට ඔක්සයිඩ සාදයි. නමුත් නයිට්‍රිජන් එසේ ඔක්සයිඩ නොසාදන නිසා රීම් වලට හානියක් සිදු නොවෙයි.
ටයර් සඳහා නයිට්‍රිජන් භාවිත කිරීමෙහි අවාසි.
01. වියදම අධික වීම.
වර්තමානයේ සාමාන්‍ය මෝටර් රථයක එක් ටයරයක් සඳහා රුපියල් 100ක් ද, යතුරු පැදියකට රූ 50 ක් ද අය කරයි.නමුත් සාමාන්‍ය වාතය බොහෝ විට ඉන්ධන පිරවුම්හල් වලින් ඔබට නොමිලේ ලබාගත හැක.
02.නඩත්තුව
ඔබට විටින් විට පීඩනය මන බැලීමේදී අවශ්‍ය වුවුහොත් නයිට්‍රිජන් පිරවීමට තමන් සතුව නොමැති වීම වැනි අපහසුතා වලට පත් විය හැකි වෙයි.
03. පහසුවෙන් ලබා ගැනීමට නොහැකි වීම
දැනට ලංකාවේ සීමිත ඉන්ධනහල් සංඛ්‍යාවක සහ ටයර් කඩ කිහිපයක පමණක් මෙම නයිට්‍රිජන් පිරවීමේ උපකරණ තිබීම නිසා අපට අවශ්‍ය හැම අවස්ථාවකදීම ලබාගනේමට නොහැකි වීම.
දැනගැනීම සඳහා.
01.ඔබ තත්වයෙන් බාල ටයර් භාවිත කරයි නම් සහ rebuild ටයර් භාවිත කරයි නම් නයිට්‍රිජන් භාවිතය සුදුසු නොවෙයි. මන්ද හදිස්සියේ ටයරයේ බිත්තියෙන් (edge) වාතය එලියට අවොත් නැවත නැවත පිරවීමට සිදුවීම නිසා.
02.Tubeless සඳහා නයිට්‍රිජන් යෙදීමේදී ටයරයේ බිත්තිය සහ රීම් එකේ edge එකේ හොඳින් සුද්ද කර නයිට්‍රිජන් වායුව පුරවන්න.
03. ඔබ අලුතින් නයිට්‍රිජන් වායුව පුරවන්නේ නම් ටයරයේ දැනට පවතින වාතය මුළුමනින්ම ඉවත් කොට නයිට්‍රිජන් පුරවන්න.
04.එක් වරක් නයිට්‍රිජන් පිරවීමෙන් පසුව අනිවාර්යෙන් සති දෙකකට පසුව ගොස් පීඩන මට්ටම පරීක්ෂා කරගන්න.
හැමදාමත් කියනවා වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....
මොකද මමත් සැහෙන්න මහන්සි වෙලා මගේ දැනුම ඔයාලට දෙන්නේ..........
මගේ වෙනත් ලිපි:
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
Honda VTR250
Honda Hornet CB250F
Honda Jade CB250F
Latest Scooters From Honda 2013
Honda CB400 Super Four
All-in-one Honda CB400 SF models
Chain Lubricants [GUIDE]
What is Honda Dio HET (Indian)
Motorcycle Lease [Guide]
Types of Motorcycle Chain [Guide]
Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]

Last edited: