තමන්ගේ මතය ඉදිරිපත් කිරීම කරනකොට පොදු මතය සලකා බලලා ඒ පිළිබඳව නිගමනයකට ඇවිල්ල තමන්ගේ මතය පැහැදිලි කළා නම් තමයි එකේ පිළිවෙලක් තියන්නේ, එහෙම නැතිව බහුතරයක් පිළිගන්නා දෙයක් එක වරම බොරුවක් බව පෙන්වීම සාධාරණ මතයක් ඉදිරිපත් කිරීමක් නොවෙයි.
මම උනත් මෙතන කියපු දේවල් මගේ පෞද්ගලික මතය නොවෙයි, අන්තර්ජාලය ඇසුරෙන් සහ මගේ දැනුම එකතුකරලා තමයි එක ඉදිරිපත් කලේ.
මම මේ දෙයට 100% 1කග නෑ ... බහුතරය "ඔව්" කියනකොට , අනික් උනුත් "ඔව්" කියන්න ඕනද බන් ????
උබ කියන දේ හරි නම් මේ සමාජයට කවදාවත් විරුද්ද මත ඉදිරිපත් වෙන්නෑ. නිකන්ම බොලද තර්ක තමයි සමාජ ගත වෙන්නේ
ඒ නිසා අන්තර්ජාලයේ මේ " Nitrogen for Tyres" ගැන ඕනා තරම ලිපි තියෙන නිසා ඕනෑම කෙනෙකුට මේකේ තියෙන දේවල් වැරදි උනත්, හොයල, නිවැරදි දී දැනගන්න පුළුවන්.
අන්තර්ජාලයේ නයිට්‍රිජන් සම්බන්දව ඕන දේවල් තියනවා , හැබෙයි ප්‍රයෝගිකව වෙන්නේ ඕක නෙවෙයිනේ
Track tire වලට නයිට්‍රිජන් ගහන්නේ නියමිත උෂ්නත්වයේම (ඒකාකාරී) ටයරය පවත්වා ගන්නයි. මොකද වංගු වැනි ස්ථාන වලදී ඝර්ෂණය වැඩි වන නිසා ටයරයේ උෂ්ණත්වය වැඩිවී පුපුරා යාමට හෝ හානි සිදුවීම අවම කිරීමටයි. මේ නිසා නයිට්‍රිජන් ගහපු ටයරය ආරම්භයීදීම නිශ්චිත උෂ්ණත්වයකට පත් කිරීමට තමයි heaters පාවිච්චි කරන්නේ.
සාමාන්‍ය වාතය යෙදීම තුලින් වංගු වලදී ඇතිවන ඝර්ෂණය නිසා ඇති වන උෂ්ණත්වය සහ ටයරය මතට වටෙන් බර නිසා පීඩනය වැඩිවීම තුලින් ටයරයේ උෂ්ණත්වය තව තවත් ඉහල යන නිසා එහිදී අවදානමකට ලක්වීමට ඉඩ තිබෙනවා.
වායුගෝලයේ නයිට්‍රිජන් කොච්චර තිබ්බත් ඒ සංයුතියෙන් මිනිසුන් වැඩියෙන්ම වැඩ ගන්නේ ඉතිරි 20% තියෙන ඔක්සිජන් වලින්. එයට හේතුව නයිට්‍රිජන් එක්ක සලකනකොට ඔක්සිජන් කියල ප්‍රතික්රියාකාරීත්ව ඉතා වැඩිම වායුවක් වන නිසයි.ඉතින් 95% ක් නයිට්‍රිජන් වායුව පිරෙව්වාට පසුව ටයරය තුල සිදුවිය හැකි ප්‍රතික්‍රියා අවම වෙනවා. (උෂ්ණත්වය සහ පීඩනය මත යම් මුල ද්‍රව්‍යක් ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව අඩු හෝ වැඩි විය හැකි බව දන්නවා ඇති කියා මා සිතනවා). ඔය සියලු කරනු සලකලා තමයි මිනිස්සු ටයර් වලට නයිට්‍රිජන් පිරවීම හොඳයි කියල තේරුම් ගත්තේ.
නයිට්‍රිජන් 17% ඔය කියන තරම් වෙනසක් නැතිනම් මිනිස්සු එය කොහොමත් භාවිතයෙන් ඉවත් කරයි නේ. නමුත් අදත් ඕන තරම් පුද්ගලයින් නයිට්‍රිජන් භාවිත කරනවා.
ඔච්චර සංකීර්ණ කතන්දර වැඩක් නෑ බන් ... තමන්ගේ වාහනයට Rs 400ක් වියදම් කරලා නයිට්‍රිජන් ගහන 1ක තේරුමක් තියන දෙයක්ද ???
අපිට කතන්දර කියන්න පුළුවන්. හැබෙයි ප්‍රයෝගිකව කොච්චර වැදගත්ද ???
"නයිට්‍රිජන් නැතුව වාහන ඔයිට කලින් දිවුවනේ , ඕක ගැහුවට වැඩි වෙනසක් වෙන්නේ නෑ."
මේකත් හරියට මිනිස්සු මුලින්ම Auto Transmission වාහන ආව කාලේ කිව්වා Fuel Consumption අඩුයි, Maintenence වැඩි, කඳු අදින්නේ නැහැ ආදී වශයෙන් විවිධ මත ඉදිරිපත් කල නමුත් වර්තමානයේ Manual Transmission සහිත වාහනයක් මිලදී ගැනීමටවත් මිනිස්සු අකමැතිවීම වැනි දෙයක්. ඒ නිසා වැඩිය හිතන්න දෙයක් නෑ.
auto gear & manual gear මේ තර්කයට කොච්චර අදාල වෙනවද කියන්න මට තේරෙන්නේ නෑ ...
මම කියන්න උත්සහ කරේ කවුරුත් කතා නොකරපු පැත්තක් ...මම නයිට්‍රිජන් ගහලත් දුවලා තියනවා , normal Air 1කත ගහලත් දුවලා තියනවා. මට කිසිම වෙනසක් තේරුනේ නම් නෑ