Nitrogen for Tyres [Guide]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    bumpiyo,e rupiyal 100n thawa diesel leter ekak gahala 10km yanawa hiks

    ලොවෙත් කතාව.....! :D:D:D:rofl:

    කෝ මේ ත්‍රෙඩ් එක දාපු බුවා......?? :rolleyes:

    පොඩි වැඩකට busy වෙලා හිටියා......!

    නියම පොස්ට් එකක් අයියා :yes::D

    එතකොට කොහොමද අපි දැනගන්නේ නියම විදියට නයිට්‍රජන් fill කරනවා කියල.. :confused:

    රේප් දෙන්න බෑ ලු :sorry:

    ඒක නම් මචන් හරියටම කියන්න බැහැ.හැබැයි රජයෙන් ලියාපදිංචි කල පිරවුම් ස්ථාන වල අනිවාර්යෙන් නියමිත පරිදි ගහනවා නම් නයිට්‍රජන් ගහන්න ඕන.Certify කරපු නයිට්‍රජන් ගහන මැෂින් තියෙනවා.හැබැයි ඉතින් මම හිතන්නේ නැහැ අපේ කුරුත් ඕව බලන්න නම් යනවා ඇති කියල.

    මොකද හුලං කියන්නේ පිරවුම් ස්ථානවල අනිවාර්යෙන්ම තිබිය යුතු නොමිලේ ලබාදියයුතු දෙයක්.එහෙම තමයි නීතියේ තියෙන්නේ.
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :) watino patteta :)
    Z2rzZEM.gif
     
    • Like
    Reactions: kandyan

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ත්‍රෙඩ් එක ගොඩක් පරණ වුනාට අදයි දැක්කෙ. ස්තුතියි ලිපියට.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,675
    580
    113
    මගේ ගෙදර
    හොද Thread 1kak ...... හැබැයි මට මේ ගැනත් පොඩ්ඩක් කියන්න ඕන...

    වාහනය ගමන් කිරීමේදී ටයරයේ රත්වීම අඩුවීම

    සාමාන්‍ය වාතයේ තෙත ගතිය හෙවත් ජල වාෂ්ප සහිත වීම නිසා සහ නයිට්‍රිජන් වායුව වියලි වීම යන සංකල්ප දෙක මත මෙම ගුණාංගය රඳාපවතී.මන්ද වියලි වායු පීඩනය හමුවේ තරමක සිසිල් ගතියකින් යුක්තවෙනවා.වේගයෙන් ගමන් කිරීමේදී සහ විශාල බරක පටවාගෙන යාමේදී මෙම තත්වය හොඳින් නිරීක්ෂණය කල හැකි වෙයි.

    මම අහල තියන විදිහට නම් , ටයරයක full performance එන්න නම් ටයරය අනිවාර්යෙන් රත්වෙන්න ඕන . මම නම් හිතන් නෑ නයිට්‍රිජන් වායුව හේතුවෙන් රත් වීම මහා ලොකුවට අඩුවෙනවා කියල .

    වාහනය පැදවීමේ ගුණත්වය / තුලිතතාවය වැඩි වීම

    නයිට්‍රිජන් වායුවේ පවතින වියලි ගතිය නිසා සහ අංශු අතර ඇති අවකාශයන් කුඩා වන හෙයින් ටයරයේ ඇතුලත අවකාශය හොඳින් පිරී ටයරය නිසි පරිදි මාර්ගය සමඟ ග්‍රණය වීම නිසා වාහනය පාලයන කිරීම පහසු වෙයි.

    පට්ට පල් බොරුවක් ,
    ඕක කියන්නේ නයිට්‍රිජන් ගහන එවුන්මයි . මොකද උන්ට market 1ka අල්ල ගන්න තම ක්‍රමයක් නැතුව බොරු බේගල් කියනව .
    අත්දැකීමෙන් කියන්නේ , මට නම් කිසිම වෙනසක් දැනෙන්නේ නැ

    ටයරයේ ජීව කාලය වැඩි කරයි.

    සාමාන්‍ය වාතයේ තිබෙන ඔක්සිජන් සහ ජලවාෂ්ප නිසා ටයරය සාදා තිබෙන රසායනික ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා ඔක්සිකරණය වීමෙන් ටයරයේ ජීව කාලය අඩු වෙයි.නමුත් නයිට්‍රිජන් මගින් එසේ වීමක් නොවන නිසා ටයරයේ ජීව කාලය වැඩි වෙයි.තවද ටයරය රත්වීමද අඩු කෙරෙන නිසා ජීව කාලය වැඩි වෙයි.

    ටයර් මිලදීගැනීමේදී , අපි හැමෝම ගාන වගේම , යන්න පුළුවන් mileage 1kath අහලා තමයි ගන්නේ ... ඉතින් ඒ mileage 1ක දුවාගන්න පුලුවන්නම් හරිනේ .... එහෙමනම් ටයරයේ ජීව කාලය වැඩි කරන්නේ කොහොමද ???

    සාමාන්‍ය වායු ගෝලයේ 78% නයිට්‍රිජන් තියනවනම් ,
    නයිට්‍රිජන් ගහන ටයර් 1කේ තියෙන්නේ 95% නයිට්‍රිජන් නම් ,

    17% නයිට්‍රිජන් වැඩි උනා කියල ඔය කියන තරම් වෙනසක් වෙයිද ????
     
    මමත් මචන් එක දෙයක් කියලම පටන් ගන්නම්.... මම සාමන්යෙන් මේ වගේ පදනම් විරහිතව කරන අදහස් දැක්වීම් වලට උත්තර දෙන්නේ නැහැ. නමුත් මේකට මම උත්තරයක් දෙන්න හිතුවේ මෙතන කියන ඔක්කොම නිකන් පෞද්ගලික මතය පමණක් යොදාගෙන කියන නිසයි.

    01. Tire වල full performance ගන්න ටයර් රත් කරගන්න ඕන Track racing වලදී විතරයි. කාලගුණය Dry හෝ Wet නම් එක තව වෙනස් වෙනවා. Drifting වලදී තමයි වැඩියෙන්ම ටයර් වල උෂ්ණත්වය සැලකිල්ලට ගන්නේ. Track tire දාල race කරන්න කලින් Heaters දාල රත් කරන්නේ එකයි. නමුත් අපි සාමන්යෙන් පාවිච්චි කරන ටයර් හදල තියන්නේ ඕනෑම surface එකක විවිධ උෂ්ණත්ව වලදී එක වගේ ක්‍රියාකරන්න මිසක් රත් කරලා full performance ගන්න නෙවෙයි.

    02. විවිධ දේශගුණික තත්ත්ව තියෙන රටවල නයිට්‍රිජන් ගහන්නේ එකම වායු පීඩනයක් පවත්වාගන්න. එකම වායු පීඩනයක් තියෙනකොට ටයරයේ පෘෂ්ටය සහ පාරේ මතුපිට පෘෂ්ටය අතර සමාකාර ඝර්ෂණයක් ඇතිවෙනවා. ඒ නිසා ඉහල කාලගුණික තත්ත්ව වලදී පීඩනය වැඩි නොවෙන අතර සීතල තත්වයකදී පීඩනය අඩුද නොවෙයි. මේ නිසා කාන්තාර වල කෙරෙන ගමන් වලදී විශේෂයෙන්ම යොදාගන්නේ නෛට්‍රිජන් වායුවයි. මන්ද ඉහල උෂ්ණත්වය සහ අධික සීතල කියන අවස්ථා දෙකම පවතින නිසා.
    තවත් දෙයක් සාම ටයරයක්ම හදල තියෙන රබර් වලට දැරික හැකි උෂ්ණත්ව මට්ටමක් ද පවතිනවා එතනින එහා අපි ධාවනයකළහොත් එක්කෝ පුපුරායාමට හෝ කුඩා කුඩා කැබලි වලට කැඩී යාමද සිදුවෙයි.
    වැඩිදුර තොරතුරු සඳහා.....

    http://auto.howstuffworks.com/question594.htm

    03. ලංකාවේ ටයර් මිලදී ගන්න කොට අහන්නේ mileage විතරක් උනාට දියුණු රටවල් වල ටයරයක් මිලට ගන්නකොට එහි expiry date එක පිළිබඳව පවා සැලකිලි මත් වෙනවා. මම මෙතන කියල තියන්නේ ටයරයේ ගෙවීම අඩුවෙන කතාවක් නොවෙන බව හොඳින්ම පැහැදිලි වන්නේ එම සටහනේ ජීව කාලය කියන දේ මගින් පැහැදිලි වෙයි.

    "සාමාන්‍ය වාතයේ තිබෙන ඔක්සිජන් සහ ජලවාෂ්ප නිසා ටයරය සාදා තිබෙන රසායනික ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා ඔක්සිකරණය වීමෙන් ටයරයේ ජීව කාලය අඩු වෙයි.නමුත් නයිට්‍රිජන් මගින් එසේ වීමක් නොවන නිසා ටයරයේ ජීව කාලය වැඩි වෙයි.තවද ටයරය රත්වීමද අඩු කෙරෙන නිසා ජීව කාලය වැඩි වෙයි."

    ටයරක ජීව කාලය සහ ටයරක ධාවනය කල හැකි දුර යනු දෙකක් බව මතක තබා ගන්න. ටයරයක ජීව කාලය අඩු වීම පෙන්වන හොඳම සාධක වන්නේ ටයරය ඉරි තැලීම, grip or edges ගැලවී යාම, Wall එක damage වීම වැනි ලක්ෂණයි.
    නිතර නිතර භාවිත නොකරන වාහනයක ටයරවල ජීව කාලය වැඩි කරගැනීමේදී මේ පිළිබඳව සැලකිලිමත් වීම හොඳයි.

    නයිට්‍රිජන් වායුවෙහි ඇති වැදගත් කම පිළිබඳව ඕනා තරම් ලිපි මේ අන්තර්ජාලයෙහි සොයා ගැනීමට හැකි නමුත් ඔබ එම කිසිවක් පිළිබඳව නොසොයා කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව මට නම් හැඟෙන්නේ, ඔබත් නිකන්ම නිකන් තම මතය හරිය යනන ඔප්පු කරන්න හදන කෙනෙකු බව පමණයි.
    නැත්නම් සමහර විට ඔබ අර GTRZ කිව්වා වගේ නයිට්‍රිජන් කියල නිකන් හුලන් ගහන මිල ගණන් අඩු තැනකින් නෛට්‍රිජන් ගහල හිත හදාගත්ත කෙනෙක්ද යන්න සැක සහිතයි.
     
    මම මුලින්ම කිවුව Thread 1ක හොදයි කියලා . දන්නේ නැති දේවල් ගොඩක් දැනගන්න හොදයි

    පදනම් විරහිතව කරන අදහස් දැක්වීම් වලට උත්තර දෙන්නේ නැත්තම් මොන මගුලකටද reply කරේ ??

    1. Tire වල full performance ගන්න ටයර් රත් කරගන්න ඕන Track racing වලදී විතරයි නම් මොන මගුලකටද Track race වලදී නයිට්‍රිජන් ගහන්නේ ????

    2. දුවන්නේ නැතුව නිකන් ගෙදර නතර කරලා තියන එවුන්නම් expiry date ගැන සැලකිලිමත් වෙනවා ඇති

    හරි උබ කිවුවා ඔක්කොම හරි කියමුකෝ ,, අනික් අදහස්වලට ඇයි උත්තර දෙන්නේ නැත්තේ ???

    (වාහනය පැදවීමේ ගුණත්වය , 17% නයිට්‍රිජන් වැඩි උනා කියල ඔය කියන තරම් වෙනසක් වෙයිද ??)

    නයිට්‍රිජන් නැතුව වාහන ඔයිට කලින් දිවුවනේ , ඕක ගැහුවට වැඩි වෙනසක් වෙන්නේ නෑ.

    මෙතන මගේ පෞද්ගලික මතය තමයි යොදාගත්තේ . නැතුව අනුන්ගේ මතය මට කියන්න ඕන නම් මම මොකටද rply කරන්නේ

    මම අදහසක් දුන්නේ හිතන්න වෙනස්ම විදිහක්
     
    උත්තර දුන්නේ ආධුනික කෙනෙක් වැරදි විදියට කරුණු තේරුම් ගතහොත් නිකරුනේ වැරදි මඟක යන්න පුළුවන් නිසා.

    තමන්ගේ මතය ඉදිරිපත් කිරීම කරනකොට පොදු මතය සලකා බලලා ඒ පිළිබඳව නිගමනයකට ඇවිල්ල තමන්ගේ මතය පැහැදිලි කළා නම් තමයි එකේ පිළිවෙලක් තියන්නේ, එහෙම නැතිව බහුතරයක් පිළිගන්නා දෙයක් එක වරම බොරුවක් බව පෙන්වීම සාධාරණ මතයක් ඉදිරිපත් කිරීමක් නොවෙයි.
    මම උනත් මෙතන කියපු දේවල් මගේ පෞද්ගලික මතය නොවෙයි, අන්තර්ජාලය ඇසුරෙන් සහ මගේ දැනුම එකතුකරලා තමයි එක ඉදිරිපත් කලේ.

    ඒ නිසා අන්තර්ජාලයේ මේ " Nitrogen for Tyres" ගැන ඕනා තරම ලිපි තියෙන නිසා ඕනෑම කෙනෙකුට මේකේ තියෙන දේවල් වැරදි උනත්, හොයල, නිවැරදි දී දැනගන්න පුළුවන්.

    Track tire වලට නයිට්‍රිජන් ගහන්නේ නියමිත උෂ්නත්වයේම (ඒකාකාරී) ටයරය පවත්වා ගන්නයි. මොකද වංගු වැනි ස්ථාන වලදී ඝර්ෂණය වැඩි වන නිසා ටයරයේ උෂ්ණත්වය වැඩිවී පුපුරා යාමට හෝ හානි සිදුවීම අවම කිරීමටයි. මේ නිසා නයිට්‍රිජන් ගහපු ටයරය ආරම්භයීදීම නිශ්චිත උෂ්ණත්වයකට පත් කිරීමට තමයි heaters පාවිච්චි කරන්නේ.

    සාමාන්‍ය වාතය යෙදීම තුලින් වංගු වලදී ඇතිවන ඝර්ෂණය නිසා ඇති වන උෂ්ණත්වය සහ ටයරය මතට වටෙන් බර නිසා පීඩනය වැඩිවීම තුලින් ටයරයේ උෂ්ණත්වය තව තවත් ඉහල යන නිසා එහිදී අවදානමකට ලක්වීමට ඉඩ තිබෙනවා.

    වායුගෝලයේ නයිට්‍රිජන් කොච්චර තිබ්බත් ඒ සංයුතියෙන් මිනිසුන් වැඩියෙන්ම වැඩ ගන්නේ ඉතිරි 20% තියෙන ඔක්සිජන් වලින්. එයට හේතුව නයිට්‍රිජන් එක්ක සලකනකොට ඔක්සිජන් කියල ප්‍රතික්රියාකාරීත්ව ඉතා වැඩිම වායුවක් වන නිසයි.ඉතින් 95% ක් නයිට්‍රිජන් වායුව පිරෙව්වාට පසුව ටයරය තුල සිදුවිය හැකි ප්‍රතික්‍රියා අවම වෙනවා. (උෂ්ණත්වය සහ පීඩනය මත යම් මුල ද්‍රව්‍යක් ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව අඩු හෝ වැඩි විය හැකි බව දන්නවා ඇති කියා මා සිතනවා). ඔය සියලු කරනු සලකලා තමයි මිනිස්සු ටයර් වලට නයිට්‍රිජන් පිරවීම හොඳයි කියල තේරුම් ගත්තේ.
    නයිට්‍රිජන් 17% ඔය කියන තරම් වෙනසක් නැතිනම් මිනිස්සු එය කොහොමත් භාවිතයෙන් ඉවත් කරයි නේ. නමුත් අදත් ඕන තරම් පුද්ගලයින් නයිට්‍රිජන් භාවිත කරනවා.

    "නයිට්‍රිජන් නැතුව වාහන ඔයිට කලින් දිවුවනේ , ඕක ගැහුවට වැඩි වෙනසක් වෙන්නේ නෑ."

    මේකත් හරියට මිනිස්සු මුලින්ම Auto Transmission වාහන ආව කාලේ කිව්වා Fuel Consumption අඩුයි, Maintenence වැඩි, කඳු අදින්නේ නැහැ ආදී වශයෙන් විවිධ මත ඉදිරිපත් කල නමුත් වර්තමානයේ Manual Transmission සහිත වාහනයක් මිලදී ගැනීමටවත් මිනිස්සු අකමැතිවීම වැනි දෙයක්. ඒ නිසා වැඩිය හිතන්න දෙයක් නෑ.