ඔව් ඒක ඇත්ත. එත් කොරියාව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කලොත් අනිත් සියලු රටවල් ඔවුන්ට එරෙහි වෙලා දරුණු ප්‍රහාරයක් කරයි.
ඔව් එහෙම වෙයි නමුත් න්‍යෂ්ටික බෝම්බ ඇමරිකාවෙන් දාන්නේ නෑ කියලා මට 100% sure. එහෙම දැම්මොත් ඒකෙන් ඇමරිකාවට අවාසි වෙයි. කවුරු හරි මිනිහෙක් වෙන මිනිහෙක්ව මැරුවා කියලා හිතන්න. ඊට පස්සේ අර මැරුච්ච මිනිහගේ කෙනෙක් අර මිනිහව මැරුවොත්. ඔයා කියන්නේ අර මිනිහට නඩු වැටෙන්නේ නෑ කියලද? නෑ දෙන්නටම හිරේ යන්න වෙනවා. ඉතින් ඇමරිකාව NK වෙන් දැම්මා කියලා තමනුත් එකක් දැම්මොත් ඇමරිකාවටත් කේස් වැටෙනවා. අනික න්‍යෂ්ටික ප්‍රහාරයකදි චීනයටත් හානි වෙන්න පුලුවන් පොඩ්ඩක් හරි මොකද NK මහා ලොකු රටක් නෙවෙයි. අනික ඒක දුපතකුත් නෙවෙයි ඉතින් ළග රටවලට කෙලින්ම මේක දැනෙනවා. ඉතින් චීනයෙන් ලොකු ගේමක් අදියි.
න්‍යෂ්ටික බෝම්බ කියන්නේ නිකම් අවි නෙවෙයි. ඒකෙන් නිකුත් වෙන විකිරණ අවුරුදු ගාණක් තියෙනවා. අනික ඒවා කිලෝ මීටර් දහස් ගණන් යන්න පුලුවන් සමහර විට. එතකොට රුසියාවටත් හානි වෙයි ටිකක්. සමහර විට, දකුණු කොරියාව, ජපානයටත් තර්ජන වෙයි. ඒ වගේම පරිසරය අසමතුලිත වෙලා ජෛව විවිධත්වයටත් හානි වෙයි. මේකෙන් අහළ පහළ හැම රටකටම දැඩි තර්ජන එන්න පුලුවන්. අළුතෙන් න්‍යෂ්ටික අවි හදන්න තහනම් UN එකට අනුව එතකොට දැනට තියෙන ඒවා තමයි දාන්න වෙන්නේ. ඒවා මොන වගේ ඒවාද කියලා කවුද දන්නේ.
මට හිතෙන්නේ ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බ දාන්නේ නෑ. ඇමරිකාවෙන් Grounds Troops ඇරලා. ඇෆ්ගනිස්ථානයේ වගේ රට අල්ලගනියි ඊට පස්සේ ජන්දයක් තියලා තමන්ට ලැදි නායකයෙක් පත් කරගනියි. ඊට පස්සේ රටේ ප්‍රජාත්‍රන්තවාදයක් පිහිටවලා සමහර විට රටෙන් යයි නැත්නම් රටේ සම්පත් තියෙනවා නම් ඒ ගොල්ලන්ගේ Multinational Organization වලින් ඒවා අයිති කරගෙන. ඉරානයේ 1979 කලින් තෙල් කොල්ල කෑවා වගේ හිමින් අදියි. ඇමරිකාවට න්‍යෂ්ටික අවි දාන්න තරම් යුද්ධයක් කරන්න ඕන නෑ. ජපානය, SK සහා යුරෝපේ රටවල් එකතු කරගත්ත නම්. න්‍යෂ්ටික අවි දාන්නේ කරන්නම දෙයක් නැති තැනයි. ඇමරිකාවෙන් ජපානයට න්‍යෂ්ටික අවි දැම්මේ යුද්ධයට අති විශාල වියදමක් ගිය නිසාත්, ඉක්මනටම 1939 ඉදලා තිබ්බ යුද්ධ ඉවර කරගන්න ඕන නිසයි. නැත්නම් ඇමරිකාව ජපානයට දාන්නෙත් නෑ. ඇමරිකාව රුසියාව, චීනය සමග යුද්ධයක් ගියානම් සමහර විට එකක් දායි මොකද එතකොට යුද්ධය දරුණු නිසා නමුත් NK වගේ රටක් එක්ක යුද්ධයකදි න්‍යෂ්ටික අවි භාවිතය තේරුමක් නැති වැඩක්.