Nonasena itipandama..

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    Candle_410px_.gif


    බ්‍රිතාන්‍ය කලාකරුවෙක් හා මොස්තර ශිල්පියකු වන බෙන්ජමින් ශයින් (Benjamin Shine) විසින් ඉටිපන්දමක් යළි යළිත් දැල්විය හැකි ක්‍රමයක් සොයාගෙන තිබේ.

    ඔහු විසින් නිර්මාණය කර ඇති අපූරු ඉටිපන්දම් රදවනය (candlestick holder) නිසා මෙසේ දැල්වී අවසන්ව යන ඉටිපන්දම නැවත ප්‍රතිනිර්මාණය කර ගැනීමට හැකිව ඇත.

    ඉතා සරල ක්‍රමවේදයකට සකස්කර ඇති මේ ඉටි පන්දම් රදවනය (candlestick holder) මගින් සිදුකරනු ලබන්නේ දැල්වෙමින් උනුවී යන ඉටි එම රදවනයේ යට පිහිටි කොටසකට එකතුවීමට සැලැස්වීමය.

    අදාල ඉටි පන්දම දැල්වී යන ඉටි එකතුවන කොටස තුළ ඉටිපන්දම් තිරයද සෘජු අතට සිටින සේ තබා තිබේ.

    ඉටි පන්දම දැල්වී අවසන් වත්ම ඉටි ටික පහළ කොටසට වැක්කෙරෙමින් තිරයද සමඟ එකතුවන අතර පසුව එහි යට කොටස දෙපළු කිරීමට ඇති හැකියාව නිසා එය දෙපළු කිරීමෙන් පසුව අලුත් ඉටිපන්දමක් ඉතිරිවේ.

    117.jpg


    114.jpg


    113.jpg


    112.jpg


    111.jpg