මම ත්‍රෙඩ් එකේ කියල දෙන්නේ header bidding technology එක පාවිච්චි වෙන google ටම අයිති තවත් එක ad system එකක් ගැන. මේකට කියන්නේ ADX එහෙම නැත්නම් google adexchange.
අපි history එක පොඩ්ඩක් ඉගෙන ගෙන එමු මේකට මොකද මේකේ පාවිච්චි වෙන වචන සෙට් එකක් තියෙනව. ඒ ටික ඔයාලා අදුනගන්න ඕන මුලින්ම.
DoubleClick Ad Exchange කියන network එක launch වෙනව 1996 දී.
මම ඉපදිලා අවුරුදු කීපයයිි
මේක google සමාගම විසින් buy කරනව 2008 දී. එයාලා මේක buy කරන්නේ අනාගතය දැකල. Google එක ගනිපු හොදම තීරණ වලින් එකක් විදියට මේක ගන්න පුලුවන් financially. මොකද එයාලට ඕනේ වෙනව advertising වලින් අන්තර්ජාලය හොල්ලන්න, ඒ කියන්නේ ආධිපත්‍ය අරගන්න online advertising feild එකෙ. ඒකෙන් තමයි වර්තමානේ තියෙන Google ADX network එක බිහිවෙලා තියෙන්නෙ.
එතකොට ඕම ඕම ඇවිත් 2018 අවුරුද්දේදි ලොකු වෙනසක් සිද්ද වෙනව ඇඩ් නෙට්වර්ක් වල google එක ඇතුලේ. එයාලා එයාගේ platforms කීපයක නම් වෙනස් කරනව ඒ විතරක් නෙවෙයි ඒවයේ policies ඒ වගේම platforms combine කරල අලුත් network දෙකක් එලියට දානව. මේක මෙහෙම අලුත් කරන්න හේතුවක් තියෙනව. මේක කරන්නෙ FB, IG එකෙන් එන advertising threat එක එන්න එන්නම Google එකට තරගයක් වෙන නිසා, මෙයාලටත් සිද්ද වෙනව තමන්ගේ තියෙන platforms වල තියෙන අඩුපාඩුකම් හදලා තව advertisers ලව Google එකට ගෙන්න ගන්න investment වලට. මොකද google එකේ ප්‍රධාන අදායම් මාර්ගයක් වෙන්නේ advertising.
එතනදි උඩ තියෙන Photo එකේ වගේ ඒවා වෙනස් වෙනව. මේකේ DFP එහෙමත් නැත්නම් double click for publisher කියන්නේ ඉස්සර කාලේ ඔයාලා සමහර අය දැනගෙන හිටපු premium Adsense කියන වර්ගය.
මේකට ඇත්තටම apply කරන පහසුකම මුල් කාලේදි තිබුනත් පස්සේ ඒක ඉවත් වෙනව. එතන ඉදල මේක ලබාදෙන්නේ google එකෙන් invitation එකක් ඇවිත් අපිට. අපේ සයිට් එක හොදටම perform කරනවනම් මාසෙට මිලියන් 5කට වඩා search queries තියෙනම් ඉස්සර මේ invitation එක අපිට එනව. මේක විතරක්ම නෙවෙයි requirement එක. සයිට් වල quality එකක් තියෙනව Google monitor කරගන්න. ඒ දේවල් ටික සම්පූර්ණ උනාම තමයි මේ invitation එක ආවේ.
මෙතනින් ඒ විස්තර බලන්න පුලුවන්
ඒ DFP එහෙම නැත්නම් මේක premium adsense තත්වෙට එන්න නම් සයිට් එකක..
අඩුම තරමේ 5 million search queries මාසෙට තියෙන්න ඕන, domain name එක top level එකක් වෙන්න ඕන, 20 million වත් active article page views තියෙන්න ඕන, අඩුම තරමේ 1 million visitors ලා තියෙන්න ඕන, regular maintain වෙන්න ඕනේ, quality content තියෙන්න ඕන, සැලකිය යුතු කාලයක් තිස්සේ මේ විදියට huge traffic එකක් පවත්වගෙන යන්න ඕන දවස ගානෙ, bounce rate සෑහෙන්න අඩු වෙන්න ඕන.
History වලට ඒ ඇති කියල මම හිතනව. මේ ත්‍රෙඩ් එකත් එක පාර දාලා ඉවර කරන්න පුලුවන් එකක් නෙවෙයි. කොටස් කීපේකින් මේක දාන්නම්. මොකද දාහක් වැඩ තියාගෙන මේව type කරන්නේ. මේකත් කෙනෙක් bump එකක් දාලා තියෙන් නිසා මතක් වුනේ. නැත්නම් ඒත් නෑ. හරි අපි මේක කොටස් කීපේකට කඩාගෙන ඉස්සරහට අරන් යමු.
හැබැයි දැන් මේ DFP එක තියෙන්නෙ Google Ad manager එක ඇතුලේ.
මෙතනින් පුලුවන් ඔයාගේ සයිට් එක මේකට qualified කියල් හිතනවනම් apply කරගන්න.
https://admanager.google.com/home/contact-us/ ඔයාගේ සයිට් එක qualified වුනොත් ඔයාට පුලුවන් වෙනව google එකත් එක්ක direct ම ඔයා ads manage කරගන්න. ඒ කියන්නේ පට්ටම revenue එකක් ඔයාට ලැබෙනව ඔයා Google එකට qualified වුනොත් direct ad management කරගන්න advertiser ලා එක්ක. මෙතනදි Google එකෙන් ඔයාටම member කෙනෙක් දෙනව ඔයාගේ support එකට. දැන් වර්තමානය වෙනකොට Google එකට ඇති වෙන්න direct එකතු වුන top quality එකේ publishers ලා ඉන්නව tier 1 country වලින්. දවසට මිලියන් ගානක් traffic එන publishers ලා Google එකට ඉන්නව දැන්. අන්න ඒ නිසා
දැන් මේ approval process එකේදි ගොඩක් දුරට වෙන්නේ ඔයාගේ සයිට් එකට direct google ad management එකට නොගෙන ad partner කෙනෙක්ට ඔයාගේ සයිට් එක refer කරන එක. ඒ කියන්නේ මෙන්න මෙයාලට
මෙතනින් පුලුවන් partner ලා දැනට ඉන්න ප්‍රමානය බලාගන්නත්..
1. මුලින්ම අපි අදුන ගමු මොකද්ද Adsense සහ ADX අතරේ තියෙන වෙනස් කම් ටික.
2. මොනවගේ requirement එකක් අපිට fulfill කරගන්න වෙනවද Google එකට අපිව notify වෙන්න නම්
3. ADX direct ම සයිට් වලට ගන්න බැරි අයට මොකද්ද ගන්න පුලුවන් ඊලග ක්‍රියාමර්ගය සහ මම දැනට පාවිච්චි කරන ad partner network මොනවද කියන එක ( මෙතනින් පස්සේ දිග section යනව)
4. කොහොමද සහ මොන වගේ සයිට් වර්ග හොදට revenue generate කරන්න පාවිච්චි කරන්න පුලුවන් ( traffic)
5. කොහොමද අවුරුද්දු දෙකක් වගේ ඇතුලත advanced publisher කෙනෙක් විදියට හෙමින් grow වෙන්නේ, මොන මොන areas ගැනද knowledge එක හදාගන්න ඕන වෙන්නේ.
6. මේක ඇතුලේ හොදටම match එක ගහන්න පුලුවන් Ticks ගැන
මේ දේවල් ඔක්කොම ටික ගැන කියල දෙන්නම් day by day post විදියට. හෝ දවසක් ඇර දවසක්.. එතකල් බලන් ඉන්න අමාරු අයට පුලුවන් net එකේ රවුමක් දාලා
මේ ගැන තව විස්තර හොයාගන්න. මාත් කොතනක හරි වරැද්දක් කරල තියෙනම් ඒක පෙන්නල දෙන්න. මතක තියාගන්න. මේ කොහෙන් ගියත් අවසානේ ඇවිත් නතර වෙන්නෙ human web site traffic වලට = ඒ කියන්නේ SEO වලට. හොදට හොයන්න නම් මුලින්ම් අවුරුදු කීපයක් හරි මහන්සි වෙලා ඉගෙන ගන්න, trial and error යන්න, අත්දැකීම් වලින් ඉගෙන ගන්න කියන්නෙ අන්න ඒ නිසා. ඒ නිසයි මම අද මේ තැනට ආවේ.
මතු සම්බන්දයි.!
හැමෝටම ජය වේවා!
------
Post added on Jun 26, 2021 at 9:35 PM