ගෙදරින් ටිකක් දුරස් උනා ම මට nostalgic දේවල් මතක් වෙනව වැඩියි.
අදත් පොඩි කාලේ නටපු පිස්සු මතක් උනා. ඉස්සර දොලේ ගිහින් වැලිගොව්වොන්ට කන්න දෙනවා.ඒක කන්දක ඉදන් වැටෙන දොල පාරක්.ඉතින් වැලිගොව්වොයි ඉස්සොයි ඇරෙන්න වෙන මොකෙක් වත් නෑ.බත් දුන්නට වැලිගොව්වො එච්චර ආස නෑ. දවසක් ස්පන්චි දුන්න ම නම් පැන පැන කෑවා. පෙරේතයො වගේ කාලා උන්ගෙ බඩවල් ටික්බෝල වගේ ලොකු උනා.
බඩ බෝලයක් වෙනව දකින්න ආසාවට ඊට පස්සෙත් ස්පන්චි පාන් වගේ තමයි දුන්නෙ.
ඉස්සො ටයිප් 3ක් හිටියා. එක ජාතියක් නම් ඇගිලි පුරුකක් තරම් වත් දිග නෑ. ගොඩක් පොඩි විනිවිද පේන ජාතියක්. අනිත් දෙක නම් ලොකුයි සාමාන්යෙන් අල්ලක් තරම් දිග උන් දැකලා තියෙනවා ඒ වර්ග දෙකෙන් නම්. එකක් කලු පාටට හුරු අදුරු පාටයි. අනික අලු පාටයි. ලොකු ටයිප් දෙක ම හරි අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නෙ. උන් එකෙක් අල්ලගන්න එක ඉතින් නිධානයක් හම්බ උනා වගේ තමයි. පොඩි ම ජාතිය අතින් අල්ලන්න පුලුවන් උනාට ලොකු ජාති දෙක නම් පෝර බෑග් වලින් වරුවක් ඔට්ටු වෙලාවත් අල්ලගන්න අමාරුයි.උන් කෆීර් වගෙ විදගෙන යන්නෙ ඇහිපිය ගහන කොට ගිහින් ඉවරයි. ලොකු ගල් අස්සෙ හැන්ගිලා තමයි ඉන්නෙ. ඉරටු වල පොල් කෑලි ගහලා පෙන්නලා තමයි මං උන්ව ගල් අස්සෙන් එලියට ගන්නෙ. පොල් කෑලි පෙන්නන එක නම් සීයා තමයි කියලා දුන්නෙ. අන්තිමට අල්ල ගත්ත එකා ආපහු දොලට ම දාලා අම්ම කෝට්ට අරන් එනකොට හැන්දෑවට මදුරුවො කාපු තැන් කහ කහ ගෙදර දුවනවා
මට මඩ පොකුනක් හදාගන්න ආස හිතුනා මානෙල් නෙලුම් වගේ මල් දාන්න. ඕක හදන්න කියලා මඩ වගුරක් සුද්ද කරා.අම්මටත් මල් පිස්සුව තිබුන නිසා ඒකට උදව් කරන්න ආවා. හදන වෙලාවෙ මම මඩ වගුරෙ මැද තිබුන ගලක් ඇලවංගුවෙන් උස්සද්දි ඒක යට ඉදලා ලේ පාට ලොකු කක්කුට්ටෝ තිහක් විතර පුකවල් උස්සගෙන දහ අතේ දුවන්න ගත්තා.පොකුණ හැදිල්ල අම්මගේ විලාපෙන් ඉවර උනා.
එච්චර කකුලුවො ගොඩක් මාත් කලින් දැකලා තිබුනෙ නම් නෑ.
තියෙනවද උබලගෙත් පොඩි කාලෙ අමතක වෙන්නෙ නැති ලස්සන මතක?