Not suitable for vegetarians!!!!!!

Juscurio

Member
Nov 11, 2010
98
7
0
සතුන්ව මවලා තියන්නේ අපෙ ප්‍ර්යොජනය සදහා ඒ දෙකම සම කරන්න බෑ යාලුවා.......


Armchair Astronomer Finds 'Evidence' of Life on Mars

http://www.foxnews.com/scitech/2011/06/06/armchair-astronomer-finds-evidence-life-on-mars/

5 amazing pieces of evidence that suggests that intelligent extraterrestrial life exists.
http://www.paranormalhaze.com/5-pieces-of-evidence-that-suggests-intelligent-alien-life-exists/

Proof of Aliens Could Come Within 25 Years, Scientist Says

http://www.space.com/8958-proof-aliens-25-years-scientist.html

දැන් මේ අය අප වගේම වෙනත් ලෝක හොයා මේ පැත්තේ ආවොතින්
කුමක් වේද? මේ පිටසක්වල ජීවීන්ට (Aliens) කවුරුහරි කියල තිබුනොතින්
මේ මනුස්සයින් ව මවල තියෙන්නේ ඔබලාගේ ප්‍රයෝජනයට.
හැබැයි හලාල් ක්‍රමයට මරන්න කියා ඔබ විරුද්ධ වෙන්නේ නැතිද?

ඔවුන් ඔබ කොතෙක් කීවද ඔවුන් ගේ පොතක් පෙන්වා මනුස්සයින්
මවා ඇත්තේ අපේ ප්‍රයෝජනයට. එම නිසා පව් නෑ යාලු කියා මරන්න
අධි තාක්ෂනය පාවිච්චි කලෝතින් ඔබ පොත ලිවූ කෙනා විශ්වාස කර දිවි පුදනවාද?
:confused:
 

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
[U
]ජීනා, මීමා සහ පොට්ට සිරිපාල (කෙටිකතාවක් නොවේ )
[/U]


උපුටා ගැනීම: http://voiceofthambu.blogspot.com/

ජීනා සහ මීමා.. කවුද මේ දෙන්නා? "ජීනා" කියද්දි නම් කෂ්ටියට මතක් වෙනව ඇත්තෙ කාවද කියල මට හිතාගතහැකි.. අර කොළොම්පුරේ සත්මහල් ප්ලාසා එකේ දේශීය විදේශ රැකියා ඒජන්සියක් දාන් හිටපු ගෑනු එක්කෙනාවනෙ ළමයි.. අර සඟිස්කුරුතෙට සෑහෙන ආදරයක් තියෙන, ගෑනුන්ට අඳින්ඩ උගන්නන්ඩ එහෙම ට්‍රයි කොරපු දෙස්පලු උන්නාන්සෙ එහෙම රැකියාලාභින් හොයාගෙන එතෙන්ට ගියයි කියල ඒ කාලෙ හෙන සීන් එකක් වුණේ?? තාඹුවත් ඔය කාලෙ කොලොම්පුරේ මදි නොකියන්ඩ කරක් ගහපු සිරා කොල්ලෙක් අයිබොං.. ඒත් ඉතිං ඔය පොට් වලට යන්ඩ අපිට කොයින්ද බූල් බල්ලො? කොල්ල ඉතිං සත්මහල් ප්ලාසා එන්නෙ එක්කො කොම්පීතරේට අළුත් මීයෙක් ගන්ඩ හරි, නැත්තං ටැලිපෝං එකේ මොකක් හරි ලට්ට ලොට්ටයක් පල්ලෙහා තියෙන හොර බඩු සාප්පු වලිං කඩාගෙන යන්ඩ විතරයි..

ඔන්න ඉතින් ඒ වුණාට "ජීන" කිව්වහම තාඹුවට නම් මතක් වෙන්නෙ සත්මහල් ප්ලාසා ජීනා එහෙම නෙමෙයි.. වෙන ජීනෙක්ව.. උන්දැ හිටියෙ වෙන කොහෙවත් නෙමෙයි, අපේ ගමේ.. හැත්තෑපස් වසරක් දැහැමෙන් සෙමෙන් රජ කොරල දැන් දෙතුන් මාසෙකට කලින් මිය පරලොව යද්දි උන්දැ පාගපු නැති බෙල්ලක් මිරිකපු නැති අතක් පයක් මාතලාන ගමේ තිබ්බනං ඒ ඉතිං බෝනික්කෙක්ගෙ අතපය තමයි.. උන්දැ නිවුන්නෙක් කියල තමයි අයිබොං කවුරුත් කියන්නෙ, හැබැයි ඒ නිවුන් නැන්දව නං මේ ලෝකෙ නෙස්කැෆේ එකකට දැකල නෑ ඕන්.. කොහොමෙං හරි, ටවුංවලම ඉපදිලා ක්ලෝරීං වතුර නාපු සිංහල බවුද්ද "වෙන්ඩ දේශප්‍රේමියො" සෙට් එක දැන් ෆුල් මඤ්ඤං ගහල ඇති මොකද්ද මේ බම්බුවෙ "බෙලි පෑගිල්ල" කියල.. ඕං එහෙනං දැනගන්ට හොඳයි කකුලක්, බෙල්ලක් ඇමැට්ටි උණාම නිවුන්නෙක්ට කියල පාගෝගෙන මසාජ් කොරගන්න එක ගංවල තියෙන සිරිතක් කියල.. අනික් උන්ට වඩා නිවුන්නුන්ට ඕක හොඳට කොරන්ඩ පුළුවන් අහවල් කෙංගෙඩියක් හින්දද කියල මම නං දන්නෙ නෑ අයිබොං.. මොකක් වුණත් ජීන් ආච්චි පාගපු බෙල්ලක ආයි ඩයික්ලොෆිනැක් ක්‍රීම් ගාන්ඩ නං ඉෂ්ට සිද්ධ වෙලා නෑ මේ කපේට..

හරි, එතකොට ජීන කියන්නෙ මාතලානෙ ජීන් නැන්දට.. මීම කියන්නෙ ඉතිං උන්දැගෙ මීමටනෙ.. අර උගෙ පොටෝ පොජ්ජකුත් දාල තියෙන්නෙ උඩිංම.. ඉතිං හත් දෙයියනේ කොහෙවත් යන ගොඩේ ගෑනියෙකුයි උන්දැගෙ හරක් රංචුවකුයි ගැන බම්බුවට ය බ්ලොග් පෝස්ට් දාන්නෙ? දාහංකො කොහෙ හරි රටක ඉන්න පර සුද්දෙක්ට කෙළ වෙච්චි සීන් එකක්.. එක්කො දාහං රාවණ මළේ නෑ, කෙළිම්ම දිව්‍යලෝකෙට එයාර්-ලිෆ්ට් කොලා කිය.. නැත්තං තියෙන පොලක් කොරගෙන සිංහල බෞද්ද සඟිස්කුරුතියත් රැකගෙන ඉඳින්කො මනුස්සයෙක් වාගෙ, නැද්ද මං අහන්නෙ?
නෑ ළමයි.. අපේ මේ ජීනයි මීමයි අපේ ගංරටවල උන්ට අගේ නැතුවට මොකද අයිබොං අපි ලොවෙත් හිතන්නැති ඩයල් එකකට උන්ව අගේළු.. කොච්චර අගේද කියාන්වනම් මචන්ල, පොර උන් ගැන පොතකුත් ලියල තියෙනව.. පොර තමයි ළමයි රිචඩ් ඩෝකිංස් කියන්නෙ.. පොර ඉන්නෙ මේ මාතලානෙ එහෙම නෙමෙයි.. එංගලන්තෙ ඔක්ස්පෝර්ඩ් 20 විජ්ජාලෙ මිසක.. දැන් තේරුණානෙ ළමයි සීන් එක.. අපි බලාන්ඩ යන්නෙ වෙන මොකක්වත් නෙමෙයි, මොනවද මේ ඩෝකින්ස් උන්නැහෙ අපේ ජීන ගැනයි, උන්දැගෙ මීම ගැනයි කියන්නෙ කියල මිසක..

ඔතෙන්ට එන්ඩ ඉස්සරවෙලා ළමයි අපි බලමු ඇයි ඩෝකිංස් ගොයියට මුන් දෙන්නව සෙට් උණේ කොහොමද කියල.... ඩෝකින්ස් කියන්නෙ ළමයි Gව විද්‍යාඥයෙක්.. සත්තු, ගහකොළ තමයි පොරගෙ සුපුරුදු නිවහන.. එයිනුත් සත්තු ගහකොළ හැදුණෙ කොහොමද කියන එක ගැන තමයි පොරගෙ ෆුල් ඉන්ටරස්ට් එක.. ළමයින්ට මතකයි නේද අපි කලිං පෝස්ට් එකෙත් දෙඩෙව්වෙ ඔයවාගෙ බයිලාවක් ගැන කියල?

ඒ මහා පතරංගෙ කියොවන්ඩ කම්මැලි නං මම දෙමළෙන් කෙටියෙන් කියන්නංකො සීන් එක..
එකදාස් අටසීයෙදි විතර සත්තු, ගහකොළ හැදිච්චි හැටි ගැන ලොවෙත් නැති තියරියක් ගෙනාව විලියම් පේලි කියන පාස්ටර් උන්නාන්සෙ.. උන්නැහෙ උදාහරණෙට ගත්තෙ ඔරලෝසුවක්.. ඔරලෝසුව ෆට්ට සංකීර්ණයි.. දැති රෝද, දුණු, යකඩ කෑලි හැටහුටහමාරක් නූලට සෙට් වෙන්ඩ පුරුද්දල තමා ඒක හදල තියෙන්නෙ.. ඉතිං එච්චර සංකීර්ණ අටමගලක් නිකං අහම්බෙං ඇති වුණා වෙන්ඩ බෑනෙ ළමයි.. මොකෙක් හරි ඒක හදන්ඩ ඇති කියන එක ඊට වඩා හිතන්ඩ පුළුවං.. හිතන්ඩ ළමයි ඒ ඔරලෝසුව හදල තියෙන්නෙ ස්විස්ටර්ලන්තෙ ඉන්න සිරිපාල කියන හාදය කියල.. හරි අපි දැං (නිකමට මේ කියන්නෙ හරිය??) සිරිපාලයව කපල බලමු.. නැත්තං උගෙ බල්ලව.. මිනිස්සුන්ගෙ, සත්තුන්ගෙ ඇඟවල් ෆට්ටම සංකීර්ණයි, අර බම්බුවෙ ඔරලෝසුව නෙමෙයි මිනිස්සු අද කාලෙ හදල තියෙන සිරාම මැෂිමක්වත් අහලකින් තියන්ඩ බෑ.. ඉතිං ඔරලෝසුව අහම්බෙන් හැදෙන්ඩ බැරි නං, මිනිස්සු සත්තු ලොවෙත් අහංබෙන් හැදෙන්ඩ බෑනෙ ළමයි.. හදපු කෙනෙක් ඉන්ඩ ඕනෙ.. ඒකට පේලි උන්නැහේ කියනව "හරි එහෙනම්.. සිරිපාලය ඔරලෝසුව හැදුව වාගෙ, මේ ලෝකෙ ඇති තරමක් සත්තු, ගහකොළ හැදුවෙ දෙයියො තමයි"..

සත්තු ගහකොළ, දෙයියො මැවුව නෙමෙයිය (මැවුවත් එක සැරේ මැවුව නම් නෙමෙයිය ) සරල අවස්තාවෙ ඉඳං කාලයක් තිස්සෙ ජුන්ඩ ජුන්ඩ සංකීර්ණ වුණාය කියන එක සාක්ෂි බර ගානක් ඇතුව ඩාවිං උන්නැහෙ පෙන්නල දීපු හැටි අපි කලිං පෝස්ට් එකේ කිව්වනෙ ළමයි.. ලෝකෙ පුරා විද්‍යාඥ ගොල්ලො පිළිගන්නෙ ඕක තමයි.. ඒත් මචංල, ආගමික හරි වෙන ඇන්නෑවෙ හේතු හින්ද ඕක දිරවගන්ඩ බැරි උන්නාන්සෙල ටික කොහෙං හරි කොනක් අල්ලගෙන ඕක නැහැයි කියන්ඩ ලොවෙත් නැති තියරි දානව.. එකක් තමයි අර "අහම්බෙං හැදෙන" කතාව.. උං ඉතිං ලොවෙත් නැති ගණං හදල පෙන්නනව හැම ස්ටෙප් එකම අහම්බෙං උණා නම් පරිණාමෙ වෙන්ඩ ලෝකෙ වයස වාගෙ සිය දාස් ගුණයක් කල් යනව, ඒ හින්ද පරිණාමෙ සිද්ද උණත් නැතත්, ඒක අහම්බෙන් උණා නම් වෙන්ඩ බෑ, දෙයියො කියන එකා මැද ඉඳගෙන පරිණාමය කෙරෙව්ව මිසක්කං කියල.. ඇත්තටම කිව්වොත් යැංකිද්වීපෙ පරිණාමෙ විශ්වාස කරන උන් ගොඩක් ගාණක් විස්වාස කොරන්නෙ ඔය වර්ෂන් එක තමයි..
කොහොමෙං හරි ඉතිං අපේ ඩෝකින්ස් උන්නැහේ දෙයියන්ගෙ "දෙ"යන්නවත් විස්සාස කරනෙ නැති සිරා ඩයල් එකක් ඕන්.. දෙයියො ඉන්නවද නැද්ද කියන කයිකතන්දරේ අපි දැනට ඉතුරුකොරගමුකො අයිබොං.. දෙයියො ඉන්නවමයි කියන්ඩ ගිහින් කෂ්ටිය අම්බානක් කෙළෝගන්න හැටි "දේවවාදින්ගේ ඉල්ලං කෑම සහ නෑම" කියන එකේ මම කිවුවනෙ.. එහෙව් එකේ මොකටෙයි ඕව ගැන වැඩිපුර දොඩවන්ඩ ගොහින් නිකම් බ්ලාස්ෆෙමි චාර්ජස් දාගන්නෙ?? ඩෝකින්ස් උන්නැහේ දෙයියො ගැන හිතන දේ උන්දැගෙ "ගොඩ් ඩිලූෂන්" පොතෙං බලාගතහැකි අයිබොං..

අඩෝහ්.. ආයිත් අපි අලයි ගෝවයි ජුන්ඩක් ටපලෝගෙන වගෙයි.. ඩෝකින්ස් කාරය දෙයියො ගැන කියන බයිලාව නෙමෙයි අයිබොං මම පරස්තූතෙ කොරගන්ඩ හිතුවෙ.. අයි.ඩී කාරයින්ටයි පරිණාමෙ අස්සට දෙයියො රිංගවන්ඩ ට්‍රයි කොරපු ගොතයො ටිකටයි පොර දීපු උත්තර මිසක්කං..
ඉතිං ළමයි, අර පේලි ගොයියගෙ ගොන් තියරිය කුඩුපට්ටම් කොරන්ඩයි අළුතින් හතු පිපෙන්නැහෙ බෝවෙන අයි.ඩී කාරයින්ට උත්තර බඳින්ඩයි හිතාන ඩෝකින්ස් ලිව්වෙ නැතෑ පොතක්?? පොතේ නම "බ්ලයින්ඩ් වොච්මේකර්".. කඩ්ඩෙන් කිව්වොත් "ඇස්පේන්නැති සිරිපාලයා"..

තඹුව ඒ පොත අකුරක් නෑර නං කියෝල නෑ බොෂ්, ආයි බොරු කියන්නෙ මොටද?.. ආයි ක්‍රෙඩිට් එක අප්ඩේට් උනාම ඊබේ වලිං ඕර්ඩර් කොරාන්ඩ තමා ඉන්නෙ.. කොහොමෙං හරි ඔය පොතේ ඩෝකින්ස් බේසිකලි ඩීල් කොරන්නෙ අර "අහම්බෙන් වෙන්ඩ බෑ" කියපු බයිලාව.. ඩෝකින්ස් මෙහෙම කියනවා..

අච්චර සංකීර්ණ ඇඟක් කෑලි බෑලි අහම්බෙන් සෙට් වෙලා දඩාං ගාල හැදෙන්ඩ බැරි බව නං ඇත්ත.. ඒත් ඒකට උත්තරේ දෙයියො මැවුව කියන එක නෙමෙයි.. මොකෑ දෙයියො මැවුවය කියනව නං එක අතකට දෙයියො කියන්නෙ කවුද, මොනවගේ ඩයල් එකක් ද කියල විස්තර කරන්ඩ වෙනව.. දෙයියො සිරිපාලයව මැවුවෙ කොහොමද, මොනවයින්ද, කියල හොයන්ඩත් වෙනව.. ඒ හැම එකටම "දන්නැහ්හ්" කියල ශේප් වෙලා, ඒ කොයිහැටි වෙතත් මැවුවමයි කියන එක ළමයි විද්‍යාව නෙමෙයි.. ඒක ආගම හරි වෙන මොකක් හරි වෙන්ඩ ඇති..
අනික් අතට දේවවාදියොයි අයි.ඩී සෙට් එකයි පරිණාමෙ ගැන දොඩවන්නෙ ඇත්තටම ඒ ගැන දන්න මගුලක් නැතුව.. පරිණාමෙ කාලයක් තිස්සෙ ඩිංග ඩිංග වෙන බව ඇත්ත ළමයි.. ඒත් මුළු සීන් එකම වෙන්නෙ අහම්බෙන්ය කියල උන් කියන එක පල් බොරුවක්.. පරිණාමෙ වෙන මෙකනිසම් එක ටක්කෙටම දන්නැතුවට තේරෙන බාසාවෙන් කිව්වොත් වෙන්නෙ මෙච්චරයි.. ජාන වල විකුර්ති ඇති වෙනව.. ඒ වෙන්නෙ නං ලොවෙත් අහම්බෙං තමයි.. ඊළඟට කොයි ජානෙ කොයි විකුර්තිය ඇති වෙයිද කියල මෙලෝ පුතයෙකුට වර්ක් අවුට් කරගන්ඩ බෑ.. ඒවගේම තමයි ළමයි, ජානෙක "හොඳ විකුර්තියක්" ඇති වෙන එක ලොවෙත් කලාතුරකිං තමා වෙන්නෙ.. ඒ වගේම ඒක වෙන්නෙ ෆට්ටම අහම්බෙන්.. (එක හොඳ විකුර්තියක් ඇති වෙද්දි මිලියන ගනන් චා විකුර්ති ඇති වෙලා සත්තුන්ට තාප්පෙටම කෙල වෙලා යනව.. ගොඩක් එහ්ම උන් ඉපදෙනකල්වත් ඉන්නෙ නැති හින්ද උන්ව අපිට පේන්නෙ ලොවෙත් අඩුවෙන්).. හැබැයි පුතෝ, හොඳ විකුර්තිය බැරි වෙලාවත් ඇතිවුණොත්, ඇතිවෙච්චි එකා අනික් උන්ට වඩා පරිසරේ ඉතුරු වෙනව.. උගෙ පරපුර අනික් උන්ට වඩා බෝ වෙනව.. ඒ හින්ඳ "හොඳ විකුර්තිය" ආවට පස්සෙ ආයි ආපහු ඒම් බොරු.. ඉතිං ළමයි, අවුරුදු ප්‍රකෝටි ගාණක් තිස්සෙ "හොඳ විකුර්ති" ඩිංග ඩිංග එකතු වෙන එකෙන් සත්තු ඩිංන්ග ඩිංග කලින්ට වඩා සංකිර්ණ වෙන එක අහන්ඩ දෙයක් ද? ඉතිං ළමයි දැන් තේරෙනවනෙ, පරිණාමෙ "හොඳ පැත්තට" සිද්ද වෙන්නෙ අහම්බෙන් නෙමෙයි.. "හොඳ" එවුන් වැඩිපුර ඉතුරු වෙන හින්ද.. ඕකට ආයි දෙයියෙක් හරි උගෙ මැජික් අරිෂ්ටෙ හරි ඕන යැ??
ඕක පෙන්නන්ඩ ඩෝකින්ස් ගොයිය ජොලි වැඩක් කොරනව.. පොර යනව බැංකුවක සේප්පුවක් කඩන්ඩ (කියෝන උන් ගොහින් රෑ ජාමෙ බැංකු ඇතුළෙ ඉඳල මාට්ටු උනොත් එහෙම වගකියන්නෑ හරිය? ).. හිතන්ඩ ඉලක්ක්කං අටක් තියෙන සේප්පුවක්.. ඕනෙ හරකෙකුට (අයි.ඩී කාරයෙක් උනත් නැතත් ), ගණං හදල කිවුවැහැකි ඇතුලෙ තියෙන පවුම් කෝටියට විදින්ඩ නං ඩෝකින්ස් ඉලක්කං අටම හරියට දාන්ඩ ඕනෙ.. ඌ දන්නැත්තං හරි ඉලක්කං, උට සේප්පුව ඇරගන්ඩ චාන්ස් එක කෝටි දහයෙං එකයි.. ඒත් ඩෝකින්ස් කියනව ළමයි, පරිණාමෙ ඔහොම සේප්පුවක් නෙමෙයිය කියල.. දැං හිතන්ඩ ළමයි ඩෝකින්ස් පළවෙනි ඉලක්කම හරියට දැම්මොත් පවුං කෝටියම නැතත් සේප්පුව යංතං ඇරිල එක පවුමක් එළියට එනව කියල.. පොර ඊට පස්සෙ පළවෙනි හරි ඉලක්කම දන්නව.. ඇන්නෑවටෙයි ආයි ඒක වැරදි එකට ටියුන් කොරගන්නෙ?? පොර ඊට පස්සෙ කොරන්නෙ ඒක එහෙම්මම තියාන දෙවෙනි ඉලක්කම කරකෝන එක.. හිතහං ඒක හරියට ආවොත් සේප්පුව ආයි ටිකක් ඇරිල පවුං දහයක් විසික්ක වෙනව කියල.. දැං ඌ දෙවෙනි හරි ඉලක්කමත් දන්නව.. ඔහොම ගියොත් ළමයි, වැඩිකල් නොගිහින්ම ඩෝකින්ස් පවුං කෝටියට තට්ටු කොරනව.. දහකෝටි පාරක් ඉලක්කම් ඔබ ඔබ තටමන්ඩ ඕන්නෑ.. හොඳ විකුර්ති ඉතුරු වෙවී ස්වභාවික වරණෙ වෙන්නෙත් ඔන්න ඔහොමයි කියල කියද්දිම මැනේජර් ඇවිත් ඩෝකින්ස්ව බැංකුවෙන් එළියට දානව අයිබොං..

ෂරි ෂරි.. ඉතිං ඕන් අපි බැලුව ඩෝකින්ස් කොහොමෙයි අයි.ඩී කාරයින්ගෙ තං ගොර්ක බිඳ හෙළල ස්වභාවික වරණෙං පරිණාමෙ වෙන්ඩ පුළුවං කියන එක පෙන්නුවෙ කියල.. හැබැයි බොෂ් ජුන්න්ඬි පුරස්නෙකුත් නැතුව නෙමෙයි.. පුරස්නයක් කිවුවට මචං ඒක ඇත්තටම බැලුවොත් වචන වල පුරස්නයක් තමයි.. ඒත් පරිණාමික ජීව විද්යාවෙ පොඩ්ඩක් දුරට යද්දි දැවෙන පුරස්නයක් වෙන සීන් එකක්..
ස්වභාවික වරණෙන් වඩා ගැලපෙන දේ තෝරගන්නව කියල අපි දන්නව.. ඒත් එහෙම තෝරගන්නෙ කාවද? කොයි ලෙවල් එකේද? දැන් හිතහං බලන්ඩ, එක පළාතක මුවොයි ගෝන්නුයි ඉන්නව කියල..මුවන්ට වඩා ගෝන්නු හයියෙං දුවනව කියල.. කාලයක් යද්දි මුවන්ට වඩා ගෝන්නු වැඩි වෙන එක අහන්ඩ දෙයක් නෙමෙයි, මොකද හයියෙන් දුවන හින්ද සිංහයින්ට ගෝන්නුංව කන්ඩ අමාරුයි.. එතන වෙන්නෙ මුව විශේෂෙට වඩා ගෝන විශේෂෙ සුදුසු හින්ද සොබාවිකව ඒක තෝරගන්න එක.. දැන් හිතන්ඩ ඒ මුවෝ සෙට් එක ගැන.. එච්චර හයියෙං දුවන්නැති හින්ද උං එකසිය ගාණට දඩයං වෙනව.. ඒ මුවන්ගෙ සමහර උන්ට වඩා අනික් උන්ගෙ කකුල් දිගයි.. ආයි අමුතුවෙං කියන්ඩ ඕනැන්නෙ නෑ කකුල් දිග උන් හයියෙන් දුවන හින්ද කකුල් කොට උන් තරං උන් දඩයං වෙන්නෙ නෑ, ඒ හින්ද කකුල් දිග උන් ඉතුරු වෙනව කියන එක..

එතකොට ළමයි ඔය සීන් එකේදි සොබාවික වරනෙ වෙන්නෙ එක් එක් සතාට.. ෆිට් සතා තමා ඉතුරු වෙන්නෙ.. ෆිට් නැති එකා කම්බස් වෙනව..

ඉතිං මචංල, ඔන්න ඔහොම පරිණාමෙ පිළිගත්තට සොබාවික වරනෙ දිහා කොයි ලෙවල් එකෙන්ද බලන්ඩ ඕනෙ කියන එක අතර විද්යාඥඥගොල්ලො අතරෙ පොඩි ඩිබේට් එකක් තියෙනව අයිබොං.. එක සිද්දියකට නං ලොකු අවුලක් නෑ ළමයි, ඒත් අවුල තියෙන්නෙ අවුරුදු මිලියන ගානක් තිස්සෙ ඉස්සරහට යන්ඩ සොලිඩ් බේසිස් එකක් තියෙන්ඩ ඕනෙ කියන එක.. සමහරු කියනව ලොකු කණ්ඩායම් අතරින් සිරාම කණ්ඩායම හෝල්සේල් තෝරගෙන තමයි පරිණාමෙ ඉස්සරහට යන්නෙ කියල.. සමහරු කියනව ඒක වෙන්ඩ බෑ එක එක සතාව තමයි තෝරගන්නෙ කියල..

ඔය ඩිබේට් එක ඔහොම පත්තු වීගෙන යද්දි තමයි ඩෝකින්ස් ගොයිය ලොවෙත් නැති තියරියක් ගෙනාවෙ.. ඒකට පොර පාවිච්චි කොලේ අපි කියපු ජීනව තමයි..
ජීන කියන්නෙ ළමයි කඩ්ඩෙන් "ජානය කියන එකටනෙ".. සොබාවික වරණෙ වෙන්නෙ කණ්ඩායමටත් නෙමෙයි සතාටත් නෙමෙයි ජීනට කියල තමයි උන්නැහේ කිවුවෙ..
ඕක පෙන්නන්ඩ උන්නැහේ ලියපු පොත තමයි ළමයි "සෙල්ෆිෂ් ජීන්" කියල කියන්නෙ..

ජීනව සොබාවික වරණෙං තේරෙනව කිව්වහම ටිකක් මඤ්ඤං වගේ නේද? කාරි නෑ.. අපි හුද්ද හිංගලෙන් පැහැදිළි කොරගමුකො මේන් මෙහෙම..

මිනිස්සුංගෙ, සත්තුංගෙ ගහකොළ වල ඇඟේ මේ "ජාන" කියන ජාතිය තියෙනව ළමයි.. ඕව තියෙන්නෙ හැම සයිලෙකම මැද තියෙන න්‍යෂ්ටිය කියන අටමගලෙනෙ.. ඔවුව තියෙන්නෙ ළමයි, ෆට්ට දිග නූල් හැටියට, එහෙම නූල් අර සයිලෙ ඇතුළෙ එතිල එතිල තියෙනව.. ඒ දිග නූල් වලට තමා අයිබොං ඩී.එන්.ඒ කියන්නෙ.. අහල ඇතිනෙ, කොල්ල තාත්තගෙ ද කියල ෂුවර් නැතුවහම අර අම්මට හොරෙං කොල්ලව එක්ක ගිහිං චැක් කොර ගන්නෙ.. ආං ඒ ඩී.එන්.ඒ තමා ඉතිං.. මනුස්සයෙක්ගෙ එක සයිලෙක තියෙන ඩි.එන්.ඒ නූල් ටිකේ විතරක් දිග මීටර් දෙකයිළු.. එහෙම සයිලත් ඇඟේ නැතෑ ප්‍රකෝටි ගාණක්.. අම්මට උඩු.. එකෙක්ගෙ විතරක් ඩී.එන්.ඒ ඇති මං හිතන්නෙ ප්ලූටෝ වලට යනකං තංගුස් නූලක් ඔතන්ඩ..
හරි හරි.. දැන් හිතහංකො ඔය ෆට්ට දිග නූල් කෑලි වල ජුන්ඩි ජුන්ඩි ඒරියා වෙං වෙලා තියෙනව එක එක වැඩේට.. ඒ ජුන්ඩි කෑල්ලකට තමයි ළමයි ජානෙ කියන්නෙ.. ජානෙං කොරන්නෙ ප්‍රෝටීන් හදන එක.. එක ජානෙකිං එක ප්‍රෝටීං එකක් හදනව කියල ගමුකො.. ඒ ප්‍රෝටීං හින්ද තමයි ඇඟේ තියෙන හැම මගුලක්ම වෙනස් වෙන්නෙ.. බුවා උස ද මිටි ද, හම මොන පාට ද, කොණ්ඩෙ මොන පාට ද, හැම ලබ්බම..

දැන් හිතන්ඩ, මෙහෙම සීන් එකක් වෙනව.. මං කිව්වන්නෙ ජාන කියන්නෙ අර ඩී.එන්.ඒ කියපු ලොකු නූලෙ කෑලි කියල.. සත්තුංගෙ, ගහකොළ වල එක සයිලෙයක් ගත්තොත් ඕකෙ එක වගේ නූල් එකක් නෙමෙයි අයිබොං, දෙකක් තියෙනව (ඔය එක නූලකට තමා මචං වර්ණදේහෙ කියන්නෙ ).. එහෙම නූල් දෙකේ සෙට් ඕනෙම ගානක් සයිලෙ අතුලෙ තිබ්බැහැකිනෙ.. මිනිහගෙ නං තියෙන්නෙ සෙට් විසිතුනයි.. නූල් 46යි.. ඉතිං ළමයි අර එක වගේ නූල් දෙකක් ගත්තොත් ඒ දෙකේ එකම ඒරියා වල තියෙන්නෙ එකම ජාන.. හිතහං එක නූලක මැද ඉඳං යංකිසි දුරක තියෙනව කියල හම කළු කොරන ප්‍රෝටීං එකක් හදන ජානයක්.. ඒ වගේම අනික් නූලෙ තියෙන ජානෙං කොරන්නෙ හම එක්කො සුදු කොරන එක හරි මොකක් හරි..
දැං ළමයි, ලොවෙත් සිම්පල් සීන් එකක් තමයි වෙන්නෙ.. අපි අර මුවංගෙ සීන් එකම ගමුකො ආයෙත්.. කකුල් කොට මුවන්ගෙ එහෙම වෙලා තියෙන්නෙ එක ජානෙකිං, දිග උංගෙ දිග වෙලා තියෙන්නෙ ඊට විරුද්ද ජානෙං කියමුකො ලේසියට.. දැං සිංහය මුවොංව මරන්ඩ පනිනව... කකුල් දිග එවුන් හයියෙං දුවල බේරෙනේව.. කොට එවුන්ට සිංහයගෙ බඩ ඇතුළෙ නිමාඩුවක් හම්බෙනව.. ඊට පෂ්ෂෙ මොකෑ වෙන්නෙ.. පැටවු ගහන්නෙ ළමයි ඉතුරු වෙච්චි උං නෙ.. ඉතුරු වෙච්චි උංගෙ තිබ්බෙ කකුල් දිග කොරන ජානෙ උන්ගෙ පැටවුන්ටත් යනව.. කකුල් දිග උන් ඉතුරු වෙච්චි හින්ද ඊළංග පරම්පරාවෙත් කකුල් දිග උන් වැඩියි.. (ඒ කියන්නෙ කකුල් දිග කොරන ජානෙත් වැඩියි ).. කොට උන් මැරිච්චි හින්ද ඊළඟ පරම්පරාවෙ කොට උන් අඩුයි.. ඒ කියන්නෙ ළමයි, සොබාවික වරණෙං තෙඔරල තියෙන්නෙ වෙන කාවවත් නෙමෙයි.. කකුල් දිග කොරන ජානෙ.. අයිං කොරල තියෙන්නෙ කකුල් කොට කොරන ජානෙ.. තමුංගෙ අයිතිකාරයව ඉතුරු කොරගන්ඩ පුළුවං ජාන ටික බේරිලා ඊළඟ පරම්පරාවට යනව.. තමුන්ගෙ අයිතිකාරයට කෙළ කරන ජාන වලට තාප්පෙටම කෙළ වෙනව..

ඉතිං ළමයි ඔහොම කාලාන්තරයක් තිස්සෙ යද්දි හොඳ ජාන එකතු වෙලා, නරක ජාන වලට කෙල වෙලා, කලිං හිටියට වඩා ලොවෙත් සංකීර්ණ සත්තු හැදෙන්ඩ බැරි ද?


ෂරි.. ඒත් මචං ඩෝකින්ස් උන්නැහේ ඔතනිං නවතින්නෙ නෑ.. ඊට පස්සෙ පොර ගේන තියරිය නං ලොවෙත් නෑ.. පොර කියනව, අපි හැදිල ඉන්නෙ වෙන අහවල් කෙංගෙඩියක් හින්ද නෙමෙයි, අපේ ජාන වලට ඕනෙ හින්ද කියල.. කොටිංම අපි නිකං මැශින් ටිකක් විතරයි කියල.. අපිව හදල තියෙන්නෙ අපේ ජාන.. වෙන මොකටවත් නෙමෙයි උංවම බෝ කොරන්ඩ.. හරිනෙ ළමයි.. අපෙයි සත්තුංගෙයි හැමෝගෙම ඇඟවල් හැදිල තියෙන්නෙ, උං වැඩ කොරන්නෙ, තමුංගෙ ඇතුළෙ තියෙන ජාන ටික බෝ කොරගන්ඩනෙ අයිබොං.. කුරුල්ල උගෙ පැටවුන්ට කෑම කවන්නෙ වෙන මගුලක් හින්ද නෙමෙයි.. කුරුල්ලගෙ ඇඟේ තියෙන ජාන වලිං ඌව ඩිසයින් කොරල තියෙන්නෙ තමන්ට නැතත් පැටියන්ට කෑම කවොවන්ඩ.. මොකෑ එහෙම කැවුවෙ නැත්තං පැටවු ටික මැලෙනව.. පැටවුන්ටත් ගොඩක් දුරට තියෙන්නෙ අරූගෙ ජානම නෙ අයිබොං..
ඉතිං කුරුල්ලව තමුංගෙ පැටවුන්ට කවොවන්න්නැතුව ඉන්ඩ පොළඹෝන ජාන ටික වඳ වෙලා යනව, මොකද ඒ ජාන තියෙන කුරුල්ලංගෙ පැටවු මැරෙන හින්ද.. කවොවන්ඩ ජාන තියෙන කුරුල්ලන්ගෙ පැටවු ඉතුරු වෙන හින්ද කවෝන ජානෙත් ඉතුරු වෙනව.. එහෙම වෙලා වෙලා ඇවිත් තමයි දැං ඉන්න හැම කුරුල්ලම වාගෙ පැටියන්ට කවොවන්නෙ.. ඔය විදිහට පැටියන්ට කවෝන එකේ ඉඳල අනික් උන්ගෙ කූඩු වල බිත්තර දාන, රැහේ එකෙක් වතුරෙ ගිලෙන්ඩ ගියහම බේර ගන්න යන එක, සමහර වෙලාවට තමුංගෙම පැටියව කාල හරි මරල හරි දාන එක වගේ සත්තු කොරන හැම ලට්ට ලොට්ටයක්ම පොරගෙ "ජීන් තියරි"යෙන් ඇක්ස්ප්ලේන් කොරන්ට පුළුවං කියලයි ඩෝකින්ස් ගොයිය කියන්නෙ.. ළමයි බමයි හැදුවට පෂ්ෂෙ වයසට ගොහිං මැරෙන එක හිටං.. ලොවි ගහෙත් නෑ නේද?

ඔන්න ඔහොම තමයි ළමයි ජාන වලට සොබාවික වරණෙ වෙන්නෙ.. සොබාවික වරණෙ වෙන්නෙ කාලාන්තරයක් පවතින, තමංවම බෝකොරගන්ඩ පුළුවං මගුල් වලට විතරයි.. (ජාන කියන ජාතියත් කාලාන්තරයක් තියෙනව අයිබොං, මොකෑ ජානෙ තියෙන සතා මළාට, ඌ පැටවුන්ට ජානෙ කොපියක් දීලනෙ මැරෙන්නෙ.. අපේ ඇඟේ තියෙන ජාන හද්ද පරණයි ).. තමුංවම බෝ කොරගන්ඩ පුළුවන් රසායනික කෙමිකල්ස් මුලිම්ම ලෝකෙ හැදිල ඒකෙන් ජීවින් හැදුනෙ කොහොමද කියන එකත් පොර කියනව.. හරි.. එච්චර දුරට යන්ට ඕනැන්නෙ නෑ..

හරි.. අපි දැං ඔය කතා කොළේ ලමයි, මාතලානෙ ජීන් නැන්දා නොහොත් ජානය ගැනනෙ.. එතකොට උන්දැගෙ මීම කොහොමද සීන් එකට එන්ටර් වෙන්නෙ?

මෙන්න මෙහෙමයි.. "හොඳ" ජාන ඩිංග ඩිංග එකතු වෙවී සංකීර්ණ වෙලානෙ මිනිහ හැදෙන්ඩ ඇත්තෙ.... හැබැයි එකක් තියෙන්නෙ මිනිහගෙ (අබ ඇටයක් සයිස් ) ඔළු ගෙඩිය ආවට පස්සෙ, ඒ ගෙඩිය ඇතුළෙ වෙනම සීන් එකක් වෙන්ඩ ගත්ත.. මිනිස්සු මොළේ පාවිච්චි කොරල එක එක ලබ්බවල් කොළා විතරක් නෙමෙයි, ඒව කොරන හැටි අනික් අයටත් පෙන්නන්ඩ ගත්ත.. නැත්තං කතා කොරල, හරි පස්සෙ කාලෙ ලියල හරි, කොම්පීතරේට දාල හරි, තමං දන්න අටමගල අනික් උන්ගෙ ඔළුවලටත් යවන්ඩ ට්‍රයි කොරා.. අපි හැම එකෙක්ම අයිබොං කොරන්නෙ අනික් උන් කියල දෙන ලබ්බවල් වලිං ඔළුව පුරෝගන්න එක නොවැ.. එහෙම පුරෝගත්තු ඒව අපිත් ජුන්ඩක් වෙනස් කොරල වෙන එවුන්ගෙ ඔළු වලට ෆිල් කොරන්ඩ යනව.. ඕකනෙ සීන් එක.. එක මිනිහෙක්ගෙ එක වෙලාවක ඔළුවෙ තියෙන ලට්ට ලොට්ට ටික ඔක්කොම එකතු කොළාම ඒකට තමයි ඒ මිනිහගෙ සඟිස්කුරුතෙ කියල කියන්නෙ..
ඉතිං "මීම" එන්නෙ කොතෙන්ටද? ඉතිං අපි හැමෝම අනුන්ගෙ ලට්ටලොට්ට ඔළුවල වගා කොරගෙන අනික් උන්ටත් බෙදනව නං ඒ ලට්ටලොට්ටත් ළමයි ජාන වගේම තමංවම කොපි කර කර යන සෙට් එකක් කියන්ඩ පුළුවන් නෙ.. ආං එව්වට තමයි ළමයි ඩෝකින්ස් උන්නැහී "මීමයක්" කියල කිවුවෙ.. දැං හිතහං, ඩ්‍රයිවිං කියන්නෙ එක මීමයක්.. ඒක ඉගෙනගන්ඩ පුළුවං, අනික් උන්ට කියල දෙන්ඩත් පුළුවං.. මැහුම්ගෙතුම් කොරන එකත් එක "මීමයක්" කියල ගන්ඩ පුළුවං.. ආගම කියන්නෙත් ළමයි බෝ වෙන ලෙඩක්නෙ ඔය වගේ.. ඒ හින්ද හැම ආගමකම ඕන්නම් "මීම" කියල ගන්ඩ පුළුවං.. (හැම ආගමේම හරක් ඉන්නෙ කියල එහෙම කිව්වෙ නෑ ඕං.. නඩු දානව එහෙම නෙමෙයි )..
හරි.. කලිං උදාහරණෙං අපි බැලුව හැම ජානෙම ඉතුරු වෙන්නෑ කියල.. ඉතුරු වෙන්ඩ නං ඒ ජානෙ පරිසරේට ගැලපෙන්ඩ ඕනෙ.. සිංහයො කරක්ගහන කැලේක මුවන්ගෙ කකුල් කොට කොරන ජානෙ වඳ වෙලා යාන්ව.. අනික් එක තමයි ළමයි ජාන එක එකට ගැලපෙන්ඩත් ඕනෙ.. දැං හිතහං මුවාගෙ කෑම දිරවන්ඩ ජාන ජාති දෙකක් තියෙනව කියල.. එකකිං කොළ ජාති දිරෝනව.. අනිකෙං මස් ජාති දිරොවන්නෙ.. මුවාගෙ අනික් ජාන මුවාව හදන්නෙ කොළ කන්ඩනෙ ළමයි.. මස් කන්ඩ නෙමෙයිනෙ.. ඉතිං එතකොට කොළ කන මුවාගෙ මස් දිරෝන ජානෙ තිබ්බොත් කෙළිය තාප්පෙටම.. ඒ මුවා මැරෙනව.. ජානෙත් වඳ වෙලා යනව.. ඒ කියන්නෙ ළමයි ජානයක් ඉතුරු වෙන්ඩ නං ඒ ජානෙ, සතාට ෆුල් සප් එකක් දෙන්ඩ ඕනෙ.. ඒ වගේම උගෙ ඇඟේ තියෙන අනික් ජාන වලට ගැපලෙන්ඩත් ඕනෙ..
ඉතිං ළමයි, ඔය සීන් එක මීම වලටත් අදාලයි.. ඔළුවට දාගත්තු එකාට වැඩක් කොරල දෙන්නෙ නැති මීමෙ ඌ එක්කම වඳ වෙලා යනව.. හිතන්ඩ එක මීමයක් තියෙනව කියල හෙන ශෝක සින්දුවක්, ඇහුවහම මූඩ් ගහල ඉන්න එකක්.. එක්කො මූඩ් ගහපු එවුන් සුවිසයිඩ් කොරගෙන හරි, ෆුල් ෆන් එකේ ඉන්න බුවාල ටික ඒ සින්දුවට අකමැති වෙලා හරි ඒ සින්දුව (මීමය ) වඳ වෙලා යනව.. ඩ්‍රයිවින්, ටයිපින් වගේ මීම කල් අල්ලල තියෙන්නෙ ඒව ඔළුවට දාගත්තු එකාට යූස්ෆුල් හින්ද..

මං කලිනුත් කිව්ව නේද ළමයි ඩෝකින්ස්ගෙ ආගම ගැන.. පොර ඉතිං කොසු ආගමිකයෙක් නොවැ, මේ මං වගේ.. පොරට ආගම කියන්නෙ නිකං හරියට ජලභීතිකාව හැදිච්චි බල්ලට මිදුලෙ ටැප් එක වගේ.. ඉතිං පොර කම්පනා කොරල කොරල අන්තිමේ වර්ක් අවුට් කොර ගත්ත ආගම කියන මීමෙ කොහොමද ලොවෙත් වැඩක් නැති බම්බුවක් වෙලත් ඔච්චර ඉතුරු වෙවී ලක්ෂ ගනන් කොපි වෙවී අළුත් උන්ගෙ ඔළු වලට යන්නෙ කියල.. මෙච්චරයි ළමයි සීන් එක.. මැරෙන්ඩ තියෙන බය.. ඕනෙ බය නැති පාතාලෙ චණ්ඩියෙක් හරි ෆේක්බුකියෙන් හැමෝගෙම්ම ගේම ඉල්ලන සිංහලරාවය කාරයෙක් හරි ගත්තත් ඔළු කට්ට ඇතුළෙ වරිං වර හොල්මක් කොරන හිතිවිල්ලක් අයින් කොරන්ඩ බෑනෙ අයිබොං.. ඉස්සෙල්ලම හිතෙනව "අඩොහ්, මං කවදහරි කූරිය ගහනව නේද?" කියල.. ඊට පෂ්ෂෙන් පහු හිතෙනව "අඩ්ඩොහ්, මලාට පෂ්ෂෙ ඔක්කෝම යිවරායි මොක්කද තමා කොරනවා?" කියල.. ඒක කම්පනා වෙලා බය හිතෙනව.. ගිල ගිල ඉන්න නාසිගුරාං උස්මුරුත්තෙට එනව.. "විලක් කොහේද ගෙම්බෙක් එතන" කිව්වැහෙ බය වෙච්චි එකාව බේරගන්ඩ එන්නෙ ආගම.. ආගම ඇවිල්ල ලවක් දෙවක් නැති බොරු දෙසාබානවා.. අහවල් එක හින්ද අහවල් එක වෙනව, අහවල් එකා අහවල් එකාගෙ සීය, හරි මොකක් හරි බයිලයක්..


හැබැයි ඔය කොයි බයිලෙ කිවුවත් අන්තිමට කිනව "අපි කියන විදිහට හිටහන් එතකොට මළාට පෂ්ෂෙ අපේ බොෂ් ඇවිත් උඹව බේර ගනියි" නැත්තම් "කර්මෙ කියන කොම්පීතරේ උඹ කොරන මගුල් ඔක්කොම අප්ඩේට් වෙනව, ලකුණු දාගන්න ඒව වැඩිය කොරොත් දිව්ය ලෝකෙ තමයි" කියල.. ඉතිං ආගම් මීමෙ ඔළුවට දාගත්තු මිනිහත් මොකෑ කොරන්නෙ? මැරෙනව කියන අයිඩියා එක ඔළුවට ආපු හැටියෙ "ආහ්, කමක් නෑ, ආයෙ ඉපදෙනව නැතෑ, මීමත් එහෙම කියනවනොවැ" කියල අධ්‍යාත්මික ආතල් එකක් ගන්නව.. ඉතිං ළමයි, ඒවගේ මීමෙක් ඉතුරුවෙන්නැතුව හිටියොත් තමයි පුදුමෙ..
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාම් ආගමේ කියලා තියනවා මොනවද කන්න පුලුවන් කන්න බැරි කියලා...
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මාළු දහස් ගාණක් ලංකාව වටේට මුහුදු තීරයේ මරණයට පත්කරනවා නේද දිනපතා ?? හාල්මැස්සෝ බැදුමක් සහිත බත් පිගානක්ද මස් කෑබලි සහිත බත් පිගානේද වැඩියෙන් සත්ත්ව ඝාතනය කරලා තියෙන්නේ ?? උපන්දා සිට ඔය ඇත්තො බොන කිරි වීදුරුවෙ නියම අයිතිකාරයා වහුපැටියා නෙවේද ?? මම ඕනේ තරම් වීඩියෝස් බලලා තියෙනවා මැෂින්වලින් කිරගන්න දෙනුන් කොරගගහා යන හැටි මැෂින්වල බටවලට පැය ගනන් කකුල් හිර වෙලා තිබිලා ?? එහෙම ක්‍රමයකින් උදේ පාන්දර තමංගෙ අතට එන කිරි වීදුරුව ප්‍රතික්ෂේප කරන්න එහෙමත් නැත්තම් නවත්වන්න උත්සහයක් නොගන්න




    good point :D
     
    Last edited: