Note 7 අර්බුදයෙන් SAMSUNG සමාගමේ පෙරළි රැසක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    Note 7 අර්බුදයෙන් SAMSUNG සමාගමේ පෙරළි රැසක්

    Note 7 අර්බුදයෙන් SAMSUNG සමාගමේ පෙරළි රැසක්

    • Printer ව්‍යාපාරය HP ට විකුණයි
    • කොටස් මිල වේගයෙන් පහළට
    • සභාපතිගේ පුතා අධ්‍යක්ෂ මණ්ඩලයට


    ආන්දෝලනයට ලක්ව සිටින සැම්සුන්ග් සමාගමේ පෙරළි රැසක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය අද දිනයේ දී නිවේදනය කර සිටියේය.

    මෙහිදී වැදගත්ම ප්‍රවෘත්තිය වූයේ දැනට රෝගාතුරව පසුවන සැම්සුන්ග් සමාගමේ සභාපතිවරයා ගේ එකම පුත්‍රයා වන Lee Jae-yong සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් පත් කිරීමයි. මේ පිලිබඳව මාද්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සැම්සුන්ග් සමාගම කියා සිටින්නේ මෙය නිවැරදි අවස්ථාවක ගත් නිවැරදි තීරණයක් බවයි.


    823ef086c556449cbca4da4e193b6931_original1.jpg

    මේ අතර සැම්සුන්ග් සමාගමේ මුද්‍රක ව්‍යාපාරය (Printer business) මිල දී ගැනීමට HP සමාගම අද දිනයේ දී කැමැත්ත පළ කර ඇත. බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන පරිදි මෙය ඇමරිකානු ඩොලර් බිලියන 1.05 ක ගනුදෙනුවකි.


    Samsung-Share.jpg

    සැම්සුන්ග් Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන යළි කැඳවීමට ගත් තීරණය නිසා සමාගමට මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 22 ක පාඩුවක් විඳ දරා ගැනීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී. මේ හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාවට සැම්සුන්ග් සමාගමේ කොටස් මිල පසුගිය මාස දෙක තුළ වාර්තා වූ අවම මට්ටමට මේ වන විට පැමිණ ඇති අතර අද දිනය තුළ දී 6.98% කින් එහි කොටස් මිල පහළ බැස ඇත.


    Biz-Final2-Land-compressedgfgf.png
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    මුන් මේ මගුලක් එලියට දාලා උන්ගේ නම නැත්තටම නැති කරගත්තා..අපරාදේ.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    A rata wal..a samagam oita wada watichcha awastha thiyanawa..mama hithanne kalin hitiya thathwayata wada hoda thanakata a samagama path wei idiriyata meka padamak karagena.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    සමහර උන් බලන් ඉන්නේ samsung වැටෙනකන්..උන් හිතන් ඉන්නේ samsung ෆෝන් විතරක් හදනවා කියලා..:lol::lol:


     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    සමහර උන් බලන් ඉන්නේ samsung වැටෙනකන්..උන් හිතන් ඉන්නේ samsung ෆෝන් විතරක් හදනවා කියලා..:lol::lol:


    සැම්සුන්ග් පටන්ගත්තෙ නූඩ්ල්ස් හදන කම්පැණි එකක් විදියට. පස්සෙ තමා එක එක ඉන්ඩස්ට්‍රිස් වලට විහිද්න්න ගත්තෙ. හෙවි ඉන්ඩස්ට්‍රිස් කියන්නෙ ඉන් එක කොටසක්. ඒත් ඕනම අධිරාජ්‍යක කඩා වැටිම සුළු දේකින් පවා වෙන්න පුළුවන් ඒක නොසලකා හැරියොත්. ඒ නිසා තමා අවුල උනෙ ෆෝන් වල උනත් මුළු සැම්සුන්ග් ගෲප් එකෙම බෝඩ් මෙම්බර් කෙනෙක් විදියට අළුත් එකෙක් පත් කරෙ. ස්ට්‍රැටජික් ඩිසිෂන්ස් ගන්න අළුත් විදියට. නැත්තම් ෆෝන් ඩිවිෂන් එකෙන් විතරක් වෙනස් කම් කරන්න තිබ්බා නෙ ?? පාඩුව වුණෙ කම්පැණි එකටම. මොකද සැම්සුන්ග් කම්පැණි එකට ෆොන් වල නට් එකෙ ඉඳන් හදන්න ඉන්ඩස්ට්‍රීස් තියෙනවා අයත් වෙලා. ඒක නිසා අනෙක් කම්පැණිස් වගෙ අවුට් සොර්ස් කරන්නෙ නැහැ.
    දන්නවා ඇතිනෙ මෙව්වා ගැන. දන්නෙ නැත්තම් ගූගල් කරලා හොයාගනින්. :lol::lol::lol::lol::lol::lol: