Note 7 අර්බුදයෙන් SAMSUNG සමාගමේ පෙරළි රැසක්
ආන්දෝලනයට ලක්ව සිටින සැම්සුන්ග් සමාගමේ පෙරළි රැසක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය අද දිනයේ දී නිවේදනය කර සිටියේය.
මෙහිදී වැදගත්ම ප්‍රවෘත්තිය වූයේ දැනට රෝගාතුරව පසුවන සැම්සුන්ග් සමාගමේ සභාපතිවරයා ගේ එකම පුත්‍රයා වන Lee Jae-yong සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් පත් කිරීමයි. මේ පිලිබඳව මාද්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සැම්සුන්ග් සමාගම කියා සිටින්නේ මෙය නිවැරදි අවස්ථාවක ගත් නිවැරදි තීරණයක් බවයි.
මේ අතර සැම්සුන්ග් සමාගමේ මුද්‍රක ව්‍යාපාරය (Printer business) මිල දී ගැනීමට HP සමාගම අද දිනයේ දී කැමැත්ත පළ කර ඇත. බ්ලූම්බර්ග් ප්රවෘත්ති සේවය වාර්තා කරන පරිදි මෙය ඇමරිකානු ඩොලර් බිලියන 1.05 ක ගනුදෙනුවකි.
සැම්සුන්ග් Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන යළි කැඳවීමට ගත් තීරණය නිසා සමාගමට මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 22 ක පාඩුවක් විඳ දරා ගැනීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී. මේ හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාවට සැම්සුන්ග් සමාගමේ කොටස් මිල පසුගිය මාස දෙක තුළ වාර්තා වූ අවම මට්ටමට මේ වන විට පැමිණ ඇති අතර අද දිනය තුළ දී 6.98% කින් එහි කොටස් මිල පහළ බැස ඇත.

• Printer ව්‍යාපාරය HP ට විකුණයි
• කොටස් මිල වේගයෙන් පහළට
• සභාපතිගේ පුතා අධ්යක්ෂ මණ්ඩලයට