මම ගොඩක් තැන්වල දැකපු දෙයක් තමයි මම මේ පාර NPP කිව්වෙ නැත්තන් කැපීයනවා. Social media වල උනත් NPP විරුද්ධව වචනයක් කිව්වොත් දායක සභාව කැලඹිලා රිප්ලයි වැටෙනවා හෝ ගාලා. පහලින් ඇටැච් කරන්නෙ සන්ගීත් ස්ටේජ් එකට නැගලා කරපු කතාවට දාලා තිබුන කමෙන්ට් එකක් සහ ඒකට තිබ්බ රිප්ලයි.
View attachment 195870
සංගීත්ගෙ ඊයෙ හැසිරීම බැලුවම ටිකක් ඒ වගේ ගතියක් නොතිබුනාම නෙවෙයි මට තේරෙන විදියට. ඒත් NPP එකට හෝ ඒකට සපෝට් කරන කෙනෙක්ට විරුද්ධව වචනයක් කිව්වත් ඒකට රියැක්ට් කරන විදියෙන් මට පේන්නෙ ආයෙමත් අර මහින්දට ගෝඨාභයට තිබුනා වගේම ටොක්සික් trend එකක් තියෙනවා හෝ ඇතිවේගෙන එනවා.
අනික අපේ ගමේ උනත් ඡන්දය දෙන සමහර දෙනෙක් ඡන්දය දෙනවා කියන්නෙ අහවලා ඉල්ලන නිසා, නැත්තන් දෙන්නෙ නෑ.
මේ විදියට හිතන හැසිරෙන මිනිස්සු එක්ක අපේ රට NPP එක දිනුවත් හදන්ඩ ලැබෙයිද?
ලොවෙත් ආයෙ චිත්‍ර අඳින හරි ඒ වගේ වැඩක් කරන trend එකක් එයි හිතනවා. උඹලගේ අදහස මොකක්ද ඒ ගැන.
සැලකිය යුතුයි - ඡන්ද කැඩීමේ අරමුණක් නැත.