හැමතැනම කස්ටිය ලාල්කාන්ත බලය බෙදන එක ගැන කියල නාපු එකයි, අනුරයා ඒක සුද්ද කරන්න ගිහින් ආයි නාපු එකයි අල්ලන් මරාගන්න නිසා පොඩි දේවල් කීයපක් දාන්න හිතුවා.
මේපාර ජෙප්පො ටික කරල තියෙන්නෙ දියුනු රටවල් වල වෙන දේවල් ගෙඩි පිටින් අරන් මෙහෙ ක්රියාත්මක කරනවා, එහෙම කලාම ලංකාව සුටුස් ගාල දියුනු වෙනවා වගෙ ලද බොලද කතා හදන එක.
උදාරහරයනක් තමා ඔය බලය බෙදන එක. ඕක බැක් ෆයර් වෙච්ච ගමන් මම දැක්ක බුකියෙ ආර්තික ඔස්තාර් දාල තියෙනවා ස්කැන්ඩිනේවියා රටවල් වල ගොඩක් දේවල් නගර සබා ලෙවල් එකේ වෙනස් කරන්න පුලුවන්, කරන්න ඕන අත්සන් ගහපු පෙත්සම් විතරයි කියලා.
තව එකක් තමා ඔය සමුපකාර වලින් හැමදේම කරන සීන් එක.
උන් කරන අනිත් එක තමා, ඕව නැති එක තමා ලංකාව තාම දියුනු වෙලා නැති හේතුවත් කියල පෙනන්න ට්රයි කරනවා. ගොඩක් රටවල් වල වෙලා තියෙන්නේ දියුනු උනාට පස්සේ ඕවා ආව මිසක, ඕවා ඇවිත් දියුනු උනේ නෑ.
ඇත්ත කතාව තමා, ලොකේ කිසිම රටක හරි ගිය දෙයක් ලංකාව වගෙ රටකට ගෙඩි පිටින් ගෙනල්ලා ඔබන්න බෑ.
තියෙන සමාජය ඒවගේ දෙයක් කරන්න කලින්ම හැඩගැහිල තියෙන්නෙ ඕනා.
ඔහොම ගිහින් නාපු එකක් තමා කාබනික පොහොර සීන් එක.
උඹල මොකද කියන්නේ? ඒ ප්රතිතිපත්ති ගේමක් නැතුව ලංකාවට ඔබන්න පුලුවන්ද? නැත්තන් අසාර්ථක වෙයිද?

