Number Portability හඳුන්වා දීමට TRCSL ආයතනය මහජන සහය පතයි.

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Mobile connections වලට Number Portability හඳුන්වා දෙන එක කාලයක් තිස්සෙ ලංකාව ඇතුලෙ කතා වෙච්ච දෙයක්. මේක ලංකාවට අලුත් දෙයක් උනාට හුඟක් විදේශ රටවල මේක හඳුන්වල දීල ගොඩක් කල් වෙනවා.

    mobile-number-portability-sims.jpg



    සරලවම මේකෙන් වෙන්නෙ මේකයි, දැනට අපි දන්න පරිදි අපේ Mobile Service Providers ලට වෙන් වෙච්ච number codes ටිකක් තියනව 071, 072, 075, 077 සහ 078 වගේ. අපිට එක service provider කෙනෙක්ගෙ ඉදල තව කෙනෙක්ට මාරු වෙන්න ඕනනම් අනිවාර්‍යෙන් අපේ නම්බර් එක වෙනස් කරන්න වෙනව. ඒත් NP ක්‍රමය හඳුන්වා දෙනවත් එක්ක අපිට අපේ මුල් නම්බර් එක වෙනස් නොකරම කැමති service provider කෙනෙක්ට මාරු වෙන්න පුලුවන්.

    Mobile Number Portability එක එක රටවල්වලට හඳුන්වා දුන්න අවුරුදු පහත සඳහන් වෙනවා.

    image.png


    අපි බොහෝවිට අපේ service provider හරියට සේවාව සැපයුවෙ නැතත් වෙන service එක්කට මාරු වෙන්න පැකිලෙනව මොකද කාලයක් පාවිච්චි කරපු නම්බර් එකක් වෙනස් කරන්න ගොඩක් අමාරු නිසා. අපේ නම්බර් එක තියන අයව දැනුවත් කරන්න ඕන, නම්බර් එක භාවිතා කරල මොනවටහරි register වෙලා තියනවනම් ඒව වෙනස් කරන්න ඕන වගේ අසීරු වැඩ ගොඩක් කරන්න වෙනවා. ඒත් මේ number portability සේවාව හඳුන්වාදීමත් එක්ක අපිට උඩ කීව අසීරු දේවල් මග හැරල තමන්ගෙ පරන නම්බර් එකම භාවිතා කරල කැමති service provider කෙනෙක්ට මාරු වෙන්න අවස්ථාව සලසනවා. මේක පාරිභෝගිකයො විදිහට ලොකු වාසියක් වගේම service providers ල අතරත් තරඟය වැඩිවෙලා වඩා හොඳ සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දෙන්න එයාල පොලඹවනවා.

    mobile-number-portability.jpg


    මේ Number Portability සේවාව හඳුන්වා දෙන්න කලින් ඒ පිලිබඳ මහජන මතය විමසීම TRCSL ආයතනය දැන් ආරම්භ කරල තියනවා. NP හඳුන්වා දෙනවත් එක්ක එන තාක්ෂණික ගැටලු වලට විසඳුම් දෙන්නත් අවස්ථාව ඒ පිලිබඳ උනන්දු පාර්ශව වලට දැන් පුලුවන්.

    Public Consultation Paper on Implementation of Number Portability

    ඉහත ලින්ක් එකට ගිහින් ඔයාලට ඒ අවශ්‍ය document එක download කරගන්න පුලුවන්. ඒ document එකේ Number Portability සේවාව කොහොමද implement කරන්නෙ කියන එක විස්තරාත්මකව සඳහන් කරල තියනවා. ඒ වගේම ඒත් එක්ක එන ප්‍රශ්නත් සඳහන් කරල තියනවා. අපිට පුලුවන් NP ගැන අදහස් වගේම සඳහන් කරල තියන තාක්ෂණික ගැටලු වලටත් විසඳුම් එයාලට යවන්න.

    [email protected] මේල් එකෙන් හරි Director General, Telecommunications Regulatory Commission of Sri Lanka, No. 276, Elvitigala Mawatha, Colombo 08. කියන තැපැල් ලිපිනයට පෙබරවාරි 12ට කලින් මේ පිලිබඳ ප්‍රතිචාර යවන්න ඔයාලට පුලුවන්.

    මේක වගකීමක් විදිහට සලකල කරන එක බොහෝදුරට හොඳයි.
    මොකද Number Portability සේවාව හඳුන්වාදීමත් එක්ක වැඩිවෙන්නෙ Telcommunication companies වල තරඟකාරීත්වය.
    ඒත් එක්ක පාරිභෝගික අපිට වාසිදායක හොඳ සේවාවක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. :yes: :yes: :yes:

    Source -> PCGuideLK ❤
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    okata dialog ewunan kamathi na loweth:lol::lol:
    mata dialog number eka maru karaganna bariwa inne. connection eka active thiya gannath boruwata reload danna oni:no:

    මගේ එකට නම් කෙල වුනා.දැන් නෝ සර්විස් කියලා වැටෙන්නේ.

    ඒකට හච් එක.පරණ සිම් එකක් තිබ්බා මාස ගානක් ගිහින් රීලෝඩ් එක දැම්මා.තාම ඇක්ටිව්.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මගේ එකට නම් කෙල වුනා.දැන් නෝ සර්විස් කියලා වැටෙන්නේ.

    ඒකට හච් එක.පරණ සිම් එකක් තිබ්බා මාස ගානක් ගිහින් රීලෝඩ් එක දැම්මා.තාම ඇක්ටිව්.
    math second sim eka hatiyata hutch ekak pawichchi karanne. oka implement karoth hutch lata wasi
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඕක ආවොත් අපිට අලුත් නම්බර් ගන්න බැරි ද
    එහෙම අවුලක් නෑ..මේ කියන්නේ තියෙන නම්බර් එකම තියාගෙන වෙන Provider කෙනෙක්ව දාගන්න එක

    මගේ එකට නම් කෙල වුනා.දැන් නෝ සර්විස් කියලා වැටෙන්නේ.

    ඒකට හච් එක.පරණ සිම් එකක් තිබ්බා මාස ගානක් ගිහින් රීලෝඩ් එක දැම්මා.තාම ඇක්ටිව්.
    Hutch සිරා සුපිරි..Internet පැත්තෙන් Home Broadband වගේ ආවොත් මරේ මරු..තාම ඒ ගැන මෙලෝ අදහසක් උන්ගෙ නෑ වගේ ඒ උනාට
    ------ Post added on Feb 8, 2021 at 1:29 PM
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    oka 2011,2012 wage try karama mata mathaka widiyata Neustar ekka ekathu wela. e kaale awula une unge US servers use karala, number ekak resolove karanna yana welawa wadi wage scnene ekak. ekko local service ekak duwanna ona oka handle karanna.
     
    • Like
    Reactions: SLKolla2020

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යා අපු ගමන් හොඳ ෆෝන් ඔෆර් එකක් ආවා. ගන්න සිම් එකක් නෑ. උනුත් වෙන සිම් එකක් නැතිව බෑම කියනවා. උන්ටම කියලා වෙනිං නෙටිවර්ක් එකක සිම් එකක් අරං ඒකටම අනික් නෙට්වර්ක් එකේ ඔෆර් එක ගත්තා🤣🤣

    උන්ටත් නිකං පිස්සු වගේ.
     
    • Haha
    Reactions: NRTG and Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කෙන්යා අපු ගමන් හොඳ ෆෝන් ඔෆර් එකක් ආවා. ගන්න සිම් එකක් නෑ. උනුත් වෙන සිම් එකක් නැතිව බෑම කියනවා. උන්ටම කියලා වෙනිං නෙටිවර්ක් එකක සිම් එකක් අරං ඒකටම අනික් නෙට්වර්ක් එකේ ඔෆර් එක ගත්තා🤣🤣

    උන්ටත් නිකං පිස්සු වගේ.
    අපෙන් එකෙකි ඒ මිනිසා :lol:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,922
    113
    ආශ්චර්යමත් රටක
    කෙන්යා අපු ගමන් හොඳ ෆෝන් ඔෆර් එකක් ආවා. ගන්න සිම් එකක් නෑ. උනුත් වෙන සිම් එකක් නැතිව බෑම කියනවා. උන්ටම කියලා වෙනිං නෙටිවර්ක් එකක සිම් එකක් අරං ඒකටම අනික් නෙට්වර්ක් එකේ ඔෆර් එක ගත්තා🤣🤣

    උන්ටත් නිකං පිස්සු වගේ.
    මම මාසෙන් මාසේ offer වලට sim මාරු කරනවා 🤣🤣
    දැන් home WiFi ගන්නෙත් නෑ.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22