මොන පොල් බූරුවද බන් ඕට්ස් කන්න අමාරුයි කියපු එකා.
මම ඔෆිස් නොයන හැම සෙනසුරාදා ඉරිදම ඕට්ස් කන්න අරගන දැන් අවුරුදු පහකටත් වැඩි, පට්ට රසයි.
ඕකෙ වැඩේ මෙහෙමයි තමන් කැමති ඕට්ස් වර්ගෙ ටෙස්ට් කරලා හොයාගන්න ඕන. ඕට්ස් වර්ග ගොඩක් තිබුනට මම කැමති එකම එක වර්ගයි. සමහර ජරා ඒවා හදපුවම පාන් පිටි වලින් හදපු පාප්ප වගේ, කිසිම රහක් නෑ texture එකත් අවුල්. හොඳ ඕට්ස් එකේ flakes ලොකුයි, කුරුට්ට අයින් කරලා නැති නිසා වැඩිපුර දුඹුරු පාටයි. කාල බලලම තමයි රස සෙට් වෙනද කියල තීරණේ කරන්න ඕන.
සමහරු නම් සීනි ටිකක් දාල හදනවා. මටනම් සීනි දාල කන්න අප්පිරියයි. මම කවදාවත් පලතුරු දාල කාල නෑ. පලතුරු දාන්න පුලුවන්ද බැරිද කියල උඹටම තේරෙයි හදනකොට.
ඕට්ස් කෝප්ප 4/3 විතර භාජනේකට දාල වතුර කෝප්ප බාගෙකුයි එළකිරි කෝප්ප 4/3 විතර දාල යන්තම් ලුණු ටිකක් දාල ලිපේ තියපන්. යටට අල්ලන්න දෙන්නෙ නැතුව විනාඩියක් දෙකක් හැඳි ගානකොට මිශ්‍රණය ඝන වෙන්න ගන්නවා. ඒ වෙලාවට තව එළකිරි කෝප්ප 4/3 විතර දාල හැඳි ගාල විනාඩි දෙකකින් විතර අය ඝන වේගන එනකොට බා ගන්න. තමන් කැමති texture එකට ගැලපෙන විදිහට කිරි ප්‍රමානෙ සහ ලිපේ තියන වෙලාව වෙනස් කරගන්න. සමහරු කැඳ වගේ දියට කන්න කැමතියි (එහෙමත් අවුලක් නෑ). මම කැමති ගොඩක්ම ඝනටත් නැතුව දියටත් නැතුව අතර මැදි texture එකට. ගොඩක් ගුණයි, හදාගන්න ලේසියි. හදල ඉවර වෙලා භාජන වලට වතුර දාල තියන්න නැත්නම් ඩයිනමයිට්වත් ඕන වේලුන භාජන හෝදන්න.