ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ලොව බලවත්ම අසුන වෙනුවෙන් තරග කිරීමට එක හෙලා තීරණය කරන්නේ ඔහුට එම අසුනේ එවකට අසුන් ගෙන සිටි පුද්ගලයා කල බලවත් නිග්‍රහයකින් අනතුරුවයි. - Frontline අමෙරිකානු රූපවාහිනී වැඩසටහන. 2011 වසරේ ධවල මන්දිරයේ පැවැත්වෙන ජනපති රාත්‍රී භෝජන සංග්‍රහයක් වෙනුවෙන් ආරාධනා ලබන ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ජනපති ඔබාමාගේ බලවත් නිග්‍රහයට පාත්‍ර වනවා. ඒ ඊට සති කිහිපයකට පෙර ඔබාමාගේ වාර්ගිකත්වය ප්‍රශ්න කරමින් ට්‍රම්ප් කල ප්‍රකාශයකට එකට එක කිරීමක් වශයෙන්. 2000 කට අධික පිරිසක් හමුවේ එක දිගට පැය කාලක් පමණ කාලයක් ඔබාමා ට්‍රම්ප්ගේ රෙදි ගැලවූ බව කිවහොත් එය බොරුවක් නොවෙයි. ඔහු අසරණ වෙනවා. පහර කෑම සහ ඇද වැටීම ජීවිතයේ සාමාන්‍ය දේවල්. නමුත් නැගී සිටීම කියන්නේ නම් නිසැකවම අපේ තේරීමක්. ට්‍රම්ප් තෝරා ගන්නේ ඒ නැගී සිටීමයි. මේ වීඩියෝව ඒ පිලිබද අමෙරිකාවේ ෆ්‍රන්ට්ලයින් රූපවාහිනී වැඩසටහන නිෂ්පාදනය කල කෙටි චිත්‍රපටයක් ආශ්‍රයෙන් සකස් වූවක්.
ජනපති ඔබාමා නිසැකවම මෑත කාලයේ ලෝකවාසීන්ගේ වැඩිම ගෞරවාදරයට පත් ජන නායකයා. එවැනි පුද්ගලයෙකු නිසැකවම තමාගේ ප්‍රතිවාදියාට සහය දක්වන පසුබිමකදී ට්‍රම්ප්ට ජනාධිපතිවරණය ජය ගැනීම පහසු වන්නේ නෑ. ඔහු මෝඩයෙකු, කලබලකාර සල්ලාලයෙකු ලෙසත් නායකත්වයට කිසිදු සුදුසුකමක් නැත්තෙකු ලෙසත් මැතිවරණ වේදිකාවේ හංවඩු හැගෙනවා.
නමුත්,
ලොව බලවත්ම රාජ්‍ය තාන්ත්‍රිකයාගෙන් පහර කෑමට ලක්වූ ඔහු අවසානයේ දී එම අසුනේ අනුප්‍රාප්තිකයා බවට පත් වෙනවා. මොනවා උනත් අද ඔහු අමෙරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා. ට්‍රම්ප් නොවෙයි, ඔහු කල ඒ සටන, ඒ උත්සාහය නිසැකවම අගය කල යුත්තක්. මිනිසෙකු සතු විය යුතු ධෛර්ය ගැන යමක් ඒ තුල අප හැමට ලබාගැනීමට තිබෙනවා.
අවසන් වශයෙන් උපුටා දැක්වීමට ප්‍රකාශයක් තිබෙනවා.

" කිසියම් පුද්ගලයෙකු යමක් කිරීමට සුදුස්සෙකු සේ පෙනෙන්නේ නම් මම කියන්නේ එය ඔහුට කිරීමට ඉඩ දෙන්න. අවස්ථාව ඔහුට ලබාදිය යුතුමය."
- අමෙරිකාවේ 16 වැනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.
- අමෙරිකාවේ 16 වැනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.