office නොයා ගෙදර ඉදන් වැඩ කරන හැටි ...

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    office නොයා ගෙදර ඉදන් වැඩ කරන හැටි ...

    ගෙදර ඉදන් වැඩ කරන්න කියල ‍‍මේ දවස්වල ලංකාවේ ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරා.:dull::dull:

    මේ දින වල පැතිරී යන කොරෝනා වෛරසය නිසා මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල රැදී සිටීම අවම කිරීම මගින් රෝගය පැතිරීයාම පාලනය කිරීම සදහා මේ ක්‍රියා මාර්ගය අනුගමනය කල යුතුයි.
    ඉතින් එදිනෙදා කාර්යාල වල පරිගණක අශ්‍රයෙන් රැකියා කරන බොහො දෙනෙකුට කාර්යාලයට නොයාම ගෙදර ඉදන් කාර්යලයේ පරිගණය හා සම්බන්ධ වෙලා වැඩ කරන්න පුලුවන් නම් වැඩ කර ගන්න ගොඩක් පහසු වෙනවා
    ඉතින් මේ සදහා භාවිතා කරන්න පුලුවන් පරිගණක මෘදුකාංග ගොඩක් තියෙනවා.

    • Team viewer
    • ammy admin
    • chrome remote desktop
    • Anyesk
    • VNC
    • Remote Access Plus
    • GoToMyPC ................. වගේ ඒවා ඒ අතරින් කිහිපයක්.
    අපේ තියෙන අත්දැකීම් එකක් මේ අතරින් වැඩියෙන්ම භාවිතයේ පහසු මෘදුකාංගයක් වන්නේ any desk.

    www.anydesk.com

    මෙතනින් ‍මේ මෘදුකාංගය නොමිල‍ෙ download කර ගන්න පුලුවන් වගේම ගොඩක් පහසුකම් free ගන්න පුලුවන් වගේම මැදින් add දාලා වද දෙන්නෙත් නෑ.

    team viewer කියන්නෙත් ගොඩක් දෙනෙක් භාවිතා කරන මෘදුකාංගයක් උනත් Team viewer ටික දවසක් භාවිතා කරන කොට restrict කරනවා subscription එකක් ගන්න කියල.

    ඉතින් මේ වගේ මෘදුකාංග භාවිතා කරල ගිහිල්ල කරන්න වෙන වැඩක් ඔයාලට ගෙදර ඉදන් කරන්න පුලුවන්. ඒ මගින් අපිට පුලුවන් රජයට මේ කරන් යන වැඩ පිලිවෙලට සහයෝගයක් දෙන්න වගේම රෝග වලට නිරාවරණය වීම අවම කර ගන්නත් පුලුවන්.


    මේක කොහොමද භාවිතා කරන්නේ මොනවද තියෙන පහසුකම්, මේ සේරම free ද ඕවා තමයි අපිට තියෙන ප්‍රශ්න සේරමටම උත්තර type කරන්න අමාරුයි.....ඉතින් මේ ප්‍රශ්න සේරටම පිලිතුරු මේ පහල තියෙන පොඩි විඩියෝ එකේ තියනෙවා... විඩියෝ එක බලන්න ...🤓ගැටලු තියනව නම් comment එකක් දාන්න..

     
    Last edited:
    • Like
    Reactions: JohnnySS