කිරි දෙන එක නවත්තපන් දැන්.
එකනුබා (Eukanuba) කියලා ඩෝග් ෆුඩ් එකක් තියනවා ලොකු ෆාමසි වල,ෆුඩ් සිටි,ආර්පිකෝ,කීල්ස් වගේ ඒවගේ.
එකනුබා එකේ පපි ෆුඩ් එක තියනවා පොඩි පැටවුන්ට.
ඒක දීපන් කන්න දවසට වේල් 3 උදේටයි,දවල්ටයි,රෑටයි.
තව සති 2 විතර ගියාම බත් කන්න පුරුදු කරපන්.
සතාට කියලා වෙනම උයන්න එපා.
අපි කන දේවල්ම දාපන් කරවිල වගේ තිත්ත දේවල් නැතුව.
මැල්ලුම් පුරවලා දාන්න එපා.
ටිකක් දාපන්.
එලවලු අරවා මේවා දාලා බත් එක අනලා ඉවර උනාම මාලු සුද්ද කරලා දාපන් හොදි එක්ක.
ඒ කරලා තව පාරක් අනපන්.
ඊට පස්සේ කන්න දීපන්.
කන්න දෙනකොට සතාව එක්සයිට් කරන්න එපා කාටද බඩගිනි,කෝ මගේ බඩගිනි පැටියා වගේ කොමල දේවල් කියලා.
නෝමල් එකේ,හදිස්සියක් නැතුව,ඉවසිමෙන් කන්න දීපන් සතාව එක්සයිට් නොකර.
මස්,චිකන් දෙන්න එපා හැමදාම.
සතියට දවස් 4,5 මාලු දීලා ඉතුරු දවස් වලට චිකන්,මස් දීපන්.
මාලු තමා බල්ලන්ට හොදම මොකද දිරවන්න ලේසි නිසා.
හැමදාම එකම මාලුවාව දාන්නත් එපා.
මාලු ජාති වෙනස් කර කර දාපන්.
චිකන් කටු දෙන්න නම් එපා සතා ලොකු උනත්.
චිකන් කටු මිනිස්සුන්ටත් හොද නෑ අපේ උන් කට්ට දෙකට කඩලා ඉරුවට.
කැන්සර් වලට එන්න පුලුවන්.
මස් කටු දැන්ම දෙන්න එපා.
වේලපු නැති හාල්මැස්සෝ නම් කටු එක්ක දීපන් අව්ලක් නෑ.
අනිත් ඒවා නම් සුද්ද කරලා දීපන් කටු නොදි.
කන්න දෙනකොට බොන්න වතුර එකත් ඒ ලගින්ම තියපන් ඌට පේන්න ටිකක් ඈතින්.
කන්න දීලා විනාඩි 10 වගේ ඉදලා සතාව එලියෙන් තියපන් ජරා කරන්න.
බල්ලෙක් අනිවාර්යෙන් ජරා (චු,බොක) කරන වෙලාවල් 3 තියනවා ප්‍රධාන වශයෙන්.
1 . නින්දෙන් නැගිට්ටාම.
2 . සෙල්ලම් කරලා හෝ මහන්සි උනාම.
3 . කෑම කාලා ඉවර උනාම.