කොළඹ නගරයේ පවතින දැඩි රථ වාහන තද බදය මැද ත්‍රී රෝද රථයක් ගිණිගෙන විනාශ වී තිබෙනවා.
ගෝල්ෆේස් පිටිය ආසන්නයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම ගිනි ගැනීම සිදුවූ බවයි පොලිසිය පැවසුවේ.
නත්තල් උත්සවයට සමගාමීව ජනතාව විශාල වශයෙන් ගෝල්ෆේස් පිටියට රැස්වීම හේතුවෙන් රථවාහන තද බදයක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් ගෝල්ෆේස් පිටිය, ගාලුපාර,කොල්ලුපිටිය හා කොටුව ආශ්‍රිතව රථ වාහන තද බදයක් පවතිනවා.
hiru news