මචංලා මගේ Oppo A37 පෝන් එක සිම් දෙක ( Mobitel, Dialog) සඳහාම "No Service" යනුවෙන් පෙන්වනවා. Emergency Calls ගන්නත් බෑ. පුළුවන් හැම දේම කරලා බැලුවා. වෙනත් සිම් දාලා බැලුවා, Reset කළා, බැටරිය Non Removable, ඒත් Youtube වීඩියෝ බලලා Back cover ත් ගලවලා Battery එකත් Disconnect කරලා බැලුවා. ඒත් වෙනසක් නෑ. තවමත් දෝෂය ඒ විදියමයි. ඒත් පෝන් එක සාමාන්‍ය විදියට Power on වෙනවා. බැටරිය එහෙමත් චාර්ජ් වෙනවා. Wifi connect වෙන්න එහෙම පුළුවන්. මං මේ පෝන් එක කාලයක් තිස්සේ පාවිව්ච් කළා. දින 2කට කලින් එකවරමයි දෝෂය පටන් ගත්තේ. මේක රෙපයාර් කරන්න පුළුවන් ද? අලුත් පෝන් එකක් ගන්න වෙයි ද? උපදෙස් දියල්ලා, උදව් කරපල්ලා මචං, ස්තුතියි.