ඇයි අපේ රටේ වකුගඩු රෝගයෙන් ගොඩක් මිනිස්සු මැරුණට අපිට වැඩ පොහොර භාවිතය වැඩි අනිත් රටවල් වල මිනිස්සු අඩුවෙන් මැරෙන්නේ? දේශපාලනය අදාල නොකර ගෙන පොඩ්ඩක් බලමු වෙනස්ම පැත්තක්.
මේ වීඩියෝ එකේ ඔය මන්ත්‍රීවරයා කියන කතාව පොඩ්ඩක් තේරුම් අරන් අහන්න.
ඇත්තටම මේ කියන්නේ ඇත්තක්ද? මොකද හිතන්නේ?
මේ ගැන මගේ තේරුම් ගැනීම මෙහෙමයි.
View attachment 151079
මේ තමයි ලෝකේ වැඩිපුරම රසායනික පොහොර භාවිතා කරන රටවල්.
View attachment 151080
ලංකාව ඔය ලිස්ට් එකේ ඉන්නේ 65 වන තැනට.
වකුගඩු රෝගය නිසා ඇතිවන මරණ ප්‍රමාණය බලන්න මෙතනින්.
https://www.worldlifeexpectancy.com/cause-of-death/kidney-disease/by-country/
ඒ ලිස්ට් එකේ ලංකාව ඉන්නේ 61 වන තැනට.
එතකොට ඇයි අපේ රටේ විතරක් මෙච්චර මිනිස්සු මැරෙනවා කියන්නේ? රසායනික පොහොර තහනම් කරන්න පාදෙණියටයි ගොටාබයටයි ආණ්ඩුවටයි පිස්සුද? අපි බලමු දැන් කාටද ඇත්තටම පිස්සු කියලා.
අපි ඔය ලිස්ට් එකේ උඩින්ම තියෙන දන්න කියන රටවල් ටිකකුයි අපේ ලංකාවයි අරන් බලමු මොකක්ද මේ රසායනික පොහොර ප්‍රශ්නේ කියලා.
1. මැලේසියාව.
ජන ගහනය - මිලියන 32.37
ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 99
රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 2106.5
වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 15.09
වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 4,884.633
2. නවසීලන්තය.
ජන ගහනය - මිලියන 5.084
ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 18
රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 1895.3
වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 3.23
වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 164.2132
3. කුවේට්ය.
ජන ගහනය - මිලියන 4.271
ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 240
රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 1059.5
වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 19.32
වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 825.1572
4. වියට්නාමය.
ජන ගහනය - මිලියන 97.34
ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 311
රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 415.3
වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 15.83
වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 15,408.922
5. බංගලාදේශය.
ජන ගහනය - මිලියන 164.7
ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 1265
රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 318.5
වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 14.83
වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 24,425.01
6. ශ්‍රී ලංකාව.
ජන ගහනය - මිලියන 21.92
ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 341
රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 138.3
වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 22.81
වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 4,999.952
ඕලෙවල් වලට ගණන් කරපු එකෙක් නම් උඹට ඔය අංක ටික කියෙව්වම තේරෙන්න ඕන මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා.
මැලේසියාවේ, නවසීලන්තයේ, කුවේට්යේ ජන ගණත්වය ලංකාවත් එක්ක බලද්දී කොච්චරද කියලා පේනවද? නිකමට හිතන්න ඔය රටවල් තුනෙත් ලංකාවේ වගේම ජන ගනත්වයත් තිබ්බා නම් ඔය දාන පොහොර ප්‍රමාණයත් එක්ක කොච්චර මරණ සංඛ්‍යාවක් වෙන්න තිබුනද? ඒක නිසා ඔය මන්ත්‍රීවරයාගේ තර්කය කොච්චර වැරදිද?
ඇයි නැවක් ගිලුනම ඒ වෙනුවෙන් කතා කරන පරිසර සංවිධාන මේ නැති වෙන මිනිස් ජිවිත වෙනුවෙන් නිශ්ශබ්ද? ඇයි කොරෝනා නිසා නැති වෙන මිනිස් ජිවිත වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලපු සහ හෙනල දේශපාලන පක්ෂ සංවිධාන මේ නැති වෙන මිනිස් ජිවිත ගැන නිශ්ශබ්ද? නිසරු වෙන පස ගැන ඇයි නිශ්ශබ්ද? ඇයි මේ රසායනික පොහොර නිසා සිදු වෙන පරිසර විනාසය ගැන නිශ්ශබ්ද? මේ මරණ වලට එකම හේතුව රසායනික පොහොර වෙන්න නැතුව ඇති. එත් ලඟම හේතුවක් කියන එක පැහැදිලි.
වෙලාවක් තියෙනවා නම් මේ වැඩසටහන සම්පුර්ණයෙන්ම බලන්න.
දැන් හිතන්න. මේ පොහොර තහනම කොච්චර සදාරණද අසාදාරණද කියලා. එත් කෘෂි ආර්ථිකයක් තියෙන රටක් විදිහට 100% රසායනික යෙදවුම් තහනම් කිරීම ගැන දෙපාරක් හිතන්න වෙනවා. මිනිස්සු එදිනෙදා පරිභෝජනයට ගන්න වී, එළවලු වගේ දේවල් වලට මේ තහනම දිගටම ක්‍රියාත්මක කල යුතුයි. ඒ වගේම රටට අදායම් ඉපයීමට උදවු වන කෘෂිකර්මාන්තය සඳහා මෙම තහනම ලිහිල් කල යුතුයි. වගා කල හැකි හැම භෝගයක්ම කාබනික නැතහොත් පරිසර හිතකාමී විදිහට වගා කල යුතුයි. එසේ නොකර බැරිම තැනක් තියෙනවා නම් ඒ තැන් වලදී මේ තහනම ලිහිල් කල යුතුමයි.
ඒ නිසා රජයෙන් මේ ගත්ත තීරණය වෙනුවෙන් මේ රටේ පුරවැසියෙක් විදිහට මගේ අත් දෙකම උස්සනවා. ඒක ඊයෙත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.
ඔබේ මතය මොකක්ද?