Otto von Bismarck නොහොත් බිස්මාර්ක්-World War weapon

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    Otto von Bismarck නොහොත් බිස්මාර්ක්-World War weapon

    Otto von Bismarck නොහොත් බිස්මාර්ක්

    7WmTOd.jpg



    ටයිටැනික්'' අසමාන කීර්තියට යටවුණු...ලොව එවක පැවැති අනගිභවනීය ජර්මානු යුද නැව 'බිස්මාර්ක්''...........
    බිස්මාක් නැව හිට්ලර්ගේ පාලනය යටතේ තැනුනු අති විශිෂ්ට ප්‍රහාරක යුද නැවකි. එය ද කිසිවෙකුට ගිල්විය නොහැකි යැයි පැවසූ ‍එකකි.. සත්ය වශයෙන්ම බිස්මාක් නැවට ''ආර්ක් රෝයලයෙන්' " ප්‍රින්ස් ඔෆ් වේල්ස්, පස්වන ජෝර්ජ්, ආදි දැවැන්ත යාත්‍ර 5කින් පහර පිට පහර එල්ල කලද..නොගිල්වී තිබුණි!! අවසානයේ එම නැව් ගිල්වන්නටද 'බිස්මාර්ක්'' සමත් වුණි. නමුත් මෙය කෙසේ හෝ වැනසීමට එල්ල ගුවන් ප්‍රහාර හා ටෝපිඩො ප්‍රහාර නොවන්නට මහා බ්‍රිතාන්යයට ලැජ්ජාවට කරුණක් වන්නට ඉඩ තිබිණි.


    5TVdIl.png


    වෙනත් නැවකට මේ ප්‍රහාරයන් එල්ල කළා නම් විනාඩි 15ක් තුළ විනාශ වන නමුත් බිස්මාක් ස්වකීය කීර්ති කදම්බය වචන වලට සීමා නොකළ සැබෑ යුද නැවක් විය. එය ගිලී යාමට දින දෙකක් පමන ගතවිය. එහි කපිතාන් ලින්ඩර්මාන් එහි කටයුතු මෙහෙය වූ අයුරැ ගැන අපූරැ කතා පුවත් රැසකි....

    naJ6Zy.jpg
    Ernst Lindemann

    Winston Churchill උපදෙස් මත ෂෙල් විශාල ප්‍රමානයක් එල්ල කරද එහි බඳට වැදි ඇත්තේ ඉතා සුලු ගණනකි. 1941 මැයි 27 අත්ලාන්තික් සයුරේ ගිලි ගියේ නියම වීරයෙකු ලෙසය.මෙහිදි 2000කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් විය.
    IDxvOg.jpg
    එකම එක ක්‍රියාන්විතයකට පමණක් සහභාගිවූ බිස්මාර්ක් නැව, මෙතරම් වැදගත් තැනක් ගන්නේ ඇයි. විශේෂත්වය වන්නේ 1940 යුගයේදී ලොව බලවත් යුරෝපීය රටවල් අතරින් නිපදවුණු, මේ ආකාරයේ ප්‍රථම නැව මෙය වීම හා මෙයට අභියෝග කළහැකි නැවක් ලොව වෙනත් කිසිදු රටක් සතුව එවකට නොතිබීමයි.


    BqgLAa.jpg


    බිස්මාර්ක් නැව නිපදවීම ආරම්භ වුයේ 1936 ජූලි මස පළමුවැනිදා ජර්මනියේ හැම්බර්ග් වරායෙහිදීය. 1939 පෙබරවාරි මස 14 වැනිදා දියත් කල මෙම නැවේ අත්හදා බැලීම් නිමකොට, සියලු වෙනස්කිරීම් හා නවීකරණ කටයුතු නිමවා, අධිකාරියට පත්කොට, (නාවික හමුදාවක ඇති යුද නැව් මෙන්ම තෝරාගත් වෙනත් යාත්‍ර අධිකාරියට පත්කිරීම (Commissioning) ලොව පුරා නාවික හමුදා සම්ප්‍රදායකි. එවැනි නැවකට ගොඩවන විටත් බසින විටත් ත්‍රිවිධ හමුදාවට අයත් සියලු දෙනා නැවට ආචාර කල යුතුය) සේවයේ යොදවන ලද්දේ 1940 අගෝස්තු 24 වැනිදා ය. එනම් දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වන්නට ඔන්න මෙන්න කියන අවදියේදීය. මෙම නැවට ‘බිස්මාර්ක්’ යන නම ලැබුණේ, 1871 දී ජර්මනිය එක්සත් කිරීම සඳහා පුරෝගාමීවූ චාන්සලර් ඔටෝ වොන් බිස්මාර්ක් Chancellor Otto Von Bismarck සිහිපත්වීම සඳහාය.

    AT5p6m.jpg
    Otto von bismarck

    බිස්මාර්ක් නැවේ සැකිල්ලේ පටන් එහි ඉදිකිරීම ඉතා විශේෂ සැලැස්මකට අනුව සිදුවිය. කොතරම් රළු මුහුදක වුවද අපහසුවකින් තොරව ගමන් කිරීමත් සතුරු ප්‍රහාර වලට හොඳින් ඔරොත්තු දීමත් මේ නැව නිපදවීමේදී විශේෂ අවධානයට ලක්වූ කරුණු විය. බිස්මාර්ක් නැව නිපදවුනේ තනිව නොවේ. ඒ සමගම එවැනිම තවත් නැවක් නිපදවුනි. එය හැඳින්වුණේ ‘ටර්පිට්ස්’ ‘Tirpitz’ යන නමිනි. 1936 දී ඉදිකිරීම් ආරම්භ කල මෙම නැව බොහෝ දුරට බිස්මාර්ක් නැවට සමාන විය. 1941 දී අධිකාරියට පත්කර සේවයේ යෙදවූ මෙම නැවට අයත්වූ ප්‍රධාන කාර්යභාරය වුයේ, උතුරු අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ සෝවියට් රුසියානු නාවික බලයට එරෙහිව ක්‍රියා කිරීමයි. සාර්ථකව තම රාජකාරියේ යෙදුන මේ නැවෙන් එල්ලවූ තර්ජනය බලවත්වූ බැවින්, මිත්‍ර හමුදා විසින් සබ්මැරීන් ප්‍රහාර සහ ගුවනින් බෝම්බ හෙලීමෙන් 1944 වසරේදී මෙම නැව විනාශ කරනලදී.

    nwzQhu.jpg
    The German battleship Bismarck under construction

    9jzjdd.jpg
    tirpitz

    251 m (823 ft) දිග,පළල 36 m (118 ft 1 in), 41700ක් ටොන් බරැති මෙම යුධ නැව තුළ ගුවන් යානා ( 4 × Arado Ar 196 floatplanes) ගොඩ බැස්සීමේ හැකියාවද තිබුනි.
    බිස්මාක් නොගිල්වන්නට ඉතිහාසය වෙනස් වන්නට ඉඩ තිබිණි..
    බිස්මාක් නැව 1986 දී නැවත මුහුදු පතුලේ තිබී සොයාගැණිනි. මේ ආශ්රිතව Sink the Bismark නමැති විශිෂ්ට සිනමා පටය තැනී ඇත.


    BBuDbi.jpg


    Aom6EI.jpg
    Sink the Bismarck! (1960)

    Nazi Supership - The Bismarck(Documentary)
    Expedition: Bismarck(Documentary)

    Writer : කවිඳු පතිරණ
    Source : http://www.militaryfactory.com
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113
    Thanks machan. Discovery channel eke meka gena niyama documentary ekak giya. Eke heliwune Bismarck ship eka eke hitapu German sailors la ma gilluwa kiyala ship eke rahas British la ta nodee inna.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    කනාවට එක ටෝර්පිඩෝ එකක් නැවේ රඩර් එකේ වදිනව. ඒක නිසා නැව කන්ට්‍රෝල් කරගන්න බැරුව යන නිසා තමයි එංගලන්තකාරයොන්ට ඕක ගිල්වන්න හම්බෙන්නේ. නැත්නම් ආත්මෙකට ඔක ගිල්වන්න හම්බෙන්නෙ නෑ. :yes: