PayPal ෆ්‍රෙන්ඩ්ස් & ෆැමිලි රිෆන්ඩ් එකක් මම ගත්ත විදිහ.

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ප්‍රයිවට් සෙලර් කෙනෙක්ගෙන් භාණ්ඩයක් අරගන ඒ සම්බන්ධව ඇති වෙච්ච ප්‍රශ්නයක් මම නිරාකරණය කරගත්ත විදිහ දාන්න හිතුනා තව කෙනෙකුට උදවුවක් වෙයි කියලා හිතලා.

    මම ලංඩන් වල ඉන්න පකිස්ථාන් කාරයෙක්ගෙන් ද කොහෙද මගේ සයිඩ් බිස්නස් එකට සැරින් සැරේ ඔන්ලයින් බඩු අරගන්න පුරුදුවෙලා හිටියා. මිනිහා හෙන ලෙඩෙක්, communication අන්තිමයි, VAT ඉන්වොයිස් එක දෙන්න හරිම හොරයි. හැබැයි ලොකු ලොකු ගණන් වල බඩු කලින් ගත්ත ඒවා ඩිලිවර් කරා අවුලක් නැතුව. මිනිහා ටිකක් කේස් වගේ හින්දා මම මිනිහගෙන් බඩු ගන්න එක නවත්තලා ඉන්න අතර උගේ ළඟ විතරක්ම තියන වෙන තැනකින් හොයාගන්න නැති භාණ්ඩයක් මම උගෙන් ඕඩර් කරා. අපි දෙන්නා කලිනුත් බිස්නස් කරලා තියන නිසා ෆෝන් එකෙන් වැඩේ උනේ. ඌ මට කිවුවා ඩිස්කවුන්ට් එකක් දෙන්නම් PayPal Friends & Family විදිහට සල්ලි ට්‍රාන්ස්ෆ්ර් කරන්න කියලා. මම ඊට කලිනුත් ඌත් එක්ක ඒ විදිහට ගනු දෙනු කරලා තියන නිසා ඒ විදිහට පේ කරා. සිකුරාදා හවසට 5ට විතර පේ කරපු භාණ්ඩය වැරදි එකක් කියලා මට දැනගන්න ලැබුන ගමන්ම මම සෙනසුරාදා උදේම මිනිහට whatsapp මෙසේජ් එකක් දැම්මා මම ඕඩර් කරපු එක වැරදියි මේක තමයි හරි එක මේක තියනවද කියලා. මම දැනගන හිටියා ඒක උගේ ළඟ නැහැ කියලා ඒ උනාට පිලිවලට රිෆන්ඩ් එක ඉල්ලන්න ඕන හින්දා එහෙම දැම්මා.

    දැන් මුගෙන් කිසිම රිප්ලයි එකක් නෑ. පස්සෙ මම වෙන සෙලර් කෙනෙක්ගෙන් අවශ්‍ය කරන බඩුව ගත්තා. මූ දැන් මගේ ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ මෙසේජ් වලට රිප්ලයි කරන්නෙත් නෑ. ඌ දන්නවා මම Friends & Family විදිහට සල්ලි ගෙවපු නිසා මට PayPal dispute එකක් දාන්නත් බෑ, මම ළඟ පාතකත් නෙමේ ඉන්නෙ කියල. ඊට අමතරව කලින් එක්ස්පීරියන්ස් වලින් ඌ හිතන්න ඇති මම හෙන පලයිට් කතා කරලා ඉන්නකොට හෙන අහිංසක ඩයල් එකක් කියලා. මේ දවස්වල ඔෆිස් එකෙත් අම්බානක බිසී නිසා දවස් දෙක තුනක් යන්න ඇරලා මම පල්ලෙහා තියන email එක ඌට ඇරියා. UK වල ඕනෑම බිස්නස් එකක විස්තර ටක් ගාලා ඔන්ලයින් ගන්න පුළුවන්. මට ගාන නෙමේ ප්‍රශ්නෙ උනේ මූ මාව රවට්ටන්න හැදුව නේද, වෙන කෙනෙකුට උනත් ඉදිරියට මෙහෙම කරන එක නවත්තන්න ඕන කියලා තමයි email එක ගැහුවේ. email එක ගහලා විනාඩි 5ක් ගියේ නෑ ෆුල් ගාන රිෆන්ඩ් කරලා තිබ්බා.

    මෙහෙ ලංකාවේ වගේ ලොයර්ස්ලා අල්ලගන නඩු දාන්න ඕන නෑ. ඔය වගේ පොඩි පොඩි ගණන් වල ප්‍රශ්න වලට Small Claim Court කියලා එකක් තියනවා. ඒකෙ කේස් එකක් ඇරියහම සති දෙක තුනකින් වැඩේ විසඳගන්න පුළුවන්. එහෙම උනාම ඌ නඩු ගාස්තුත් ගෙවන්න ඕන. පිස්කල් යන තැනට වැඩේ උනොත් පිස්කල් ගාස්තු ප්‍රවාහන ගාස්තු අරව මේවා ඔක්කොම ගෙවන්න ඕන. සාමන්යෙන් ඔය මගේ වගේ £210 කේස් එකට අන්තිමට £1500 විතර ගෙවන්න වෙලා තමා නවතින්නෙ.

    QZsIfUW.png
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,701
    21,392
    113
    tfs
    දැන් උඹ ඕක පේපෑල් එකට කියන්න උනා කියමුකෝ..එතකොට උඹට අවුලක් නැද්ද F&F විදිහට දැම්ම එක..?

    umbala kale Business to Business nisa
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    tfs
    දැන් උඹ ඕක පේපෑල් එකට කියන්න උනා කියමුකෝ..එතකොට උඹට අවුලක් නැද්ද F&F විදිහට දැම්ම එක..?

    umbala kale Business to Business nisa
    ගුඩ් පොයින්ට් මචන්. මම හිතන්නෙ මටත් අවුල්. ඒක ඒ වෙලාවට හිතලා බලලා කරනවා කියලා හිතාගන හිටියෙ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,701
    21,392
    113
    ගුඩ් පොයින්ට් මචන්. මම හිතන්නෙ මටත් අවුල්. ඒක ඒ වෙලාවට හිතලා බලලා කරනවා කියලා හිතාගන හිටියෙ.
    awulak ne uu baya una neh :D
    lesima wade court yana eka thamai...laabai wade.....
     
    • Like
    Reactions: shenat

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    awulak ne uu baya una neh :D
    lesima wade court yana eka thamai...laabai wade.....
    ඔව් බන් මට ඕන උනේ email එක තදට ලියන්න කාරණාවක් විතරයි.
    Court සීන් එකනම් හෙන ලේසියි. ඔන්ලයින් කේස් එක ෆයිල් කරන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: NaiRobi

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් බන් මට ඕන උනේ email එක තදට ලියන්න කාරණාවක් විතරයි.
    Court සීන් එකනම් හෙන ලේසියි. ඔන්ලයින් කේස් එක ෆයිල් කරන්න තියෙන්නෙ.

    Supiri... thanks info walata.
    Online Court case ekak open karana hatith danna bro!

    Nitharama Paypal use karana nisa dana gena inna eka hodai.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Supiri... thanks info walata.
    Online Court case ekak open karana hatith danna bro!

    Nitharama Paypal use karana nisa dana gena inna eka hodai.
    Court කේස් එකට දෙපාර්ශවයම UK ඉන්න ඕනද කියලා දන්නෙ නෑ.

    මේකෙ විස්තර තියනවා https://www.gov.uk/make-court-claim-for-money
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගුඩ් පොයින්ට් මචන්. මම හිතන්නෙ මටත් අවුල්. ඒක ඒ වෙලාවට හිතලා බලලා කරනවා කියලා හිතාගන හිටියෙ.
    මමත් මේ අහන්න හැදුවේ. මේක හරියට අනතුරක් වලක්වා නොගැනීම (ලංකාවේ) වගේ කේස් එකක් නේද කියලා.....
     
    • Like
    Reactions: TCB Rox and RLT4U

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    අන්න ඒකයි නීතියක් තියෙන රටක හොරු ඔයවගේ ඒව කරන්න බයයි. මාත් ඔහොමම තමයි මෙහෙදි කරන්නෙත් මොකක් හරි උනාම. මට නං ඔහොම සිද්ධි වෙලා නෑ තාම. මම ඔක්කොම කරන්නෙ bank transfer විදියට description එකේ විස්තරේ දාලා පස්සෙ මොකක් හරි අවුලක් ආවොත් කේස් එකක් දාන්න. company කේස් වලදි එකපාරක් පරක්කු වෙලා ombudsman ට මේ කේස් එක දානව කිව්වම සෙනිකව වැඩේ උනා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමත් මේ අහන්න හැදුවේ. මේක හරියට අනතුරක් වලක්වා නොගැනීම (ලංකාවේ) වගේ කේස් එකක් නේද කියලා.....
    මේ @wqe123 නිසා මට කෙළවෙන්න ගිය ලක්ෂ 15.5ක රිෆන්ඩ් එකක් ගන්න පුළුවන් උනා. Thanks මචන්.
    අන්න ඒකයි නීතියක් තියෙන රටක හොරු ඔයවගේ ඒව කරන්න බයයි. මාත් ඔහොමම තමයි මෙහෙදි කරන්නෙත් මොකක් හරි උනාම. මට නං ඔහොම සිද්ධි වෙලා නෑ තාම. මම ඔක්කොම කරන්නෙ bank transfer විදියට description එකේ විස්තරේ දාලා පස්සෙ මොකක් හරි අවුලක් ආවොත් කේස් එකක් දාන්න. company කේස් වලදි එකපාරක් පරක්කු වෙලා ombudsman ට මේ කේස් එක දානව කිව්වම සෙනිකව වැඩේ උනා.
    නීතිය හැමට සමානයි, නීතිය ක්‍රියාත්මක වෙනවා විතරක් නෙමේ නීතිය ඉදිරියට යන්න ලේසි කරලා තියෙන්නෙ.
    මටත් ගොඩක් වාසියක් උනේ ට්‍රාන්ස්ෆ්ර් රෙෆරන්ස් එකට භාණ්ඩෙ ෆුල් විස්තරේ දාපු එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    මේ @wqe123 නිසා මට කෙළවෙන්න ගිය ලක්ෂ 15.5ක රිෆන්ඩ් එකක් ගන්න පුළුවන් උනා. Thanks මචන්.

    ඒ මොකක්ද?

    නීතිය හැමට සමානයි, නීතිය ක්‍රියාත්මක වෙනවා විතරක් නෙමේ නීතිය ඉදිරියට යන්න ලේසි කරලා තියෙන්නෙ.
    මටත් ගොඩක් වාසියක් උනේ ට්‍රාන්ස්ෆ්ර් රෙෆරන්ස් එකට භාණ්ඩෙ ෆුල් විස්තරේ දාපු එක.

    අනිවාර්යෙන්ම. ලංකාවෙ වැඩක් කරන්න බයයි මෙහෙට වඩා මට.
    මොකක් හරි උනොත් හොරාට උදව් වෙන විදියට තමයි එහේ සිස්ටම් එක තියෙන්නෙ.
     
    • Like
    Reactions: TCB Rox and RLT4U

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    paypal call karanna, friends and family dispute karanna puluwan, mama danna widihata mama keepaserayak dakka ehema karana.