PayPal ෆ්‍රෙන්ඩ්ස් & ෆැමිලි රිෆන්ඩ් එකක් මම ගත්ත විදිහ.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    ඔය ඕනෑම ව්‍යාපාරයක විස්තර හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එක කියහන්කෝ
     

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    ප්‍රයිවට් සෙලර් කෙනෙක්ගෙන් භාණ්ඩයක් අරගන ඒ සම්බන්ධව ඇති වෙච්ච ප්‍රශ්නයක් මම නිරාකරණය කරගත්ත විදිහ දාන්න හිතුනා තව කෙනෙකුට උදවුවක් වෙයි කියලා හිතලා.

    මම ලංඩන් වල ඉන්න පකිස්ථාන් කාරයෙක්ගෙන් ද කොහෙද මගේ සයිඩ් බිස්නස් එකට සැරින් සැරේ ඔන්ලයින් බඩු අරගන්න පුරුදුවෙලා හිටියා. මිනිහා හෙන ලෙඩෙක්, communication අන්තිමයි, VAT ඉන්වොයිස් එක දෙන්න හරිම හොරයි. හැබැයි ලොකු ලොකු ගණන් වල බඩු කලින් ගත්ත ඒවා ඩිලිවර් කරා අවුලක් නැතුව. මිනිහා ටිකක් කේස් වගේ හින්දා මම මිනිහගෙන් බඩු ගන්න එක නවත්තලා ඉන්න අතර උගේ ළඟ විතරක්ම තියන වෙන තැනකින් හොයාගන්න නැති භාණ්ඩයක් මම උගෙන් ඕඩර් කරා. අපි දෙන්නා කලිනුත් බිස්නස් කරලා තියන නිසා ෆෝන් එකෙන් වැඩේ උනේ. ඌ මට කිවුවා ඩිස්කවුන්ට් එකක් දෙන්නම් PayPal Friends & Family විදිහට සල්ලි ට්‍රාන්ස්ෆ්ර් කරන්න කියලා. මම ඊට කලිනුත් ඌත් එක්ක ඒ විදිහට ගනු දෙනු කරලා තියන නිසා ඒ විදිහට පේ කරා. සිකුරාදා හවසට 5ට විතර පේ කරපු භාණ්ඩය වැරදි එකක් කියලා මට දැනගන්න ලැබුන ගමන්ම මම සෙනසුරාදා උදේම මිනිහට whatsapp මෙසේජ් එකක් දැම්මා මම ඕඩර් කරපු එක වැරදියි මේක තමයි හරි එක මේක තියනවද කියලා. මම දැනගන හිටියා ඒක උගේ ළඟ නැහැ කියලා ඒ උනාට පිලිවලට රිෆන්ඩ් එක ඉල්ලන්න ඕන හින්දා එහෙම දැම්මා.

    දැන් මුගෙන් කිසිම රිප්ලයි එකක් නෑ. පස්සෙ මම වෙන සෙලර් කෙනෙක්ගෙන් අවශ්‍ය කරන බඩුව ගත්තා. මූ දැන් මගේ ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ මෙසේජ් වලට රිප්ලයි කරන්නෙත් නෑ. ඌ දන්නවා මම Friends & Family විදිහට සල්ලි ගෙවපු නිසා මට PayPal dispute එකක් දාන්නත් බෑ, මම ළඟ පාතකත් නෙමේ ඉන්නෙ කියල. ඊට අමතරව කලින් එක්ස්පීරියන්ස් වලින් ඌ හිතන්න ඇති මම හෙන පලයිට් කතා කරලා ඉන්නකොට හෙන අහිංසක ඩයල් එකක් කියලා. මේ දවස්වල ඔෆිස් එකෙත් අම්බානක බිසී නිසා දවස් දෙක තුනක් යන්න ඇරලා මම පල්ලෙහා තියන email එක ඌට ඇරියා. UK වල ඕනෑම බිස්නස් එකක විස්තර ටක් ගාලා ඔන්ලයින් ගන්න පුළුවන්. මට ගාන නෙමේ ප්‍රශ්නෙ උනේ මූ මාව රවට්ටන්න හැදුව නේද, වෙන කෙනෙකුට උනත් ඉදිරියට මෙහෙම කරන එක නවත්තන්න ඕන කියලා තමයි email එක ගැහුවේ. email එක ගහලා විනාඩි 5ක් ගියේ නෑ ෆුල් ගාන රිෆන්ඩ් කරලා තිබ්බා.

    මෙහෙ ලංකාවේ වගේ ලොයර්ස්ලා අල්ලගන නඩු දාන්න ඕන නෑ. ඔය වගේ පොඩි පොඩි ගණන් වල ප්‍රශ්න වලට Small Claim Court කියලා එකක් තියනවා. ඒකෙ කේස් එකක් ඇරියහම සති දෙක තුනකින් වැඩේ විසඳගන්න පුළුවන්. එහෙම උනාම ඌ නඩු ගාස්තුත් ගෙවන්න ඕන. පිස්කල් යන තැනට වැඩේ උනොත් පිස්කල් ගාස්තු ප්‍රවාහන ගාස්තු අරව මේවා ඔක්කොම ගෙවන්න ඕන. සාමන්යෙන් ඔය මගේ වගේ £210 කේස් එකට අන්තිමට £1500 විතර ගෙවන්න වෙලා තමා නවතින්නෙ.




    QZsIfUW.png
    Weddek thama uba 🤞 :love:
     
    • Like
    Reactions: lodbrok