Personal Vehicle Import!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,288
    1
    4,115
    113
    Moratuwa
    maxresdefault.jpg


    වාහනයක් පර්සනල් ඉම්පෝර්ට් කරලා ඕනද?
    ඕනේ නෑ තනියම කරගන්නම් ද?

    ගොඩක් අය වරද්ද ගන්න තැනක් මේක.
    කරුණු එක්ක බලමු ඇයි එහෙම කියන්නේ කියලා.

    1. ඔබට වාහනය ගෙන්නගන්න අවශ්‍යය වුනාම තනියම ගේනවනම් ඔබ මුලින්ම බලන්නේ ජපානෙන් වාහන අපනයනය කරන කම්පැනියක්.
    කම්පැනි කීපයකට කතා කරනවා.
    ඔවුන්ගේ ගණන් බොහෝවිට සමානයි.

    ඔක්ශන් ෆී = 10%
    Insurance, Inspection, Freight = JPY 240000
    වාහනය ඔක්ශන් එකෙන් buy කරන්න කලින් ඔක්ශන් ඩිපොසිට් කියලා JPY 200000 ඩිපොසිට් කරන්න කියනවා.
    මේක රිෆන්ඩබල් වුනාට වාහනය වරායට ඇවිත් LC එක ක්ලියර් උනාට පස්සෙ ඩිපොසිට් එක ගන්න අමාරුයි.
    ඩිපොසිට් එක කම්පැනියට දාන්න TT කරන්නත් සැහෙන අමාරුයි.

    2. හරි දැන් ඩිපොසිට් එකත් දාලා වාහනයක් තෝරගෙන ඔක්ශන් එකෙන් ගන්නවා.
    LC ඕපන් කරද්දි සමහර බැංකු වල කමිශන් එක අඩුයි. සැගවුන ගාස්තු වැඩියි.
    සමහර බැංකුවල කමිශන් එකත් වැඩියි සැගවුන ගාස්තුත් වැඩියි.
    සමහර බැංකු බ්‍රාන්ච් කමිශන් එකකුත් ගන්නවා.
    0.75% සහ 1.5% අතර කමිශන් එක.
    සැගවුන ගාස්තු නම් කීපයකින් තියෙනවා.
    LC එක ඕපන් කරද්දි එදින පවතින යෙන් රේට් එකට සමාන මුදලක් සහ අමතර 10% එකවුන්ට් එකට දාලා හෝල්ඩ් කරන්න ඕනා. LC එක ඕපන් කරද්දිම ප්‍රකාශයක් දෙන්න ඕනා මේ වාහනය ගේන්නේ විකිණීමේ අරමුනෙන් නෙවෙයි කියලා.
    කොහොමත් පර්සනල් නමකට LC ඕපන් කරාම වසරක් ගතවෙනකන් නැවත වාහනයක් ආනයනය කරන්න බෑ.

    3. හරි දැන් LC එකත් ඕපන් කරලා වාහනේ වරායට ආවම ටෙම්පරි වැට් එක ගන්න ඕනා. අවශ්‍යය ඩොකියුමන්ට් හදාගෙන බාරදෙන්න ඕනා. හරියට බදු වාර්තා ඉදිරිපත් කරලා තියෙන්න ඕනා. සේරම ඔන්ලයින් තියෙන්නේ. පොඩි හරි සැකයක් ඇතිවුනොත් මුදල් හොයපු විදියත් කියන්න වෙනවා. ඔතන වැඩේ අනාගත්තොත් වැට් එක ගන්න පරක්කුවෙන දින ගානට වරාය ගාස්තු ගෙවන්න වෙනවා.

    4. හරි වැට් එකත් ගත්තා. ඊලගට customs රෙජිස්ටර් වෙන්න තියෙනවා. මේකටත් ඩොකියුමන්ට්ස් සැහෙන ප්‍රමාණයක් අවශ්‍යයි. (VAT සහ customs අවශ්‍යය ඩොකියුමන්ට් මොනවද කියලා ඔබම හොයාගන්න) කොහොම හරි කට්ට කාලා ඩොකියුමන්ට්ස් ටික හදන් රෙජිස්ටර් වෙද්දි වරාය ගාස්තු ලෙස සැහෙන මුදලක් එකතුවෙලා තියෙන්න පුලුවන්.

    5. හරි දැන් ඒ සේරම හරි. ක්ලියරින් ඒජන්ට් කෙනෙක් අවශ්‍යයි. මිල ගනන් වෙනස්. පර්සනල් ඉම්පෝර්ට් නම් මිල වැඩි වෙන්න පුලුවන්. ඒජන්ට කියලා ක්ලියර් කරගෙන ඉන්ශුවරන්ස් එකත් දාන් වාහනේ වරායෙන් ගේන්න තියෙන්නේ.

    හරි දැන් ඔබ තනිවම වැඩේ කරගත්තා. වැඩේ ලාබද? ජපන් යෙන් ලක්ශ 10ක වාහනයක් කියලා හිතමු.

    1. ඔබ ජපානයේ අපනයන කම්පැනියට වැඩි මුදලක් ගෙවලා. තොග ආනයනය කරුට ලැබෙන ඩිස්කවුන්ට් එක ඔබට ලැබිලා නෑ.
    රුපියල් 80000ක් පමණ වැඩිපුර ගෙවලා.

    2. ඔබ LC කමිශන් එකත් වැඩිපුර ගෙවලා. තොග ආනයන කරුට ලැබෙන ඩිස්කවුන්ට් එක ඔබට ලැබිලා නෑ.
    රුපියල් 20000ක් පමණ වැඩිපුර ගෙවලා.

    3. VAT ඩොකියුමන්ට්ස් හදන්න 5000-10000 මුදලක් වැයවෙලා. කාලේ නාස්ති වෙලා.

    4. Customs ඩොකියුමන්ට්ස් හදන්න 5000-10000 මුදලක් වැයවෙලා. කාලේ නාස්ති වෙලා.

    5. ඒජන්ට් ගේ මිල 20000ක් පමන වැඩි වෙලා. වරාය ගාස්තු ලෙස 10000-20000 අතර ගාණක් අමතර වැයවිය හැකියි.

    6. CIF එක ඇතුලට දාන්න අවශ්‍යය නැති ගෙවීමකුත් CIF එක ඇතුලට දාලා වැඩිපුර බදු ගෙව්වා විය හැකියි. මෙය ලක්ශ 2ක් 3ක් හෝ ඊටවඩා වැඩි විය හැකියි.

    ඔබට ලක්ශ 2ත් 5ත් අතර මුදලක් අමතර වැයවෙලා. අර ඔක්ශන් එකට දාපු යෙන් ලක්ශ 2 ඩිපොසිට් එක ගන්නත් කාලයක් ගතවිය හැකියි.

    මමනම් කියන්නේ වචන නොතේරෙන අයට කරලා බලන්න කියලා. පාඩුවක් කරගෙන හරි දෙයක් ඉගෙනගන්නවා එතකොට. මම වුනත් මේවා කියලා දෙන්නේ මට ලාබයක් ලබන්න. මට ලාබයක් ලැබෙන ගමන් ඔබටත් ලාබයක් කරන්න.

    ඔබ පර්සනල් ඉම්පෝට් කරන්න RMV ලියාපදිංචි නැති ආයතනයක හෝ පුද්ගලයකුගේ සහය පැතුවොත් ඔබට උඩ කියපු ඩිපොසිට් ප්‍රශ්නේ නෑ. CIF එකට නොදැමිය යුතු අනවශ්‍යය ගෙවීමක් CIF එකට දාලා වැඩිපුර බදු ගෙවන්න ඕනේ නෑ. හැබැයි ඔහුගේ හෝ ආයතනයේ ගාස්තුව ලක්ශ 2ක් පමණ විය හැකියි. එසේ ලබාදුන්නත් VAT, Customs ලීයාපදිංචි වෙන්න ඩොකියුමන්ට් වලටයි ලියාපදිංචියටයි වෙහෙසෙන්න යම් මුදලක් වියදම්කරන්න වෙනවා. ජපානේ කම්පැනියට ඩිපොසිට් දානවට වඩා පර්සනල් ඉම්පෝර්ට් කරන කෙනෙක්ගෙන් හෝ ආයතනයකින් සහය ලබාගන්න එක වඩා හොද විය හැකියි.

    හැබැයි ඔබට RMV රෙජිස්ටඩ් ආයතනයක සහය ගතහැකිනම් ඉහත කියපු කිසිම ප්‍රශ්නයක් නෑ. ඩිපොසිට් ප්‍රශ්න නෑ, ඩිස්කවුන්ට් මිලට ආනයනය කරගන්න පුලුවන්, LC කමිශන් අඩුයි, VAT රෙජිස්ටර් වෙන ප්‍රශ්න නෑ, Customs රෙජිස්ටර් වෙන ප්‍රශ්න නෑ. ඩොකියුමන්ට්ස් හදන්න රස්තියාදු වෙන්න අවශ්‍යය නෑ. අනවශ්‍යය බදු ගෙවීම් නෑ. ආයතනයට කියලා වාහනය ගෙන්න ගත්තා. TIN එකයි ෆොටෝ එකයි දීලා රෙජිස්ටර් කරගත්තා.
    තනියම ආනයනය කරනවට වඩා වාහනේ මිල ලොකු මුදලකින් අඩුවිය හැකියි. වැඩේ ලේසියි නමුත් ඔවුන්ගෙන් ආනයනය කරදීමට ලක්ශ 3ක් පමණ ලබාදිය යුතුයි.
    ඔතනින් කොටසක් ආදායම් බදු, VAT බදු, RMV ලයිශන් වලට ඔවුන් ලබාදිය යුතුයි. එහෙම බැලුවම ඔය මුකුත් නොගෙවන තනි පුද්ගලයොත් ආනයනය කරන්න ලක්ශ 2ක් ගන්න එකේ අර ආයතනය ලක්ශ 3ක් ගන්න එක සාදාරනයි.

    ඔබට අවශ්‍යය නම් RMV ලයිශන් තියෙන මට මෙහෙම දෙයක් කරන්න පුලුවන්. සාදාරන මුදලක් අරන් වාහනය ගෙනත් දෙන්න පුලුවන්. ටික කාලෙකට.
    ඔබ මට දෙන මුදල ඉහත කරුණු අනුව ඔබ තනිව ඉම්පෝර්ට් කරොත් වාහනේට යන කොස්ට් එකෙන් අඩුකරලා මම ලබාගන්නම්. තනිව ගෙනාවත් මට කියලා ගෙනාවත් එකම මිල වියහැකියි. සමහරවිට මගේ මිල අඩුවිය හැකියි. Win Win අවස්තාවක්.

    කරදරයක් නැතුව වාහනයක් ගෙන්න ගන්න ඕනනම් මැසේජ් එකක් දාන්න.
    Cost break down එක හරියට පෙන්නලා කොලේ වහලා ගහන් නැතුව වැඩේ කරන්න කතා කරන්න.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,288
    1
    4,115
    113
    Moratuwa
    waradiyata amarui wage penna me wage story danne ubalawa andanna tamantama kara ganna puluwan

    කරලා බලන්නකෝ පුතා. ගොඩක් එවුන් නොදන්න මගුල් කරන්න ගිහින් තමයි කෙලවගත්තේ. ඔය පෝස්ට් එකේ කොස්ට් එක අඩුකරන විදිහේ බාගයක් මම කියලා නෑ. ඒක RMV රෙජිස්ටඩ් එවුන් විතරයි දන්නේ.
    කොහොමත් මට ලාබයක් ලබන්න ත්‍රේඩ් එක දැම්මේ. ඒකෙන් වාහනය ගන්න කෙනාටත් ලාබයක් ලැබෙනවා ඒක වෙනම කතාවක්.

    උබ නේද මගේ කලින් ත්‍රේඩ් එකකත් මම වාහන ගෙන්වලා නෑ කියලා කියෙව්වේ? Cusdec එකක් දැම්මම මාරු වුනේ?

    අනුන්ට දෙයක් ලැබෙද්දි ඉරිසියා නොකර ඉදපන්.
    අනුන්ට ඉරිසියා කරන එවුන්ට ජීවිත කාලෙම හූල්ල හූල්ල ඉන්න වෙන්නේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,288
    1
    4,115
    113
    Moratuwa
    oya tikath igena ganna puluwan ekak genawama

    කරලා බලන්න.
    තනි පුද්ගලයකුටයි, ලයිශන් තියෙන ආයතනයකටයි දෙවිදියකට සලකන්නේ කියලා තේරෙයි.
    දෙකම හරියට තේරෙන්න නම් RMV ලයිශන් එකක් අරන් වාහනයක් ගේන්නම වෙයි 😁
     

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,311
    608
    113
    කරලා බලන්නකෝ පුතා. ගොඩක් එවුන් නොදන්න මගුල් කරන්න ගිහින් තමයි කෙලවගත්තේ. ඔය පෝස්ට් එකේ කොස්ට් එක අඩුකරන විදිහේ බාගයක් මම කියලා නෑ. ඒක RMV රෙජිස්ටඩ් එවුන් විතරයි දන්නේ.
    කොහොමත් මට ලාබයක් ලබන්න ත්‍රේඩ් එක දැම්මේ. ඒකෙන් වාහනය ගන්න කෙනාටත් ලාබයක් ලැබෙනවා ඒක වෙනම කතාවක්.

    උබ නේද මගේ කලින් ත්‍රේඩ් එකකත් මම වාහන ගෙන්වලා නෑ කියලා කියෙව්වේ? Cusdec එකක් දැම්මම මාරු වුනේ?

    අනුන්ට දෙයක් ලැබෙද්දි ඉරිසියා නොකර ඉදපන්.
    අනුන්ට ඉරිසියා කරන එවුන්ට ජීවිත කාලෙම හූල්ල හූල්ල ඉන්න වෙන්නේ
    boru Baila danna epa. uba neda last thread eke kiuwe me palaweni wahane kiyala.

    Meka hamotama karanna puluwan deyak boru marketing noda palayan

    Muge me RMV register kathawa patta pal boruwak oni kenekta genwanna puluwan
     
    • Haha
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,288
    1
    4,115
    113
    Moratuwa
    boru Baila danna epa. uba neda last thread eke kiuwe me palaweni wahane kiyala.

    Meka hamotama karanna puluwan deyak boru marketing noda palayan

    Muge me RMV register kathawa patta pal boruwak oni kenekta genwanna puluwan

    last thread එකේ දැම්මේ RMV රෙජිස්ටර් කරලා ගෙනාව පලවෙනි වාහනය තමයි.
    ඊට කලින් ත්‍රේඩ් එකේ කිව්වේ පර්සනල් ඉම්පෝට් කරපුවා. Cusdec එක දැම්මේ එහෙම එකක.

    ගොනො last thread එකේ ඇති ෆොටොස්. බලපන් ඒකේ රතු පාටින් අංකයක් තියෙනවා. ඒක තමයි RMV රෙජිස්ටඩ් එවුන්ට දෙන අංකේ.

    තෝ වගේ ගොනෙක්ගේ කතා අහලා තනියම වාහන ගේන්න ගියොත් ඌට කෙලවෙනවා.

    RMV වෙහිකල් ඉම්පෝර්ට් ලයිශන් එක ගැන මෙලෝ හසරක් නොදැන කියවන්න ගිහින් පච වෙන්න එපා.

    තනි පුද්ගලයෙකුටයි,
    RMV Registered, VAT Registered, Customs Registered ආයතනයකටයි සලකන්නේ දෙවිදියකට.
    ඒක ජපානේ ආයතනෙත් එහෙමයි, බැංකුවත් එහෙමයි, ක්ලියරින් එජන්ටුත් එහෙමයි.

    ඉරිසියාව නවත්තලා දෙයක් ඉගෙනගනින් ගෝතයා.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,658
    4,090
    113
    HOnda civic 1.5L 2025 එක කෝටි 2.2 වගේ දාල තිබ්බා FB eke, මේක ඇයි එච්චර ගනං ? honda vezel එකත් තියනවනෙ කෝටි 1.6-1.7 වගේ ඉදලා ? ඇයි Civic එක එච්චර ගනං ? පැහැදිලි කරන්න පොඩ්ඩක්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,288
    1
    4,115
    113
    Moratuwa
    HOnda civic 1.5L 2025 එක කෝටි 2.2 වගේ දාල තිබ්බා FB eke, මේක ඇයි එච්චර ගනං ? honda vezel එකත් තියනවනෙ කෝටි 1.6-1.7 වගේ ඉදලා ? ඇයි Civic එක එච්චර ගනං ? පැහැදිලි කරන්න පොඩ්ඩක්

    cost එකේ වෙනසයි බදු වල වෙනසයි නිසා ගනන් වෙනස්.
    XID එකේ වෙනස 52 - 67 = 15 ලක්ශ.
    CIF එකේ වෙනසයි ඊට අදාල බදු වෙනසයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,288
    1
    4,115
    113
    Moratuwa
    ow bn oka maha deyak na

    Mu boruwata amarui kiyala penna post danawa mugen gani kiyala :lol:

    පර්සනල් ගෙන්නන විදියත් දාලා තියෙන්නේ.
    මොකටද ආයේ ආයේ කියවන්නේ.
    අමාරුවක් නෑ ලාබයකුත් නෑ.
    තනියම ගේන්න යන ගානටම ලේසියෙන් ඉම්පෝටර් කෙනෙක්ට කියලා ගේන්න පුලුවන්.


    මේ ත්‍රේඩ් එක විතරක් නෙවෙයි පර්සනල් ගේන විදිය ගැන ත්‍රේඩ් කීපයක් මම දාලා තියෙනවා ඒවත් බලපන්.
    බිස්නස් කරන විදියත් ත්‍රේඩ් වල තියෙනවා.

    මම මේක දැම්මේ බිස්නස් කරන්න තමයි. 😁
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,288
    1
    4,115
    113
    Moratuwa
    ai machan personnel import karanavanan temporary Vat ekak ganne....... company nemene

    Customs එකේ රෙජිස්ටර් වෙන්න VAT රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනා. ඒකයි ගන්න ඕනේ.

    බිස්නස් එකක් නම් පර්මනන්ට් වැට් ගන්න ඕනා.