phobia/පුහු බිය

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඔය ගොල්ල අතරත් ඇති බස් වල තනියම යන්න බය,ලේ ඉඳිකටු වලට,සත්තුන්ට,ලිෆ්ට් වල යන්න ,උස වල් වලට අසීමිතව බය කට්ටිය මේ ක ගොඩක් වෙලාවට phobia එකක් එහෙම නැත්නම් පුහුබිය කියන තත්වය නිසා වෙන්න පුලුවන් අපි මේ ගැන් කතා කරන්න ඕනෙ කියල හිතෙනව නම් සහ ඔය ගොල්ලන්ට එහෙම ප්‍රශ්න තියෙනව නම් කොමෙන්ට් එකක් බම්ප් එකක් දාල යන්න ප්‍රතිකාර ක්‍රම වලකාලීමට ගන්න ඕන පියවර ඔක්කොම එක්ක රෑ වෙද්දි පෝස්ට් එකක් දාන්නම් යහපත් ප්‍රතිචාර ලැබුණොත්...තෙරුවන් සරණයි!

    ඉතිං එහෙනම් අපි මේ ගැන කතා කරමු.වෛද්‍ය විද්‍යාවෙදි phobia කියන කොටස අයිති වෙන්නෙ anxiety disorder කියන රෝග කාණ්ඩයට.ඇත්ත්ටම කිව්වොත් මේ රෝගීන් සමහර දේවල් ගැන අනියත බියකින් පෙලෙනව.මේ නිසා මේ කට්ටිය්ගේ ජීවිත පවා අවුල් වෙනව නමුත් ගොඩ දෙනෙක් වැඩේ මැනේජ් කරගෙන ජීවත් වෙනව ඒ නිසා එහෙමත් කෙනෙක් තමයි වෛද්‍යවරුන් ගාවට එන්නෙ.
    මේකෙ වර්ග කීපයක් තියෙනව ,
    Agoraphobia,Social phobia සහ specific phobia කියල.මේවගෙ වෙනස තියෙන්නෙ බය වෙන්න හේතුවෙන සාධකයෙ විතරයි.අපි වෙන වෙනම මේ ගැන බලමු.
    Agoraphobia
    මේ රෝගය තියෙන අය විශාල අවකාශ වලට යන්න බයයි ඒ කිව්වෙ එයාල හැමවෙලේම හදිසියේම ඒ වගේ තැනකින් ඉවත් වෙන්න බැරි වෙයි කියල බය වෙනව.එතකොට සෙනග ගැවසෙන තැන් වලට යන්න බයයි.ගෙදරින් එලියට යන්න,තනියම බස් කෝච්චි ප්ලේන් වල යන්න බයයි.මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න උනොත් මෙයාලට දාඩිය දාලා,පපුව ගැහෙන්න පටන් ගන්නව,කට වේලෙනව,ඔලුව කැර්කෙන වගේ දැනෙනව.එහෙම වෙලාවට මේ අය පුලුවන් තරම් මේ අවස්ථාව මග හරින්නයි බලන්නෙ එතකොට අර බය වෙද්දි දැනුණ ලක්ෂණ ටික නැති වෙලා යනව නමුත් අර අවස්ථාවට ඇති බය ඉතුරු වෙනව.ඒ කියන්නෙ ආයෙත් බස් එක්ක තනියම යන්න උනොත් එයා බය වෙනව බස් එකේ නොයා ඉන්නව.ඒ වගේ දෙයක්.නමුත් මේ රෝගීන් මිනිස්සු එක්ක කතා කරන්න කටයුතු කරන්න බය නෑ.ඒ වගේම මේක ගොඩක් වැළදෙන්නේ කාන්තාවන්ට.
    Social phobia
    අපේ යාලුවෙක් ක්මෙන්ට් කරලත් තිබුණ සමාජෙට බයයි කියල ;)ඒකනම් ඇත්ත අදහසින් කීව නොවෙන්න පුලුවන් .ඒත් මේක රෝගයක් විදියට තියෙන කොට් එයාල සමාජෙත් එක්ක ගැටෙන්න බයයි.විරුද්ධ ලිංගිකයොත් එක්ක කතා කරන්න ,සෙනගක් ඉස්සරහ ප්‍රසන්ටේෂන් එකක් කරන්න,වටේ සෙනග ඉද්දි කෑම ගන්න,කවුරු හරි බලන් ඉද්දි අත්සන් කරන්න වගේ දේවල් වලට බය වෙනව.මේ නිසා මේ අයගෙ සාමාජීය ජීවිතය අඩපණ වෙලා යන්න පිලිවන්.හිතේ බය ඇති උනාට කලින් එකේ වගේ ශාරීරික වෙනස්කම් මේකෙදි එනව අඩුයි.මේ රෝගීනුත් මේ වගේ බය ගෙන දෙන අවස්ථා මග හරින එක තමයි කරන්නෙ.ගෑනු සහ පිරිමි දෙපාර්ශවයම එක වගේ රෝගය ට ගොදුරු වෙනව.
    SSRI කාණ්ඩයේ ඖෂධ ප්‍රතිකාර සඳහා භාවිත කරන්න පුලුවන් .
    Specific phobia
    අපේ ගොඩ දෙනෙක්ට තියෙන පුහු බියවල් අයිති වෙන්නෙ මේ කාණ්ඩය ට.යම් විශේෂ දේකට හෝ අවස්ථාවකට තමයි මෙයාල බය වෙන්නෙ .ඒක මුහුණ දෙන්න කලින්ම බය දැනෙන්න පටන් ගන්නව.ඊට පස්සෙ අර ශාරීරික බය ලක්ෂණ ටිකත් මතු වෙනව මේ අයත් ඒ වගෙ අවස්ථා මග හරිනව.සමහර මේ වර්ගයෙ phobias යම් සිදුවීමකට පස්සෙ වර්ධනය වෙන්න පුලුවන් උදාහරණයක් විදියට බල්ලෙක් සපා කෑවම බල්ලන්ට බය වීම,උස් ස්තානයක්දී වූ අනතුරක් නිසා එවැනි ස්ථාන වලට යෑමට බිය වීම ..මේ රෝගයත් ගොඩක් තියෙන්නෙ කාන්තාවන්ට.
    මකුළුවන් ට බය වීම
    ලේ දකින්න බය වීම
    උස් ස්ථාන වලට බය වීම
    විදුලි සෝපාන වල යන්න බය ආදී විශාල ප්‍රමාණය ක් මේ යටතේ විස්තර කරනව.
    ප්‍රතිකාර
    ඖෂධ මය ඒවට වඩා තියෙන්නෙ මනෝචිකිත්සක ක්‍රම.මේ රෝගයේ පැවැත්මට හේතුව තමයි රෝගියා හැම විටම ඒ අවස්ථාව මග හැර යාම මේ නිසා විශම චක්‍රය වගේ මේක ක්‍රියාත්මක වෙනව.ප්‍රතිකාර වලදි මේ චක්‍රය බිඳල රෝගියාව අදාල අවස්තාවට මුහුණ දෙන්න සලස්වල එයා ඒකෙන් මග හැර යන්න නොදී තියා ගන්නව එතකොට ටික වෙලාවකින් මේ බය නැත් වෙලා යනව කියල එයාටම තේරුම් කරව්න එක තමයි අරමුණ.මේකට කියන්නෙ graded exposure කියල.
    මුලින්ම රොගියා වැඩිම බය අවස්තාවෙ ඉදල අඩුම බය අවස්තාව දක්වා ලිස්ට් එකක් හදනව.ඊට පස්සෙ අවම එකේ ඉදල කලින් කීව විදියට රෝගියා expose කරනව.විනාඩි 45ක් වත් මූලික වටයේදි ගත කරන්න ඕන,ගෙදර කෙනෙක් ගෙ උදව් ඇතුව ගෙදර්දි මේක කරන්න ඕන.රෝගියා තමන්ට බය දැනුන ප්‍රමාණය ස්කේල් එකක් හ්දල 1-10 සටහන් කරනව නැවත නැවත කරද්දි බය වගේම බය නැති වෙන්න යන කාලයත් අඩු වෙනව කියල රෝගියාට තේරෙනව.මේ ක්‍රමය ගොඩක් සාර්ථක එකක් හැබැයි හරියට කලොත්.
    කියපු දේවල් වැදගත් නම් බම්ප් එකක් ක්මෙන්ට් එකක් දාන්න.
    ස්මහරු ඉන්නව නේද දොරක් වැහුවට ඒක ෂුවර් නැතුව ආයෙ චෙක් කරන,නිතරම කොන්ඩෙ පිලිවෙල බලන,ෂර්ට් එකේ ඉර ගානට එන්න මැදල හැම වෙලේම ඒක හදන අය ...OCD කියන ලෙඩේ වෙන්න පුලුවන් .තව නූලක ඒකත අමුණන්නම්.තෙරුවන් සරණයි !:)
     
    Last edited:
    • Like
    Reactions: djfordj

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මකුලුවන්ට බයයි. පොඩි උන්ට නෙමෙයි දිග අඩු තියන උන්ට.

    ඉස්සල්ල පොඩි පොඩි මකුලුවන්ව අතට අරන් බය නැති කරගන්න ක්‍රමය මට හරියන්නෙ නෑ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් උස තැන් වලට නගින්න බයයි,දැන් එන්න එන්න ඒක වැඩි වෙනවා..
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :-\

    කළුවරට :shocked:
    කැරපොත්තාට/පොල් කුරුමිණියාට (පියාඹනකොට විතරයි)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මකුලුවන්ට බයයි. පොඩි උන්ට නෙමෙයි දිග අඩු තියන උන්ට.

    ඉස්සල්ල පොඩි පොඩි මකුලුවන්ව අතට අරන් බය නැති කරගන්න ක්‍රමය මට හරියන්නෙ නෑ.
    හම්මෝ ඔව් යකෝ මාත් පොඩි කාලේ මකුලුවන්ට පණ බයයි :D කාමරේ මකුළුවෙක් හිටියොත් අම්මට කියල කාමරේ ෆුල් සුද්දයක් දීල මකුළුවා නෑ කියල ෂුවර් කරගත්තට පස්සේ තමා ආය කාමරේට යන්නේ.

    දැන් නං ඒක මගඇරිලා හැබැයි එකපාරට දැක්කම ගැස්සෙනවා තාම.
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ඔය ගැන ෆිල්ම් එකකුත් තියෙනවා...:yes::yes::yes:
    28wlyzl.jpg
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හම්මෝ ඔව් යකෝ මාත් පොඩි කාලේ මකුලුවන්ට පණ බයයි :D කාමරේ මකුළුවෙක් හිටියොත් අම්මට කියල කාමරේ ෆුල් සුද්දයක් දීල මකුළුවා නෑ කියල ෂුවර් කරගත්තට පස්සේ තමා ආය කාමරේට යන්නේ.

    දැන් නං ඒක මගඇරිලා හැබැයි එකපාරට දැක්කම ගැස්සෙනවා තාම.

    මම කටුස්සන්ට බයයි බන්. :sorry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Bro ubala wage kattiya tamai elakiriyata one. Good pst macgan. Update deepan. Oya social phobia walata medecine treatments tiyenawada ?ubatath Theruwan saranai