මචන්ස් phone එකෙන් ගත්තු ෆොටෝස් වගයක් album එකකට දාගන්න print කරගන්න (4*6) ඕනි .
Color lab වලට කතා කළා.
මෙන්න මේවා කිවුවා.
ප්‍රින්ටින් Paper වලට KODAK තියෙනවා කිවුවා. DigiMax තියෙනවා කිවුවා.
Glossy Print , Matt Print තියෙනවා කිවුව
මේවයින් හොද මොනාද?
තව මොන මොන කාරණා සැලකිල්ලට ගන්න ඕනිද?
පොටෝස් ටික පේන එකකට හරි සීඩි එකකට හරි අරන් යන්න..
පුලුවන්නන් ගෙදරදිම සයිස් කරන් යන්න පොටෝස් ටික..
සයිස් එක අගල් 6 යි 4
රෙසලූෂන් 300
කලර් මෝඩ් එක ආර්.ජී. බී කලර්ස් (සාමාන්‍යෙයන් කැමරාවේන වදින්නේ මේ කලර් මෝඩ් එකම තමයි..ඒක නිසා ඒ ගැන වොරි වෙන්න එපා)
ගෙදරදි සයිස් කරගෙන යන්න බැරිනන් අවුලක් නැහැ. ලැබ් එකෙන් සයිස් කරල ගනී. සමහර විට පොඩි ගානක් ගයි...
පොටෝ පේපර්ස් වලින් කොඩැක් ගන්න.. ඒක පොඩ්ඩක් විතර කහපාටට බරයි අවුට්පුට් එක. අවුලක් නැහැ. ඒක පේපර් එක හොදයි.
ෆිනිෂ් එක මැට් හරි ග්ලොස් හරි උඹේ කැමැත්ත අනුව.. මැට් එක පොඩි රිච් ලුක් එකක් තියෙනවා.. සමහර තැන් වල මැට් එක රුපියලක් දෙකක් ගාන වැඩියි..
ඊට අමතරව ඇල්බම් එකකට දානවනන් පුලුවන් තරම් ලැමිනේට් කරලම ගන්න.. නැත්නන් කාලයක් යද්දි ෆන්ගස් එනවා.. ලැමිනේට් එකකට රු. 5-10 ක් අතර ගානක් යයි.. (සොෆ්ට් ලැමිනේෂන් එක)
හදිස්සි කරල ගන්න එපා.. අර්ජන්ට් කියල ගාණ ඩබල් ගොඩක් තැන් වල... සාමාන්‍ය විදිහට ප්‍රින්ට් කරගනින්. උපරිම උදේ දුන්නොත් හවස ගන්න පුලුවන්.. ඒ ලැබ් වල තියෙන වැඩ තත්ත්වෙ අනුව.. සමහර ඒවවල දීලා නෝමල් ගානට පැය බාගෙන් ගන්නත් පුලුවන් වෙයි..