Gimp කියන්නේ ෆොටෝෂොප් එකට තියෙන ඕපන් සෝස් ඔල්ටනෙටිව් එක නේ? මේකේ සෝස් කෝඩ් හොයාගෙන ස්ටඩි කලොත් පුළුවන් වෙයි.
මම ඔය සොෆ්ට්වෙයා එක ගැන දන්නේ නෑ . ග්‍රැෆික් ඩිසයිනින් දන්නෙත් නැහැ. එත් මම හිතන්නේ ගණිතය, ඇල්ගොරිදම්, සහ ඩෙටා ස්ට්‍රක්චර් දැනුමක් ඕන කියල, හිතමු වර්ණ දෙකක් වෙන්කරලා අඳුරා ගන්න ඕන කියල බැක් ග්‍රවුන් රිමූවල් එකක් වගේ? එතකොට එක ඇල්ගොරිදම් එකක් ලියන්න ඕන, වෙන් කරගන්න ඕන කොටස ස්ටො කරගන්න ඩේටා ස්ට්‍රක්චර් එකක් ඕන, ආපහු කලර් වෙනස් කරන්න තව ඇල්ගොරිදම් එකක් ඕන. අවුලක් වුනොත් ස්ටෙප් යි ස්ටෙප් බැක් ෆෝවඩ් කරන්න තව ඩේටා ස්ට්‍රක්ච එකක් ඕන. ඔය වගේ එකක් මම හිතන්නේ. මට මග අරුණු තැන ඇති, නමුත් දළ අදහස මේකයි. ඕක ඉතින් මූළික දැනුම විදියට මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලන්වේජ් එකක්, ඩේටා ස්ට්‍රක්චර්ස් ඇන්ඩ් ඇල්ගොරිදම් එහෙම දැනගෙන ඉන්න ඕන. ඉතින් කොම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකක් හෝ කොම්පියුටස් ෆොෆ්ට්වෙයා ඉනජිනීරින් ඩිග්‍රී එකක් එහෙම තියෙනවා නම් හොඳයි. එත් සෙල්ෆ් ස්ටඩි කරලත් ඒවා කරන්න පුළුවන් වෙයි. නමුත් මේක හදන හැටි කියල උගන්වන කෝස් නම් නැති වෙයි. ඔය පාඨමාලා වලින් කෙරෙන්නේ මූළික දැනුම දෙන එක. විශේෂයෙන් කියන්න ඕන ඔය සංකීර්ණ කොන්සේප්ට් ගැන මට ලොකු දැනුමක් නෑ. ප්‍රශ්නය දැක්කම මට ආපු දළ අදහසක් තමා මේ උත්තරේ තියෙන්නේ.