PI ජීවිතේ රස කතා

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    2006දී බුකිය එනකන් මේකේ තමා කට්ටිය වැඩ දැම්මේ ඔක්කෝම. ඒ කාලේ අපිත් පොඩිවට පැත්තකින් හිටියා. තාම මට මේකේ ඔප්ශන් අලුත්. සතියක් දෙන්න අපිත් දාන්න වැඩ ටික

    සමහර වෙලාවට මහ අමුතු උපකරණ ඕනත් නෑ මිත්‍රයා. සරළ දේවල් හරි තැනට හරි විදිහට භාවිතා කරලා ලොකු ප්‍රයෝජන ගත්තෑකි. නිකමට අල්ලපු ගෙදර, අල්ලපු කාමරේ කතාවක් වගේ අහන්න නම් DR40 රෙකෝඩරයකුත් ඇති
    ------ Post added on Oct 11, 2021 at 9:26 PM
    ඕකක් හයි කරලද කියලා බලා ගන්න උපකරණයක් නැද්ද ? :P
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo

    මචං රස්සාව නැති කරන්නද හදන්නේ? Surveillance and counter surveillance කියන්නේ වෙන වෙනම වෘතීන් දෙකක්. counter surveillance උපකරණ සහ සේවය දෙකම ඉතා මිල අධිකයි. (ඒකත් හොදයි නැත්තම් අපිට රස්සාවක් කරන්න වෙන්නෑ)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    නියමයි. තව කතා දාපන් මචන්. උබ ලියන style එකත් ලස්සනයි. කියවන්න ආස හිතෙනව. වෙලාවක් සෙට් උනොත් තව කතාවක් දාපන්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    අපරාදෙ බන් ලංකාවෙ ඇන්ටිලා දෙන්නෙක් එහා ගෙදර නවත්තන්න තිබ්බෙ උබට ඔච්චර තනියම ඇවිදින්න වෙන්නෙ නෑ පස්නෙත් විසදලා ගොඩදාලා දෙයි
    watching-you-eye-on-you.gif

    තවදාපන් කොම්ලෝ කතා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලියන ස්ටයිල් එක පට්ට. කාලෙකින් ලියලා නෑ කිව්වට හරි ලස්සනට ලියන්න පුළුවන්කම තියෙනවා. වෙලාව තියෙන විදිහට දිගටම ලියන්න
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    උඹට ලැබෙන ලයිසන්ස් එකේ කොච්චර දුරට පවර්ෆුල් ද? පොලිස් සීන් එකකට සමාන වෙනවද?
    වෙන මිනිහෙක්ව ස්පයි කරන්න ඒකෙන් අවසරය ලැබෙන්නේ කොහොමද?
    පොලිසිය නම් යන්නේ ලැබෙන පැමිණිල්ලකට/ ඔත්තුවකට අනුව නීතිය හා සාමය රකින ආයතනය විදිහට....
    Private client කෙනෙක්ට මුදලට වැඩ කරන PI කෙනෙක්ට කොහොමද නීතිය අදාල වෙන්නේ?
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    ලියන ස්ටයිල් එක පට්ට. කාලෙකින් ලියලා නෑ කිව්වට හරි ලස්සනට ලියන්න පුළුවන්කම තියෙනවා. වෙලාව තියෙන විදිහට දිගටම ලියන්න
    Thanks!
    ඔව් ඔව් ඉතින් මැරිලා ඉපදිලා නෑ නේ. භාශාව පුලුවන්. අක්ෂර, ව්‍යාකරණ රීති නීති මුකුතං සෙට් නෑ. සමහරු English සිංහල දෙකම බෑ කියලා තිබුන නිසා කලින්ම කියලා දැම්මේ
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    වැඩක් නෑ. ක්‍රිමිනල් සීන්වලට යන්න බැරි නම් කිසි ගතියක් නෑ ☹️
     
    • Like
    Reactions: sanguine

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    උඹට ලැබෙන ලයිසන්ස් එකේ කොච්චර දුරට පවර්ෆුල් ද? පොලිස් සීන් එකකට සමාන වෙනවද?
    වෙන මිනිහෙක්ව ස්පයි කරන්න ඒකෙන් අවසරය ලැබෙන්නේ කොහොමද?
    පොලිසිය නම් යන්නේ ලැබෙන පැමිණිල්ලකට/ ඔත්තුවකට අනුව නීතිය හා සාමය රකින ආයතනය විදිහට....
    Private client කෙනෙක්ට මුදලට වැඩ කරන PI කෙනෙක්ට කොහොමද නීතිය අදාල වෙන්නේ?
    Good questions... Let's wait for the answers. (y)

    BTW one of enjoyable Detective series.... The No#1 Ladies detective Agency. It's based on a book by Alexander McCall Smith (nice read) based in Botswana. BBC started it but stopped after a 7 or so episodes.

    Last edited:

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    දෙවැනි කතාව

    මේ එසයින්මන්ට් එක ආවේ බැදපු මැදි වියේ ලේඩි කෙනෙක්ගෙන්. එයාගේ හස්බන්ඩ්ට තව කෙල්ලෙක් ඉන්නවා කියලා එයාට සැක හිතිලා තිබුනා. මනුස්සයාගේ එකවුන්ට් වලින් ලොකු ගණන් හොයන්න බැරි වියදම් මාසෙට කිහිපයක්ම ගෑණි නෝට් කරලා තිබුනා.

    එයා සැක කරේ ඔෆිස් එකේ හස්බන්ඩ් ගේ ස්ටාෆ් එකේම කෙල්ලෙක්ව. මිනිහා ලොකු රස්සාවක් කරේ. වයිෆ්ට එයාගෙම බිස්නස් එකක් තිබුනා. වයිෆ්ට ෆුල් රිපෝට් එකක් ඕන වුනා යන තැන්, කරන දේවල්. Photo, video, audio හැම දේම. ලොකු ප්‍රොජෙක්ට් එකක්. හොදට බිලක් දාන්න අපිත් සැදී පැහැදී ගත්තේ.

    වයිෆ් අපිට ගෙදර යතුරු පවා ඩුප්ලිකේට් දුන්නා ඔක්කෝම. කොටින්ම අපිට එනවා නම් CCTV system එකට ඔන්ලයින් ලොග් වෙලා ආපු දේවල් මකන්න පාස්වර්ඩ් පවා දුන්නා. අපේ සිරිතක් තියෙනවා දෙයක් මකනකොට කෝකටත් බැකප් ගහන්න. අපි ගෙදරට ගියපු පලවෙනි පාරම කරේ DVR හාඩ් ඔක්කෝම බැකප් කරපු එක. ගෙදර ඔක්කෝම බලාකියාගෙන, මනුස්සයා ගේ හැම දේම බැලුවත් කිසිම සැක දෙයක් ලැබුනේ නෑ. CCTV ඇනලයිස් කරන්න අපිට වෙනම ටීම් එකක් ඉන්නවා. උන්ට DVR කොපිය දුන්නා. අපි ෆීල්ඩ් එකේ වැඩ පටන් ගත්තා. මනුස්සයා පලවෙනි දවසේ ටිකක් රෑ වෙලා ඕෆ් වුනා. පිටත් වෙනකොට කෝල් එකක එළියට ආවේ. කෙලින්ම ගෙදර ගියා. කිසිම සැක කටයුත්තක් තිබුනේ නෑ.

    අපිට ඔෆිස් එක ඇතුලේ කෙනෙක් ප්ලාන්ට් කරන්න තරම් දුර යන්නත් බෑ. ඔෆිස් එකේ රින්ගලා හොයන්නත් බෑ. වීක් පොයිනට් එකක් අහු වෙනකන් පස්සෙන් යමු කියලා අපි බැලුවා. දවස් තුනක් අපිට කිසිම වීක් පොයින්ට් එකක් නෑ.

    ඔය අතර CCTV ඇනලයිස් කරපු උන් කියපි සමහර කෑලි මැදින් පැය 4-5 මිසින්ග් කියලා. වැඩේ මිසින්ග් ටික පටන්ගන්නකොටත්, නැවත DVR වැඩ කරනකොටත් ගෑණිගේ කාර් එක ගැරෑජ් එකේ. අපිට නෝට් වුනා ගෑණිගේ කාර් එක ඔය අතර මූව් වෙලාත් නෑ කියලා. හරියටම එකම තැන පාක් කරන්න විදිහක් නෑ නේ. අපිට තේරුනා කතාවේ නොගැලපෙන තැනක් තියෙන බව. එදා හවස මනුස්සයා ඔෆිස් එකෙන් එළියට ඇවිත් ලගම තිබුන පබ් එකකට ගියා. මමත් ඇතුලට රිංගුවා අද බඩු අහුවෙයි කියලා. මනුස්සයා පුටු දෙකක් තියෙන මේසෙක වාඩි වෙලා හරි සංසුන්ව මොනවා හරි ඕඩර් කරා. මම බාර් එකේ ඉදන් සෝඩා එකක් ගැහුවා. මිනිහා වාඩිවෙලා හිටියේ මට පිටු පාලා. ටික කින් මට ස්කොෂ් එකක් ආවා.

    "මම ඕඩර් කරේ නෑ"
    "අර ටේබල් එකේ සර් එව්වේ"
    මගේ ඉහ මොළ රත් වුනා. හරි නේ මිනිහා මාව දන්නවා. හැරිලා වත් බැලුවේ නැතුව. මමත් ග්ලාස් එක අරං ටේබල් එක ගාවට ගියා.
    "කවුරු හරි එනකන් ද?"
    "ඔව් ඔබ තුමා බලා පොරොත්තුවෙන් හිටියේ"
    මට කට උත්තර නැති වුනා. මමත් ඩ්‍රින්ක් එකට තෑන්ක්ස් කරලා වාඩි වුනා.

    "මොනවාද මේ වෙනකන් ප්‍රගතිය?"
    කියන්න කිසිම ප්‍රගතියක් නෑ ඇත්තටම. අපි දැන් නෝන්ඩි වෙලාත් ඉවරයි. මට වචන නැති වුනා.
    "මම දන්නවා මගේ වයිෆ් ඔයාලට ගෙවලා ඇති මා ගැන හොයන්න. ගැටළුවක් නෑ, හැබැයි මේ ඇතුලේ වෙන කතාව විතරක් එයා දැනගන්න ඕන නෑ."
    මම වචනයක් නැතුව අහන් හිටියා වුන දේ හොයාගන්න.
    "මගේ වයිෆ්ට ඕන ඩිවෝස් එකට හේතුවක්. මගේ දේපල වලින් කොටසක් අයිති කරගන්න. මාව ගිල්ටි කරන්න. මම දන්නවා ඔයාලා කවද් ද? මුණ ගැහුනේ, ගෙදර ආව ගිය ඒවා හැමදේම. මම අද වෙනකන් හිටියේ මගේ වැඩ ටික අවසන් වෙනකන්."

    මම වචනයක් නැතිව ග්ලාස් එකම කටේ හලා ගත්තා. මට බෑ මගේ ක්ලයන්ට් පාවා දෙන්න.

    "ඔයාලා ගාවට වයිෆ් එන්න මාස දෙකකට කලින් තමයි මම එයා ගැන ඉන්වෙස්ටිගේට් කරන්න ගත්තේ."

    මට ටක්ගාලා මතක් වුනා බැන්කුවෙන් සල්ලි අතුරුදහන් වෙන්න පටන් ගත්තේ මාස දෙකක විතර ඉදන් බව.

    "එයා මගේ ගෙදරට BF ගෙන්න ගන්නවා. ඒ වෙලාවට තමා DVR එක නවතින්නේ. මේ වෙනකොට ඔයාලාට ඒක නෝට් වෙලා ඇති"

    මට අග මුළ පැහැදිලි වුනා.

    "හැබැයි එයාට අමතක වුනා පාරෙන් එහා පැත්තේ ගෙදරත් CCTV තියෙන බව"

    මට මනුස්සයා DVD එකක් දුන්නා.

    "ඔතන තියෙන්නේ ඉස්සරහ ගෙදර මනුස්සයාගේ CCTV footage ටික විතරයි. මං ගාව තව ගොඩක් එවිඩන්ස් තියනවා. ඔයාලාට අවශ්‍ය නම් තව කාලයක් මගේ දිහා බලන් ඉන්න පුලුවන් එයා බිල ගෙවනවා නම්. හැබැයි හෙට මගේ ලෝයර් ඩිවෝස් එක ෆයිල් කරනවා."

    මම ස්ටේල්මේට් වෙලා කියලා මට හිතුනා. ඔහුට අවබෝධයෙන් ගණුදෙනුව කරපු එකට ස්තූති කරලා, තව ශොට් එකක් දාන්න කරපු ආරාධනාවත් ප්‍රතික්ෂේප කරලා මම නැගිටලා ආවා. කෙලින්ම ඔෆිස් එකට කතා කරලා දැනුවත් කරා අපි ලණුවක් කාපු බවත්. වහාම සියළුම ඉන්වෙස්ට්ගේශන් නවත්වන්න කියලා.

    සාමාන්‍යයෙන් ඒ වගේ බොරු පැමිණිල්ලකට කරපු පරීක්ෂණ වල කිසිම තොරතුරක් අපි ක්ලයන්ට දෙන්නෑ. ඒක එතිකලි වැරදියි. මෙතන මේ ගෑණි හොයලා තියෙන්නේ මිනිහාව බ්ලෑක්මේල් කරලා දේපලත් එක්ක ඩිවෝස් එකකට යන්න එවිඩන්ස්. ඇත්තටම වැඩේ පත්තු වුනේ අනික් පැත්තට. ඔය හේතුව නිසා තමයි අපි හරි එවිඩන්ස් එකක් නැතුව මිනිහෙක් ඩීප් ෆලෝ නොකරන්නේ. සමහර වෙලාවට එහෙම ගිහින් අපි අමාරුවේ වැටෙන්නත් පුලුවන්.

    සමහර වෙලාවට අපි හිතන දේ නෙමෙයි අවසානයට හම්බුවෙන්නේ.

    ප්‍රශ්ණ කිහිපයක් අහලා තිබුනා, මේක ඉවර කරනකන් හිටියේ. ඉක්මනට උත්තර දෙන්නම්
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,872
    113
    126
    Hogwarts

    Husband kianne atttada kiala ubala further investigate karannatiwada eka parata cancel kale?