දෙවැනි කතාව
මේ එසයින්මන්ට් එක ආවේ බැදපු මැදි වියේ ලේඩි කෙනෙක්ගෙන්. එයාගේ හස්බන්ඩ්ට තව කෙල්ලෙක් ඉන්නවා කියලා එයාට සැක හිතිලා තිබුනා. මනුස්සයාගේ එකවුන්ට් වලින් ලොකු ගණන් හොයන්න බැරි වියදම් මාසෙට කිහිපයක්ම ගෑණි නෝට් කරලා තිබුනා.
එයා සැක කරේ ඔෆිස් එකේ හස්බන්ඩ් ගේ ස්ටාෆ් එකේම කෙල්ලෙක්ව. මිනිහා ලොකු රස්සාවක් කරේ. වයිෆ්ට එයාගෙම බිස්නස් එකක් තිබුනා. වයිෆ්ට ෆුල් රිපෝට් එකක් ඕන වුනා යන තැන්, කරන දේවල්. Photo, video, audio හැම දේම. ලොකු ප්‍රොජෙක්ට් එකක්. හොදට බිලක් දාන්න අපිත් සැදී පැහැදී ගත්තේ.
වයිෆ් අපිට ගෙදර යතුරු පවා ඩුප්ලිකේට් දුන්නා ඔක්කෝම. කොටින්ම අපිට එනවා නම් CCTV system එකට ඔන්ලයින් ලොග් වෙලා ආපු දේවල් මකන්න පාස්වර්ඩ් පවා දුන්නා. අපේ සිරිතක් තියෙනවා දෙයක් මකනකොට කෝකටත් බැකප් ගහන්න. අපි ගෙදරට ගියපු පලවෙනි පාරම කරේ DVR හාඩ් ඔක්කෝම බැකප් කරපු එක. ගෙදර ඔක්කෝම බලාකියාගෙන, මනුස්සයා ගේ හැම දේම බැලුවත් කිසිම සැක දෙයක් ලැබුනේ නෑ. CCTV ඇනලයිස් කරන්න අපිට වෙනම ටීම් එකක් ඉන්නවා. උන්ට DVR කොපිය දුන්නා. අපි ෆීල්ඩ් එකේ වැඩ පටන් ගත්තා. මනුස්සයා පලවෙනි දවසේ ටිකක් රෑ වෙලා ඕෆ් වුනා. පිටත් වෙනකොට කෝල් එකක එළියට ආවේ. කෙලින්ම ගෙදර ගියා. කිසිම සැක කටයුත්තක් තිබුනේ නෑ.
අපිට ඔෆිස් එක ඇතුලේ කෙනෙක් ප්ලාන්ට් කරන්න තරම් දුර යන්නත් බෑ. ඔෆිස් එකේ රින්ගලා හොයන්නත් බෑ. වීක් පොයිනට් එකක් අහු වෙනකන් පස්සෙන් යමු කියලා අපි බැලුවා. දවස් තුනක් අපිට කිසිම වීක් පොයින්ට් එකක් නෑ.
ඔය අතර CCTV ඇනලයිස් කරපු උන් කියපි සමහර කෑලි මැදින් පැය 4-5 මිසින්ග් කියලා. වැඩේ මිසින්ග් ටික පටන්ගන්නකොටත්, නැවත DVR වැඩ කරනකොටත් ගෑණිගේ කාර් එක ගැරෑජ් එකේ. අපිට නෝට් වුනා ගෑණිගේ කාර් එක ඔය අතර මූව් වෙලාත් නෑ කියලා. හරියටම එකම තැන පාක් කරන්න විදිහක් නෑ නේ. අපිට තේරුනා කතාවේ නොගැලපෙන තැනක් තියෙන බව. එදා හවස මනුස්සයා ඔෆිස් එකෙන් එළියට ඇවිත් ලගම තිබුන පබ් එකකට ගියා. මමත් ඇතුලට රිංගුවා අද බඩු අහුවෙයි කියලා. මනුස්සයා පුටු දෙකක් තියෙන මේසෙක වාඩි වෙලා හරි සංසුන්ව මොනවා හරි ඕඩර් කරා. මම බාර් එකේ ඉදන් සෝඩා එකක් ගැහුවා. මිනිහා වාඩිවෙලා හිටියේ මට පිටු පාලා. ටික කින් මට ස්කොෂ් එකක් ආවා.
"මම ඕඩර් කරේ නෑ"
"අර ටේබල් එකේ සර් එව්වේ"
මගේ ඉහ මොළ රත් වුනා. හරි නේ මිනිහා මාව දන්නවා. හැරිලා වත් බැලුවේ නැතුව. මමත් ග්ලාස් එක අරං ටේබල් එක ගාවට ගියා.
"කවුරු හරි එනකන් ද?"
"ඔව් ඔබ තුමා බලා පොරොත්තුවෙන් හිටියේ"
මට කට උත්තර නැති වුනා. මමත් ඩ්‍රින්ක් එකට තෑන්ක්ස් කරලා වාඩි වුනා.
"මොනවාද මේ වෙනකන් ප්‍රගතිය?"
කියන්න කිසිම ප්‍රගතියක් නෑ ඇත්තටම. අපි දැන් නෝන්ඩි වෙලාත් ඉවරයි. මට වචන නැති වුනා.
"මම දන්නවා මගේ වයිෆ් ඔයාලට ගෙවලා ඇති මා ගැන හොයන්න. ගැටළුවක් නෑ, හැබැයි මේ ඇතුලේ වෙන කතාව විතරක් එයා දැනගන්න ඕන නෑ."
මම වචනයක් නැතුව අහන් හිටියා වුන දේ හොයාගන්න.
"මගේ වයිෆ්ට ඕන ඩිවෝස් එකට හේතුවක්. මගේ දේපල වලින් කොටසක් අයිති කරගන්න. මාව ගිල්ටි කරන්න. මම දන්නවා ඔයාලා කවද් ද? මුණ ගැහුනේ, ගෙදර ආව ගිය ඒවා හැමදේම. මම අද වෙනකන් හිටියේ මගේ වැඩ ටික අවසන් වෙනකන්."
මම වචනයක් නැතිව ග්ලාස් එකම කටේ හලා ගත්තා. මට බෑ මගේ ක්ලයන්ට් පාවා දෙන්න.
"ඔයාලා ගාවට වයිෆ් එන්න මාස දෙකකට කලින් තමයි මම එයා ගැන ඉන්වෙස්ටිගේට් කරන්න ගත්තේ."
මට ටක්ගාලා මතක් වුනා බැන්කුවෙන් සල්ලි අතුරුදහන් වෙන්න පටන් ගත්තේ මාස දෙකක විතර ඉදන් බව.
"එයා මගේ ගෙදරට BF ගෙන්න ගන්නවා. ඒ වෙලාවට තමා DVR එක නවතින්නේ. මේ වෙනකොට ඔයාලාට ඒක නෝට් වෙලා ඇති"
මට අග මුළ පැහැදිලි වුනා.
"හැබැයි එයාට අමතක වුනා පාරෙන් එහා පැත්තේ ගෙදරත් CCTV තියෙන බව"
මට මනුස්සයා DVD එකක් දුන්නා.
"ඔතන තියෙන්නේ ඉස්සරහ ගෙදර මනුස්සයාගේ CCTV footage ටික විතරයි. මං ගාව තව ගොඩක් එවිඩන්ස් තියනවා. ඔයාලාට අවශ්‍ය නම් තව කාලයක් මගේ දිහා බලන් ඉන්න පුලුවන් එයා බිල ගෙවනවා නම්. හැබැයි හෙට මගේ ලෝයර් ඩිවෝස් එක ෆයිල් කරනවා."
මම ස්ටේල්මේට් වෙලා කියලා මට හිතුනා. ඔහුට අවබෝධයෙන් ගණුදෙනුව කරපු එකට ස්තූති කරලා, තව ශොට් එකක් දාන්න කරපු ආරාධනාවත් ප්‍රතික්ෂේප කරලා මම නැගිටලා ආවා. කෙලින්ම ඔෆිස් එකට කතා කරලා දැනුවත් කරා අපි ලණුවක් කාපු බවත්. වහාම සියළුම ඉන්වෙස්ට්ගේශන් නවත්වන්න කියලා.
සාමාන්‍යයෙන් ඒ වගේ බොරු පැමිණිල්ලකට කරපු පරීක්ෂණ වල කිසිම තොරතුරක් අපි ක්ලයන්ට දෙන්නෑ. ඒක එතිකලි වැරදියි. මෙතන මේ ගෑණි හොයලා තියෙන්නේ මිනිහාව බ්ලෑක්මේල් කරලා දේපලත් එක්ක ඩිවෝස් එකකට යන්න එවිඩන්ස්. ඇත්තටම වැඩේ පත්තු වුනේ අනික් පැත්තට. ඔය හේතුව නිසා තමයි අපි හරි එවිඩන්ස් එකක් නැතුව මිනිහෙක් ඩීප් ෆලෝ නොකරන්නේ. සමහර වෙලාවට එහෙම ගිහින් අපි අමාරුවේ වැටෙන්නත් පුලුවන්.
සමහර වෙලාවට අපි හිතන දේ නෙමෙයි අවසානයට හම්බුවෙන්නේ.
ප්‍රශ්ණ කිහිපයක් අහලා තිබුනා, මේක ඉවර කරනකන් හිටියේ. ඉක්මනට උත්තර දෙන්නම්