PI ජීවිතේ රස කතා

sanguine

Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    අවුරුද්දකට වඩා දිග බ්‍රේක් එකකට පස්සේ ආපහු ලියන්න හිතුනා. පහුගිය කාලේ ආපහු ජොබ් එකක් කරපු නිසා විවේකය ගොඩක් අඩු වුනා.

    මේ ලියන සිදුවීම අවුරුදු 15කට විතර කලින් ඇමරිකන් සුදු ජාතික PI කෙනෙක්ට වුන දෙයක්. මේක දැන් සෝෂල් මීඩියා වලත් ඕන තරම් ගිහින් ඇති. අපිට ඉස්සර තිබුන ටෙක්ස්බුක් කේස් එකක්.

    අපි PI ට නමක් දාගමු Jony Smith කියලා. එයාට තමුන්ගේ ස්ටේට් එකෙන් පිට ටිකක් දුශ්කර පලාතක ඉන්වෙස්ටිගේෂන් එකක් ලැබෙනවා. එයා බොහොම ආසාවෙන් යනවා ඒ වැඩේට. යන්න කලින් ක්ලයන්ට් බ්‍රීෆින් එක රෙකෝඩ් කරගන්නවා.

    ෆ්ලයිට් එකෙන් බැහැලා අදාල ප්‍රදේශයේ වාහන රෙන්ට් කරන තැනකින් කාර් එකක් ගන්නවා. අවාසනාවකට ඔහුට ටින්ට් කරපු වාහනයක් හොයාගන්න බැරි වෙනවා. හෝටලයක නවතින ඔහු පසු දින උදේ යනවා අදාල ලිපිනය හොයන්න.

    ඔහු ප්‍රවේසම් වෙනවා පාරේ නම විතරක් අහන්න. නමුත් අවාසනාවකට කවුරුවත් ඒ නම අහලා නෑ. (හරියටම පැහැදිලි නෑ එතන පාරේ නම වැරදුනාද කියන එක) ඇමරිකාවේ දුශ්කර ප්‍රදේශ වල නිවාස තියෙන්නේ එකිනෙකට ඉතා දුරින්. අවසානයේ වැරදීමකින් ගෙදරකට යන පෞද්ගලික පාරක ඔහු ගිහින් ඒ බව තේරුනාම ආපහු හැරෙනවා. ගෙදර හිටපු කෙනෙක් දුවගෙන ඇවිත් ඇහුවාම කියනවා වැරදුනා. **** පාර හොයන ගමන් කියලා. ඔහු එහෙම පාරක් නොදන්නා බව පවසනවා.

    නැවත හෝටලයට පැමිනෙන ඔහු ක්ලයන්ට් බ්‍රීෆින් එක නැවත බලනකොට තේරුම් යනවා ඔහු හොයාගෙන ගිය පුද්ගලයා තමයි අර නිවසේ සිට දුවගෙන ආපු කෙනා බව. ඔහු පසු දින අදාල නිවස අසලට යනවා. ඔහු නිවස යාන්තම් පේන දුරින් වාහනය නවත්වාගන්නවා. මිදුලේ වාහන කිහිපයක් නවතා තියෙනවා. ඔහු පොඩි ට්‍රයිපෝඩ් එකක කැමරාව සවිකර ඒ පැත්තට යොමුකර තබාගන්නවා අවශ්‍යවූ අවස්ථාවක බාවිතයට. ජනේල් දොරවල් සියල්ල වසා ඇති නිසා පිටතින් නිරීක්ෂණය කලහැකි කිසිවක් සිදුවන බවක් නැහැ. නමුත් ඔහු දිගින් දිගටම රැදී සිටිනවා.

    පැය කිහිපයකට පසු එක ඩබල් කැබ් වර්ගයේ වාහනයක් නිවසින් පිටත් වෙනවා. ඒ අදාල පුද්ගලයා බව සැකයකින් Smith ඔහුව දුරක් තියාගෙන ෆලෝව් කරනවා. කිලෝමීටර් කිහිපයක් ගිහින් ශොපින් මෝල් එකකට යන ඔහු විනාඩි කිහිපයකින් නැවත එලියට එනවා. Smith ඔහුට යන්න හැර නැවත වාහන කිහිපයක් පිටුපසින් ලුහු බදිනවා. ඔහු යන්නේ නැවත නිවස පැත්තට නිසාත් හවස් වෙන නිසාත් Smith තීරණය කරනවා නැවත යන්න. අදාල සැකකරු කලර් ලයිට් එකක නවතිනවා. ඔහු කෙලින් යන්න ට්‍රෑක් එකේ නවත්වනකොට Smith දකුණට හරවන ට්‍රෑක් එකට ගන්නවා. වන්ගුව හැරිලා ටික දුරක් යද්දී Smith දකිනවා ඔහු ලුහුබැඳි වාහනය දැන් Smith පිටුපස එනවා. ටිකක් කලබල වෙන ඔහු කිහිප වතාවක් එහාට මෙහාට හරවලා තහවුරු කරගන්නවා සැකකරු තමා පසුපසම හබා එන බව. නමුත් අවසානයේ විශාල පරිශ්‍රමයක් දරලා ඔහු වාහනය මඟහැර හෝටලයට යනවා.

    තම ආයතනය අමතන ඔහු ගැටළුව සදහන් කර මින් ඉදිරියට පරීක්ෂණ පැවැත්වීමේ අපහසුව කියලා නැවත පැමිණීමට අවසර ගන්නවා. ඔහුට නැවත එන්න දිනකට පසු ටිකට් එකක් බුක් කරලා වොශ් එකක් දාගන්නවා. සිගරට් එකක් පත්තු කරන් ලොබියෙන් එළියට එන ඔහු දකිනවා කාර් පාක් එකේ ඉදලා කෙනෙක් ඔහු පැත්තට එනවා. නමුත් ඔහු එතරම් අවධානයක් දෙන්නෑ.

    "hey, ඔබ Jony Smith ද?"
    දෙවරක් නොසිතාම, පුදුම වුන බවක් නොපෙන්වා "නෑ ඇයි?" කියලා ඔහු රිප්ලයි කරනවා. ඒ අවස්ථාවේ ඔහු හදුනාගන්නවා මේ ඔහු පසුපස එන සැකකරුම තමයි කියලා. නමුත් Smith කිසිම ලෙසක විස්මයට පත්වුන බවක් පෙන්වන්නෑ.
    "මගේ වාහනයක් හැප්පුනා, රෙජිස්ට්‍රේෂන් ප්ලේට් ෆලෝ කරාම මම දැනගත්තා ඔහු Jony Smith කියලා කෙනෙක් බව. මම මේ ඔහු හොයනවා" කියලා අදාල පුද්ගලයා නැවත යනවා. සිගරට් එක අවසන් කරන Smith නැවත කාමරයට යන්නේ වහාම ආයතනය දැනුවත් කරන්න. ඒ අතර ලොබියේදී ඔහුට ඇහෙනවා දුරකථන ඔපරේටර් දුරකථනයට පිළිතුරු දෙන ගමන් තව රිසෙප්ෂන් කෙනෙක්ගෙන් අහනවා
    "Jony Smith" චෙක් කරන්න කියලා.
    Smith එයට සවන් දෙමින් හිමිහිට එතනින් යනවා.
    "ඔව් සර් ඔහු ඉන්නවා, මම ඔහුට දුරකථනය සම්බන්ධ කරන්නම්"
    Smith කාමරයට එනකොටත් දුරකථනය නාද වෙනවා. වහාම ක්‍රියාත්මක වෙන ඔහු බෑග් එක පටවාගෙන ඔහුගේ කාමරයේ දොරේ යතුර තබා වාහනයට නගිනවා. පැයකට වැඩි දුරක් ගිහින් වෙනත් හෝටලයක නවතිනවා. ඔහු රිසෙප්ෂන් එකට කියනවා කවුරු ඇහුවත් ඔහු ආපු බවක් නොකියන ලෙස.
    තම ආයතනයටත් නිවසටත් තමාට සිදුවුන දේ පවසන ඔහු රාත්‍රිය පුරා ජනේලයෙන් එලිය බලමින් නොනිදා බයෙන් ගතකරනවා. උදේ පාන්දර බෑගයත් අරං වාහනයට යන ඔහුට ඇහෙනවා පිටුපසින් කෙනෙක් දුවන් එනවා.

    "ඔහොම නැවතියන් Smith..."
    කලබල වී වහාම වාහනයට නගින ඔහු වාහනය ලොක් කරනවාත් සමඟම ඔහු ඇවිත් වාහනයේ බොනට් එකට අත තියාගෙන මඟ අහුරනවා. ඔහු කෝපයෙන් පුපුරමින් කෑගහනවා. Smith වහාම දුරකථනය ඔහුගේ කන්ඩායම් නායකයාට ඇමතුමක් දෙනවා.

    "එළියට බැහැලා වරෙන්, උඹ ෆෙඩරල් ඔෆිසර් කෙනෙක් ද? නැත්තම් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්ද?. කවුද උඹට මගේ ගෙදර වීඩියෝ කරන්න කියුවේ? මං ගාව සාක්ෂි තියෙනවා. වරෙන් එලියට බැහැලා."
    චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන Smith දකිනවා සැකකරු ඉනේ සඟවාගෙන ඉන්න ගිණි අවිය ඕනෑම අවස්ථාවක එලියට ගන්න සූදානමින් සිටින බව. වහාම ක්‍රියාත්මක වන Smith වාහනය පසුපසට ගෙන එලියට යන්න පාරක් තියෙද නැද්ද වත් නොදැනම හෝටලය වටා යනවා. හෝටලය වටේ ගියත් අවසානයට පිටවීමට ඇත්තේ එකම ගේන්ටුවෙන්. ඔහු වේගයෙන් ගේට්ටුව දෙසට එන අවස්ථාවේ සැකකරුගේ වාහනය ගේට්ටුව අසල තිබෙනවා. එහි ඩ්‍රයිවින් සීට් එකේ හිටපු පුද්ගලයා ඉක්මනින් බැහැලා Smith ගේ වාහනයට පනින්න සූදානම් වෙනවා.

    නමුත් අනතුර වටහාගත් Smith තවත් වේගය වැඩිකරගනිමින් යටකරගෙන හෝ එතනින් පිටවෙන්න උත්සාහ කරනවා. අවසාන මොහොතේ රියදුරු පාරෙන් ඉවත් වෙනවා.

    හැකි ඉක්මනින් ගුවන්තොටුපළ වෙත ගමන්කරන්න උත්සාහ කරත් ඔහුගේ ඉන්ධන ඒ සදහා ප්‍රමාණවත් නැති බව ඔහුට අවබෝධ වෙනවා. ඒ වෙනතුරු දුරකථනයේ සියල්ල අසාගෙන සිටි කන්ඩායම් නායකයා සමග ඔහු තත්වය පැහැදිලි කරනවා.

    "වහාම පොලිස්සිය අමතන්න. ඊළග ඉන්ධන පිරවුම් හලේදී ඔබව මුණගැහෙන්න කියන්න."

    Smith උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙනවා. ඔහු ඉන්ධන පිරවුම් හල පිටුපස වාහනය නවත්වනවා. විනාඩි කිහිපයකින් පොලිස් රථයක් පැමිනෙනවා. සැනසුම් සුසුමක් හෙලමින් ඔහු පොලිස් නිලධාරියා හට ගුවන් තොටුපොලින් බැහැපු අවස්ථාවේ සිට සියළු සිදුවීම පැහැදිලි කරනවා. එම පැහැදිලි කිරීම අවසාන වෙනකොටම අදාල සැකකරුගේ කැබ් රථය එතැනට එනවා.

    "මෙන්න මූ තමයි මාව මරන්න හැදුවේ." Smith පොලිස් නිලධාරියාට වහාම ක්‍රියාත්මක වේන්න කෑගැහනවා. නමුත් තම රථයෙන් බැහැලා ආපු සැකකරු Smith දෙසට පැමිණියත්, පොලිස් නිළදාරියා අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වෙන බවක් පේන්න තිබුනේ නෑ.

    "විනාඩියක් දෙන්න මිස්ටර් Smith මට ඔහු සමග කතා කරන්න" පොලිස් නිළදාරියා කිහිපයක් තම රථයට ගොඩවෙන්න කියා ඔහුට අතින් පෙන්නුවා. පොලිස් නිලධාරියා සමග විනාඩි කිහිපයක සංවාදයකින් පසු සැකකරු Smith දෙස පුපුරමින් බලා සිට නැවත වාහනයට නැගී පිටත් වුනා.

    නැවත වාහනය අසලට පැමිණි පොලිස් නිලධාරීයා සිදුවීම පැහැදිලි කරා.
    "ඔබ ඔහුගේ නම කියූ සැනින් මම පුද්ගලයා හදුනාගත්තා. ඔහුට ගිණි අවියක් රැගෙන යන්න බලපත්ර සහිතයි. ඉතාම ඉහල පොලිස් නිළදාරියෙක් සමග සම්බන්ධකම් ඇති අයෙක්. ඔබ ගැන සියළු තොරතුරු ලබාදී ඇත්තේ ඔහුයි. ඔබ පැමිණි ගුවන් යානයේ සිට පිටත්වෙන ගුවන් යානය දක්වා සියළු තොරතුරු ඔහු සතුයි. මම ඔහුට සිද්ධිය පැහැදිලි කරා. ඔබට නැවත බාධා නොකරයි කියලා මම විශ්වාස කරනවා. නමුත් මට ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාවක් නෑ. මම දන්නෑ ඔබ ඔහු ගැන පරීක්ෂණයක් කරේ කුමණ සැකේකටද කියලා. මොකක් වුනත් ඔබේ සැකේ හරි කියලා මම හිතනවා. ඔබ හැකි ඉක්මනින් ආත්මාරක්ෂාව සදහා මෙහෙන් පිටව යන්න කියලා මම ඉල්ලා සිටිනවා."

    "පොලිස්සිය කොහොමද මගේ පෞද්ගලික තොරතුරු එලියට දෙන්නේ? මේක අපරාධ ක්‍රියාවක්."
    "මට ඒකට මැදිහත් වෙන්න බැහැ මහත්මයා. ඔබගේ ජීවිතය බේරා දෙන්න පුළුවන් සියල්ල මම කරා. ඔබට එතැන් සිට භාරයි."

    යුක්තිය ඉටුවීමට තමුන් ජීවත්ව සිටිය යුතු බැවින් Smith වහාම එතැනින් ගුවන්තොටුපළ වෙත නික්ම යනවා. ගුවන්තොටුපල ආරක්ෂක අංශ පසුකිරීමෙන් පසු ඔහු තම ජීවිතය බේරා ගැනීම ගැන සතුටු වෙනවා.

    නමුත් ගුවන්තොටුපල රේගු නිලධාරීන් පැමින ඔහුව නැවත විශේෂ පරීක්ෂාවකට රැගෙන යනවා. ඔහුගේ සියළුම උපකරණ එකින් එක පරීක්ෂා කරමින් ප්‍රශ්ණ කරනවා. පසුව නැවත ඔහු ගුවන් යානයට මුදාහරිනවා. ඔහුට නිරීක්ෂණය වෙනවා අදාල ගුවන්යානයේ එයාර්මාෂල් වරයා විශේෂ අවධානයකින් ඔහු පසුපසින් ගුවන් යානයට පැමිනෙනවා. ඔහු නැවත ගුවන්තොටුපොලින් පිටවන තුරු අදාල එයාමාෂල් වරයා නිරීක්ෂණය කරමින් සිටින බව ඔහුට පේනවා. අදාල ඉහල පොලිස් නිලධාරීයාගේ බලය ගැන ඔහු පුදුමයට පත්වෙනවා.

    මේ සිදුවීමෙන් අවුරුදු 5කට පසුව අදාල PI ප්‍රසිද්ධ මාධ්‍ය වෙත සිදුවීම කියනවා.

    තම ආත්මාරක්ෂාව සහ රෑකියාවේ ඇති ජීවිත තර්ජනය වගේම සිදුවූ අත්වැරැදීම් උගන්වන්න මේක කේස් සටඩී එකක් විදිහට ගැනෙනවා.

    අපි ඇත්තටම පරීක්ෂණයක් ආරම්භ කරනකොට දන්නෑ ඔහු කුමන තරාතිරමක පුද්ගලයෙක්ද කියලා. ඔහුගේ සම්බන්ධකම් කුමන අය සමග තියෙනවාද අපි දන්නෑ. ඔවුන් කුමන මානසික මට්ටමක අයද අපි දන්නෑ.

    ඇත්තටම එම සිදුවීමේදී පොලිස්සිය තම බලය ඉක්මවා අයුතු විදිහට ක්‍රියා කරනවා. නමුත් PI වරයා තීරණය කරනවා තම සේවා දායකයාගේ පෞද්ගලිකත්වය, ආරක්ෂාවත් සහ ආයතනයේ ගෞරවය ආරක්ෂා කිරීමට මෙම සිද්ධිය නීතිය ඉදිරියට ගෙනියෑමෙන් වැලැකී සිටින්න සහ සියළු නම් ගම් ආයතන නාම හෙලි නොකර සිටීමට.
     
    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43

    patta machan.. thawa dapan puluwan welawata..
    Film ekak beluwa wage .. :yes: :yes:
     
    • Love
    Reactions: sanguine

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy

    Ammo awada uba.
    Rasa kathawak nethuwa paaluwen hitiye.
    Uba nette mokada blnnawifeta PM 1k daanna hitiye
     
    • Haha
    Reactions: sanguine

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    6වෙනි කතාව.

    අපි එසයින්මන්ට් කරන හැම එකම ඉන්ටරස්ටින් කියලා සමහරු හිතන් ඉන්නවා. හැබැයි ගොඩක් ඒවා එහෙම නෑ. මම ලියන්නේ ආතල් එකක් තියෙන ඒවා විතරයි.

    ඉන්වෙස්ටිගේෂන් නැති වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒ වෙලාවල් වලට අපි වෙන පාර්ට්ටයිම් ජොබ් කරනවා. අනික් අයගේ ඉන්වෙස්ටිගේෂන් වලට සපෝට් කරනවා. ඔහොම සති දෙකක් විතර වෙන වැඩක් කරගෙන ඉදිද්දී මට ඔෆිස් එකෙන් කතා කරා ඉක්මනට එන්න මට එසයින්මන්ට් එකක් ඇවිත් මටම ගැලපෙන එකක් කියලා.
    මමත් ඉක්මනට ගියා.

    මට ඔෆිස් එකෙන් කාඩ් එකක් දීලා කියුවා
    "මේ ලේඩි අද හවස 7ට එයි *** Cafe එකට ඔයා එතනට ගිහින් ඉන්න" කියලා.
    "මම ඇහුවා කොහොමද එයා මාව අදුරගන්නේ?" කියලා.
    "එයා ඉන්වෙස්ටිගේටර් කෙනෙක් නෙමෙයි බට් ඔයා... ගිහින් හොයාගෙන කතා කරන්න" කියලා මගේ කෝඩිනේටර් හිනා වුනා. මමත් හිනා වෙලා මැෂීන් එකෙන් කොෆී එකකුත් දාගෙන එළියට ඇවිත් ස්මෝක් එකක් පත්තුකරගත්තා. ටැබ් එක අරං නම සර්ච් කරලා මම හම්බුවෙන්න ඕන කෙනා හොයා ගත්තා. 28y වගේ වෘතීය වශයෙන් චිත්‍ර අදින, ලස්සන කෙල්ලෙක්. අපි එයාට පහසුවට නමක් දාගමු Su කියලා.

    මට වෙලාවට ගිහින් හිටියා. Su ආවා හරියටම විනාඩියක් කලින්. එන ගමන් කැෆේ එකම ස්කෑන් එකක් දැම්මා මම හොරෙන් බලාගෙන හිටියේ. එයා ටේබල් එකකින් වාඩි වුනාම මම ලගට ගිහින් එක්ස්කියුස් කරලා
    "මෙතනින් වාඩිවෙන්න පුලුවන් ද?" ඇහුවා.
    "ඇයි බැරි, ප්ලීස්" කියලා පොඩි හිනාවක් දැම්මා.
    "ඔයා චිත්‍ර ශිල්පිනියක් නේද?"
    "ඇයි එහෙම ඇහුවේ?"
    "නෑ මට ටර්පන්ටයින් සුවඳ දැනුනා" කියලා මම විහිළුවට කියුවා. එකපාරටම කලබල වුන Su කප් එක තියලා අත් දෙකම සුවද බැලුවා.
    "සොරි සොරි මම විහිලුවක් කරේ. මම ඔයාගේ සෝෂල් මීඩියා චෙක් කරා එන්න කලින්. මම ඔයා එනකන් හිටියේ. මගේ නම **** " මගේ කෝඩ් නේම් එක මම කියුවා.
    "මම බය වුන තරමක්, මම දවස් දෙකකින් ටර්පන්ටයින් අල්ලුවේ නෑ." කියලා Su හිනා වුනා.

    මම ටිකක් එළියේ ටේබල් එකක් පෙන්වලා
    "මං හිතන්නේ අතන අපිට ටිකක් නිදහසේ කතා කරන්න පුලුවන් එතනට යමුද?" කියලා Su ට ආරාධනා කරලා කොෆී කප් දෙකත් අරං එළියට ගියා.

    එතනට ගිහින් මම Su ට පටන් ගන්න ඉඩ දුන්නා.
    "මම කවුද? මොනවාද කරන්නේ ඔයා දැන් දන්නවා න්?"
    "නෑ නෑ මම ඔයාගේ ඉන්සටග්‍රෑම් එක විතරයි තාම බැලුවේ. ප්ලීස් මට මුල ඉදන් විස්තරය දෙන්න."
    "හරි මම Su. මම පදින්චි **** එපාර්ට්මන්ට්ස් වල. මගේ එපාර්ට්මන්ට් එක උඩම තට්ටුවේ නම්බර් 22nd. මම එතනට ආවේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් Dan එක්ක අවුරුදු 3කට කලින්. අපි ලිවින්ග් ටුගෙදර් පටන් ගත්තේ මෙහෙට ඇවිත්. මම ඉපදුනේ වෙන රටක. මෙහාට ආවේ ඉගනගන්න. මට Dan හම්බනේ කොලේජ් කාලේ. මට මෙහෙ වෙන කවුරුවත් නෑ."

    එහෙම කියලා එයා කොෆී එක ආපහු අතට ගත්තාම ඒක ඉවරයි. මම ඇහුවා
    "මේක දිග කතාවක් වෙයි වගේ, මම තව කොෆී එකක් ඕඩර් කරන්නද කියලා"
    "ප්ලීස්. බ්ලැක්.."
    මම කොෆී දෙකක් ඕඩර් කරා.
    "ඔයා අකමැත්තක් නැත්තම්" කියලා Su ස්මෝක් පැකට් එකක් දික් කරා.
    "තෑන්ක්ස්"
    මම සාමාන්‍යයෙන් ක්ලයන්ට් කෙනෙක් ආරාධනා කරනකන් කොයි වෙලාවක වත් ක්ලයන්ට් ඉස්සරහා ස්මෝක් කරන්නෑ.

    දෙන්නත් එක්ක ස්මෝක් එකක් පත්තුකරන් ආපහු Su කතාව පටන් ගත්තා.
    "Dan ස්ටේජ් ඩ්‍රාමා ඇක්ට් කරන කෙනෙක්. මම එයාගේ ඩ්‍රාමා වල ආර්ට් වැඩ කරා ගොඩක් කල් ඉදන්. අපි ලිවින්ග්ටුගෙදර් පටන්ගත්තාට පසේ එයා කැමති වුනේ නෑ මම ස්ටේජ් වැඩ කරනවාට. දැන් මම ඔයිල් පේන්ටිනග්ස් කරනවාට අමතරව පාට්ටයිම් ආර්ට් ටීචින්ග් කරනවා."

    කතාව පට්ට දිග වෙන බව යන විදිහට මට තේරුනත්, ඉන්වෙස්ටිගේෂන් වල ඉතාම වැදගත් ස්කිල් එකක් ඉවසීමෙන් අහන් ඉන්න එක. ඉතින් ඔක්කෝම ලියන්න ගියොත් බෝරිං වෙන නිසා මම කෙටියෙන් ලියන්නම්.

    Dan ටික කාලයක ඉදන් Su ව සැක කරන්න අරං. යන්නේ කොහේද? කවුද මුණගැහෙන්නේ? මොකද කරන්නේ කියලා නිතර ප්‍රශ්ණ කරනවාලු. Su ට ඒක ලොකු හිසරදයක් වෙලා. ක්ලාස් එකකට ගියත් සමහර වෙලාවට කෝල් දෙකක් තුනක් දෙනවා සමහර වෙලාවට. ලගදී Su ට හම්බුවෙලා Dan ගේ සාක්කුවේ තිබිලා Film ටිකට් දෙකක්. නමුත් ඒ ගැන Dan තාම මුකුත් කියලා නෑ. ඔය වගේ දවසක් ක්ලාස් කරලා පැය 4-5කට පස්සේ Su ගෙදර ආවාම එයාගේ සෝෆා එකේ දිග කෙස් ගස් දෙක තුනක් හම්බුවෙලා. ඒවා Su ගේ නෙමෙයි කියලා එයාට ශුවර්. කොන්ඩේ පාට වෙනස් වගේම Su ගේ කොන්ඩයට වඩා දිගයි. ඒ ගැන ඇහුවාම Dan බොරුවට රන්ඩුවක් ඇතිකරගත්තාලු Su ගේ යාළුවෙක්ගේ වෙන්න ඇති කියලා. නමුත් Su විශ්වාස කරනවා ඒ වගේ කෙස්ගස් කලින් එතන නොතිබුන බව. ඔය වගේ තව පොඩි පොඩි සිද්ධි කිහිපයක් වෙලා තීයනවා.

    Su කතාව ඉවර කරලා ඈත පාර දිහා බලන් තව ස්මෝක් එකක් පත්තුකරගත්තා. තප්පර 15-20ක් නිහඬව ඉදලා මම කතා කරා.
    "ඔයා ඇයි ඉතින් Dan ව අතහරින්නේ නැත්තේ?".

    "මට හිතාගන්න බෑ තාම. අපි දෙන්නාම සල්ලි දාලා මේ හැමදේම කරේ. අපි අනාගතය ප්ලෑන් කරේ එකට ඉන්න. එයාගෙත් ශෙයාර් එකක් තියෙනවා. එයාට ඕන ඇති මාව මෙතනින් අයින් කරලා හැමදේම අයිති කරගන්න. මෙතනින් ගියොත් මට වෙන යන්න තැනක් නෑ."

    "දැන් මොකද්ද මගෙන් වෙන්න ඕන?"

    "ප්ලීස් මිස්ටර් මට Dan කරන්න හදන දේ ගැන දැනගන්න ඕන. කවුද මේ එයාව කන්ට්‍රෝල් කරන ගෑණි කියලා දැනගන්න ඕන."

    මම Dan ගැන සියළු තොරතුරු අරගත්තා. මට Dan ගේ ෆොටෝ එකත්, සෝශල් මීඩියා ලින්ක්ස් ටිකත් සියල්ල ලැබුනා. Su ගෙන් මම එපාට්මන්ට් එකේ යතුරත් ගත්තා. Su අනිවාර්යයෙන්ම එලියට යන ශෙඩියුල් ටිකත් මම අරගත්තා. එයා ගෙදර නැති වෙලාවක Dan කෝල් කරලා ඉන්නේ කොහේද? විස්තර ඇහුවොත් වහාම මට කෝල් එකක් දෙන්න කියලා මම කියුවා.

    පහුවදා Dan තියටර් එකට ගිය වෙලාවේ මම ගියා එපාර්ට්මන්ට් එකට. ගිහින් වටපිටාව ඔක්කෝම බැලුවා. බිල්ඩින් එකේ CCTV තියෙන්නේ පඩිපෙල ට විතරයි. ඒකත් ඇක්සස් තියෙන්නේ සිකියුරිටි එකට විතරයි. 22nd එපාට්මන්ට් එක තිබුනේ තට්ටු 6ක එපාට්මන්ට් කම්ප්ලෙක්ස් බිල්ඩිමක උඩම තට්ටුවේ. එපාට්මන්ට් එකේ ජනේල තිබුනේ පාර පැත්තට මූණ දාලා. යට තට්ටු 5ම කොටස් 4 ගානේ බෙදලා තිබුනත් උඩම තට්ටුවේ තිබුනේ පෞද්ගලික නිවාස දෙකයි. තව පූංචි කොටසක් තිබුනා සේවකයන්ට. ඉතිරි ඉඩ රූෆ් ටොප් එකක් විදිහට කොමන් ඒරියා එකක්. ඒ කිසිම එකකට CCTV නැහැ. බිල්ඩිමට ඇක්සස් තිබුනේ ඉස්සරහින් විතරයි. වාහන පාක් කරන්න තිබුනේ බේස්මන්ට් එකේ. බේස්මන්ට් එකට යන සියළු වාහන රෙසිඩන්ට් ලාගේ විතරයි. පිට කෙනෙක් ඇතුලට එනවා නම් වාහනය එළියේ පාක් කරලා එන්න ඕන.

    Su ඒ වෙලාවේ ගෙදර හිටියේ, මම එයාගේ අවසරය ඇතුව ගෙට ගියා. ගිහින් Su ගේ චිත්‍ර, Dan ගේ සමරු වගේම පුංචි ලයිබ්‍රි එක වගේ දේවල් මම හොදින් නිරීක්ෂණය කරා. තාම මට මේ වැඩේ පටන් ගන්න කොනක් පැහැදිලි නෑ.

    හෝඩුවාවක් ගන්නවා නම් ගන්න තියෙන්නේ CCTV එකෙන්. නමුත් ඒක ඉතාම බයානකයි. මම සිකියුරිටිට කතා කරොත් Dan ට ඒ බව දැනගන්න ඉතාම ඉඩ වැඩියි. මොකද 01) ඔහු Dan ව මට වඩා හදුනනවා. 02) ඔය වගේ රැකියා කරන අය බොහෝ විට රහස් රැකීමේ දක්ෂයන් නොවීමට ඉඩ වැඩියි. ඒ නිසා මම වෙන ප්ලෑන් එකක් හැදුවා.

    දෙන්නාගේ දැනට වැඩ ශෙඩියුල් එක අරගත්තා. අනිද්දා Su පැය 3කට ක්ලාස් එකක් සදහා එළියට යනවා. නමුත් Dan එදා දවසම ගෙදර. මම Su ට කියුවා තව වැඩිපුර පැය දෙකක් එළියේ ඉන්න හේතුවක් හදාගෙන ඒක දැන්ම Dan ට Txt කරන්න කියලා. එදාට Dan ගෙන් එන සියළුම කෝල්, txt මට ඒ වෙලාවේම දැනුවත් කරන්න කියලා මම උපදෙස් දුන්නා. txt වලට මම කියන තුරු රිප්ලයි නොකරන්නත් උපදෙස් දුන්නා.

    පහුවදා දවස මම දෙන්නාගේ සහ රෙසිඩන්ෂල් බිල්ඩින් එකේ ඉන්න සාමාජිකයින්ගේ සෝශල් මීඩියා ගැන පොඩි රිසර්ච් එකක් දැම්මා. නමුත් මට හොයාගන්න ලොකු දෙයක් ලැබුනේ නෑ. ඉතින් පහුවදා ලොකු බලාපොරොත්තුවක් නැතුවම මම Su පිටත්වුන මැසේජ් එක එන තුරු හිටියා.

    Su පිටත් වුන සැනින් මම එපාට්මන්ට් බිල්ඩිම ලඟට ගියා. වාහනය ඒ අසල තැනක නවත්වාගත්තා. පිටිපස්සට රිංගලා කැමරාව එපාට්මන්ට් එක පැත්තට ට්‍රයිපෝඩ් කරා. එන්ට්‍රන්ස් එක පැත්තට Spotting scope මවුන්ට් කරලා ඒකට GoPro එකරෙකෝඩින් දැම්මා. Su ගිහින් පැයකට පස්සේ Dan ගෙන් "මොකද කරන්නේ?" කියලා මැසේජ් එක ආවා කියලා මට Su ගෙන් ටෙක්ස්ට් එක ආවා. මම ඒකත් එක්ක තවත් උනන්දුවෙන් විශේෂ යමක් දැකගන්න බලාගෙන හිටියා.

    කවුරු හරි එනවා නම් පහල දොර ඇතුලෙන් අරින්න ඕන. එහෙම නම් මට Dan ගේ මූණ පේනවා. එන කෙනා එක්කම මට පින්තූරය ගන්න පුළුවන්. මම එන යන වාහන සියල්ලගේම පින්තූර ගත්තා. තවත් පැය දෙකකට පස්සේ Su ගෙන් "කොහේද ඉන්නේ?" මැසේජ් එක ලැබුනා කියලා ටෙක්ස්ට් එක ආවා. නමුත් තවම මට Dan දකින්න ලැබුනේ නෑ. මම තීරණය කරා පොඩි ඇඩ්වෙන්චර් වැඩක් කරලා බලන්න.

    මම Su ට කියුවා ඔයාගේ "ඊලඟ වැඩේ කැන්සල්" දැන් එන්න හදන්නේ කියලා රිප්ලයි කරන්න කියලා. ඊට විනාඩි කිහිපයකට පස්සේ Living room එකේ ලයිට් එක ඕෆ් වුනා. මම කැමරාවෙ වීව්ෆයින්ඩර් එකට ඇහැ තියන් පින්තූරයක් ගන්න සූදානමින් හිටියා. නමුත් විනාඩි 30ක් විතර කිසිම විශේෂ දෙයක් දැකගන්න ලැබුනේ නෑ.

    Su ගෙදර ආවා! මම බලාපොරොත්තු කඩවෙලා පිටත් වෙලා ආවා. Su ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනා. "ඔයාගේ වැඩේ සාර්ථකයි කියලා මම දන්නවා. හෙට කැෆේ එකට 7 30 එන්න"