Machan Pothak liyanna oyage style eka hodai. Apith gannam livvoth.
patta machan.. thawa dapan puluwan welawata..අවුරුද්දකට වඩා දිග බ්‍රේක් එකකට පස්සේ ආපහු ලියන්න හිතුනා. පහුගිය කාලේ ආපහු ජොබ් එකක් කරපු නිසා විවේකය ගොඩක් අඩු වුනා.
මේ ලියන සිදුවීම අවුරුදු 15කට විතර කලින් ඇමරිකන් සුදු ජාතික PI කෙනෙක්ට වුන දෙයක්. මේක දැන් සෝෂල් මීඩියා වලත් ඕන තරම් ගිහින් ඇති. අපිට ඉස්සර තිබුන ටෙක්ස්බුක් කේස් එකක්.
අපි PI ට නමක් දාගමු Jony Smith කියලා. එයාට තමුන්ගේ ස්ටේට් එකෙන් පිට ටිකක් දුශ්කර පලාතක ඉන්වෙස්ටිගේෂන් එකක් ලැබෙනවා. එයා බොහොම ආසාවෙන් යනවා ඒ වැඩේට. යන්න කලින් ක්ලයන්ට් බ්‍රීෆින් එක රෙකෝඩ් කරගන්නවා.
ෆ්ලයිට් එකෙන් බැහැලා අදාල ප්‍රදේශයේ වාහන රෙන්ට් කරන තැනකින් කාර් එකක් ගන්නවා. අවාසනාවකට ඔහුට ටින්ට් කරපු වාහනයක් හොයාගන්න බැරි වෙනවා. හෝටලයක නවතින ඔහු පසු දින උදේ යනවා අදාල ලිපිනය හොයන්න.
ඔහු ප්‍රවේසම් වෙනවා පාරේ නම විතරක් අහන්න. නමුත් අවාසනාවකට කවුරුවත් ඒ නම අහලා නෑ. (හරියටම පැහැදිලි නෑ එතන පාරේ නම වැරදුනාද කියන එක) ඇමරිකාවේ දුශ්කර ප්‍රදේශ වල නිවාස තියෙන්නේ එකිනෙකට ඉතා දුරින්. අවසානයේ වැරදීමකින් ගෙදරකට යන පෞද්ගලික පාරක ඔහු ගිහින් ඒ බව තේරුනාම ආපහු හැරෙනවා. ගෙදර හිටපු කෙනෙක් දුවගෙන ඇවිත් ඇහුවාම කියනවා වැරදුනා. **** පාර හොයන ගමන් කියලා. ඔහු එහෙම පාරක් නොදන්නා බව පවසනවා.
නැවත හෝටලයට පැමිනෙන ඔහු ක්ලයන්ට් බ්‍රීෆින් එක නැවත බලනකොට තේරුම් යනවා ඔහු හොයාගෙන ගිය පුද්ගලයා තමයි අර නිවසේ සිට දුවගෙන ආපු කෙනා බව. ඔහු පසු දින අදාල නිවස අසලට යනවා. ඔහු නිවස යාන්තම් පේන දුරින් වාහනය නවත්වාගන්නවා. මිදුලේ වාහන කිහිපයක් නවතා තියෙනවා. ඔහු පොඩි ට්‍රයිපෝඩ් එකක කැමරාව සවිකර ඒ පැත්තට යොමුකර තබාගන්නවා අවශ්‍යවූ අවස්ථාවක බාවිතයට. ජනේල් දොරවල් සියල්ල වසා ඇති නිසා පිටතින් නිරීක්ෂණය කලහැකි කිසිවක් සිදුවන බවක් නැහැ. නමුත් ඔහු දිගින් දිගටම රැදී සිටිනවා.
පැය කිහිපයකට පසු එක ඩබල් කැබ් වර්ගයේ වාහනයක් නිවසින් පිටත් වෙනවා. ඒ අදාල පුද්ගලයා බව සැකයකින් Smith ඔහුව දුරක් තියාගෙන ෆලෝව් කරනවා. කිලෝමීටර් කිහිපයක් ගිහින් ශොපින් මෝල් එකකට යන ඔහු විනාඩි කිහිපයකින් නැවත එලියට එනවා. Smith ඔහුට යන්න හැර නැවත වාහන කිහිපයක් පිටුපසින් ලුහු බදිනවා. ඔහු යන්නේ නැවත නිවස පැත්තට නිසාත් හවස් වෙන නිසාත් Smith තීරණය කරනවා නැවත යන්න. අදාල සැකකරු කලර් ලයිට් එකක නවතිනවා. ඔහු කෙලින් යන්න ට්‍රෑක් එකේ නවත්වනකොට Smith දකුණට හරවන ට්‍රෑක් එකට ගන්නවා. වන්ගුව හැරිලා ටික දුරක් යද්දී Smith දකිනවා ඔහු ලුහුබැඳි වාහනය දැන් Smith පිටුපස එනවා. ටිකක් කලබල වෙන ඔහු කිහිප වතාවක් එහාට මෙහාට හරවලා තහවුරු කරගන්නවා සැකකරු තමා පසුපසම හබා එන බව. නමුත් අවසානයේ විශාල පරිශ්‍රමයක් දරලා ඔහු වාහනය මඟහැර හෝටලයට යනවා.
තම ආයතනය අමතන ඔහු ගැටළුව සදහන් කර මින් ඉදිරියට පරීක්ෂණ පැවැත්වීමේ අපහසුව කියලා නැවත පැමිණීමට අවසර ගන්නවා. ඔහුට නැවත එන්න දිනකට පසු ටිකට් එකක් බුක් කරලා වොශ් එකක් දාගන්නවා. සිගරට් එකක් පත්තු කරන් ලොබියෙන් එළියට එන ඔහු දකිනවා කාර් පාක් එකේ ඉදලා කෙනෙක් ඔහු පැත්තට එනවා. නමුත් ඔහු එතරම් අවධානයක් දෙන්නෑ.
"hey, ඔබ Jony Smith ද?"
දෙවරක් නොසිතාම, පුදුම වුන බවක් නොපෙන්වා "නෑ ඇයි?" කියලා ඔහු රිප්ලයි කරනවා. ඒ අවස්ථාවේ ඔහු හදුනාගන්නවා මේ ඔහු පසුපස එන සැකකරුම තමයි කියලා. නමුත් Smith කිසිම ලෙසක විස්මයට පත්වුන බවක් පෙන්වන්නෑ.
"මගේ වාහනයක් හැප්පුනා, රෙජිස්ට්‍රේෂන් ප්ලේට් ෆලෝ කරාම මම දැනගත්තා ඔහු Jony Smith කියලා කෙනෙක් බව. මම මේ ඔහු හොයනවා" කියලා අදාල පුද්ගලයා නැවත යනවා. සිගරට් එක අවසන් කරන Smith නැවත කාමරයට යන්නේ වහාම ආයතනය දැනුවත් කරන්න. ඒ අතර ලොබියේදී ඔහුට ඇහෙනවා දුරකථන ඔපරේටර් දුරකථනයට පිළිතුරු දෙන ගමන් තව රිසෙප්ෂන් කෙනෙක්ගෙන් අහනවා
"Jony Smith" චෙක් කරන්න කියලා.
Smith එයට සවන් දෙමින් හිමිහිට එතනින් යනවා.
"ඔව් සර් ඔහු ඉන්නවා, මම ඔහුට දුරකථනය සම්බන්ධ කරන්නම්"
Smith කාමරයට එනකොටත් දුරකථනය නාද වෙනවා. වහාම ක්‍රියාත්මක වෙන ඔහු බෑග් එක පටවාගෙන ඔහුගේ කාමරයේ දොරේ යතුර තබා වාහනයට නගිනවා. පැයකට වැඩි දුරක් ගිහින් වෙනත් හෝටලයක නවතිනවා. ඔහු රිසෙප්ෂන් එකට කියනවා කවුරු ඇහුවත් ඔහු ආපු බවක් නොකියන ලෙස.
තම ආයතනයටත් නිවසටත් තමාට සිදුවුන දේ පවසන ඔහු රාත්‍රිය පුරා ජනේලයෙන් එලිය බලමින් නොනිදා බයෙන් ගතකරනවා. උදේ පාන්දර බෑගයත් අරං වාහනයට යන ඔහුට ඇහෙනවා පිටුපසින් කෙනෙක් දුවන් එනවා.
"ඔහොම නැවතියන් Smith..."
කලබල වී වහාම වාහනයට නගින ඔහු වාහනය ලොක් කරනවාත් සමඟම ඔහු ඇවිත් වාහනයේ බොනට් එකට අත තියාගෙන මඟ අහුරනවා. ඔහු කෝපයෙන් පුපුරමින් කෑගහනවා. Smith වහාම දුරකථනය ඔහුගේ කන්ඩායම් නායකයාට ඇමතුමක් දෙනවා.
"එළියට බැහැලා වරෙන්, උඹ ෆෙඩරල් ඔෆිසර් කෙනෙක් ද? නැත්තම් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්ද?. කවුද උඹට මගේ ගෙදර වීඩියෝ කරන්න කියුවේ? මං ගාව සාක්ෂි තියෙනවා. වරෙන් එලියට බැහැලා."
චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන Smith දකිනවා සැකකරු ඉනේ සඟවාගෙන ඉන්න ගිණි අවිය ඕනෑම අවස්ථාවක එලියට ගන්න සූදානමින් සිටින බව. වහාම ක්‍රියාත්මක වන Smith වාහනය පසුපසට ගෙන එලියට යන්න පාරක් තියෙද නැද්ද වත් නොදැනම හෝටලය වටා යනවා. හෝටලය වටේ ගියත් අවසානයට පිටවීමට ඇත්තේ එකම ගේන්ටුවෙන්. ඔහු වේගයෙන් ගේට්ටුව දෙසට එන අවස්ථාවේ සැකකරුගේ වාහනය ගේට්ටුව අසල තිබෙනවා. එහි ඩ්‍රයිවින් සීට් එකේ හිටපු පුද්ගලයා ඉක්මනින් බැහැලා Smith ගේ වාහනයට පනින්න සූදානම් වෙනවා.
නමුත් අනතුර වටහාගත් Smith තවත් වේගය වැඩිකරගනිමින් යටකරගෙන හෝ එතනින් පිටවෙන්න උත්සාහ කරනවා. අවසාන මොහොතේ රියදුරු පාරෙන් ඉවත් වෙනවා.
හැකි ඉක්මනින් ගුවන්තොටුපළ වෙත ගමන්කරන්න උත්සාහ කරත් ඔහුගේ ඉන්ධන ඒ සදහා ප්‍රමාණවත් නැති බව ඔහුට අවබෝධ වෙනවා. ඒ වෙනතුරු දුරකථනයේ සියල්ල අසාගෙන සිටි කන්ඩායම් නායකයා සමග ඔහු තත්වය පැහැදිලි කරනවා.
"වහාම පොලිස්සිය අමතන්න. ඊළග ඉන්ධන පිරවුම් හලේදී ඔබව මුණගැහෙන්න කියන්න."
Smith උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙනවා. ඔහු ඉන්ධන පිරවුම් හල පිටුපස වාහනය නවත්වනවා. විනාඩි කිහිපයකින් පොලිස් රථයක් පැමිනෙනවා. සැනසුම් සුසුමක් හෙලමින් ඔහු පොලිස් නිලධාරියා හට ගුවන් තොටුපොලින් බැහැපු අවස්ථාවේ සිට සියළු සිදුවීම පැහැදිලි කරනවා. එම පැහැදිලි කිරීම අවසාන වෙනකොටම අදාල සැකකරුගේ කැබ් රථය එතැනට එනවා.
"මෙන්න මූ තමයි මාව මරන්න හැදුවේ." Smith පොලිස් නිලධාරියාට වහාම ක්‍රියාත්මක වේන්න කෑගැහනවා. නමුත් තම රථයෙන් බැහැලා ආපු සැකකරු Smith දෙසට පැමිණියත්, පොලිස් නිළදාරියා අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වෙන බවක් පේන්න තිබුනේ නෑ.
"විනාඩියක් දෙන්න මිස්ටර් Smith මට ඔහු සමග කතා කරන්න" පොලිස් නිළදාරියා කිහිපයක් තම රථයට ගොඩවෙන්න කියා ඔහුට අතින් පෙන්නුවා. පොලිස් නිලධාරියා සමග විනාඩි කිහිපයක සංවාදයකින් පසු සැකකරු Smith දෙස පුපුරමින් බලා සිට නැවත වාහනයට නැගී පිටත් වුනා.
නැවත වාහනය අසලට පැමිණි පොලිස් නිලධාරීයා සිදුවීම පැහැදිලි කරා.
"ඔබ ඔහුගේ නම කියූ සැනින් මම පුද්ගලයා හදුනාගත්තා. ඔහුට ගිණි අවියක් රැගෙන යන්න බලපත්ර සහිතයි. ඉතාම ඉහල පොලිස් නිළදාරියෙක් සමග සම්බන්ධකම් ඇති අයෙක්. ඔබ ගැන සියළු තොරතුරු ලබාදී ඇත්තේ ඔහුයි. ඔබ පැමිණි ගුවන් යානයේ සිට පිටත්වෙන ගුවන් යානය දක්වා සියළු තොරතුරු ඔහු සතුයි. මම ඔහුට සිද්ධිය පැහැදිලි කරා. ඔබට නැවත බාධා නොකරයි කියලා මම විශ්වාස කරනවා. නමුත් මට ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාවක් නෑ. මම දන්නෑ ඔබ ඔහු ගැන පරීක්ෂණයක් කරේ කුමණ සැකේකටද කියලා. මොකක් වුනත් ඔබේ සැකේ හරි කියලා මම හිතනවා. ඔබ හැකි ඉක්මනින් ආත්මාරක්ෂාව සදහා මෙහෙන් පිටව යන්න කියලා මම ඉල්ලා සිටිනවා."
"පොලිස්සිය කොහොමද මගේ පෞද්ගලික තොරතුරු එලියට දෙන්නේ? මේක අපරාධ ක්‍රියාවක්."
"මට ඒකට මැදිහත් වෙන්න බැහැ මහත්මයා. ඔබගේ ජීවිතය බේරා දෙන්න පුළුවන් සියල්ල මම කරා. ඔබට එතැන් සිට භාරයි."
යුක්තිය ඉටුවීමට තමුන් ජීවත්ව සිටිය යුතු බැවින් Smith වහාම එතැනින් ගුවන්තොටුපළ වෙත නික්ම යනවා. ගුවන්තොටුපල ආරක්ෂක අංශ පසුකිරීමෙන් පසු ඔහු තම ජීවිතය බේරා ගැනීම ගැන සතුටු වෙනවා.
නමුත් ගුවන්තොටුපල රේගු නිලධාරීන් පැමින ඔහුව නැවත විශේෂ පරීක්ෂාවකට රැගෙන යනවා. ඔහුගේ සියළුම උපකරණ එකින් එක පරීක්ෂා කරමින් ප්‍රශ්ණ කරනවා. පසුව නැවත ඔහු ගුවන් යානයට මුදාහරිනවා. ඔහුට නිරීක්ෂණය වෙනවා අදාල ගුවන්යානයේ එයාර්මාෂල් වරයා විශේෂ අවධානයකින් ඔහු පසුපසින් ගුවන් යානයට පැමිනෙනවා. ඔහු නැවත ගුවන්තොටුපොලින් පිටවන තුරු අදාල එයාමාෂල් වරයා නිරීක්ෂණය කරමින් සිටින බව ඔහුට පේනවා. අදාල ඉහල පොලිස් නිලධාරීයාගේ බලය ගැන ඔහු පුදුමයට පත්වෙනවා.
මේ සිදුවීමෙන් අවුරුදු 5කට පසුව අදාල PI ප්‍රසිද්ධ මාධ්‍ය වෙත සිදුවීම කියනවා.
තම ආත්මාරක්ෂාව සහ රෑකියාවේ ඇති ජීවිත තර්ජනය වගේම සිදුවූ අත්වැරැදීම් උගන්වන්න මේක කේස් සටඩී එකක් විදිහට ගැනෙනවා.
අපි ඇත්තටම පරීක්ෂණයක් ආරම්භ කරනකොට දන්නෑ ඔහු කුමන තරාතිරමක පුද්ගලයෙක්ද කියලා. ඔහුගේ සම්බන්ධකම් කුමන අය සමග තියෙනවාද අපි දන්නෑ. ඔවුන් කුමන මානසික මට්ටමක අයද අපි දන්නෑ.
ඇත්තටම එම සිදුවීමේදී පොලිස්සිය තම බලය ඉක්මවා අයුතු විදිහට ක්‍රියා කරනවා. නමුත් PI වරයා තීරණය කරනවා තම සේවා දායකයාගේ පෞද්ගලිකත්වය, ආරක්ෂාවත් සහ ආයතනයේ ගෞරවය ආරක්ෂා කිරීමට මෙම සිද්ධිය නීතිය ඉදිරියට ගෙනියෑමෙන් වැලැකී සිටින්න සහ සියළු නම් ගම් ආයතන නාම හෙලි නොකර සිටීමට.

Ammo awada uba.අවුරුද්දකට වඩා දිග බ්‍රේක් එකකට පස්සේ ආපහු ලියන්න හිතුනා. පහුගිය කාලේ ආපහු ජොබ් එකක් කරපු නිසා විවේකය ගොඩක් අඩු වුනා.